Posts

Showing posts from July 24, 2010

රන් බාවිතා කරනහැටි.

Image
HOW TO WORK WITH WINDOWS RUN COMMAND අපට පරිගණකයේ යම් මෘදුකාංගයක් විවෘත කිරීමට අවශ්‍යනම් ඒ සදහා Start > All Programs හරහා ගියවිට ලැබෙන ලැයිස්තුවෙන් අවශ්‍ය මෘදුකාංගය තෝරා ගනි. එය සාමාන්‍ය ක්‍රමයයි. එසේම වින්ඩෝස් එක්ස්පී වලදි නිතර බාවිතා කරණ මෘදුකාංග ස්ටාර්ට් මෙනුව වෙත ගෙන ඒ හරහා ඉක්මනින් විවෘත කිරීමට අවස්ථාව ලබා දී ඇත. නිතරම භාවිතා කරණ මෘදුකාංග ස්ටාට් මෙනුව වෙත ලබාගන්නා ආකාරය මෙම පහුසුකම භාවිතා කිරීම සදහා පෙරපරිදිම අවශ්‍ය මෘදුකාංගය වෙත යන්න. දැන් අදාල මෘදුකාංගය මත මවුසයේ රයිට් ක්ලික් කරන්න. ලැබෙන මෙනුවෙන් Pin to start menu ලෙස සදහන් විධානය මත ක්ලික් කරන්න. එම මෙහොතේම එම මෘදුකාංගය ස්ටාර්ට් මෙනුවේ ඉහලින් තැන්පත් වන ආකාරය දැක ගත හැකිය. මේ ආකාරයට වැඩිපුර භාවිතාවන මෘදුකාංග ස්ටාට් මෙනුව වෙත ගෙන්වා ගත හැක. ඇඩ්ඩ්‍රස් බාර් එකෙන් ගත හැකි ප්‍රයෝජන සාමාන්‍යයෙන් ඇඩ්‍රස්බාර් එක පිහිටා ඇත්තේ එක්ස් ප්ලෝරර් වින්ඩෝවේ ඉහලිනි. එහෙත් එය ටාස්ක් බාර් මත පිහිටුවා ගැනිමෙන් පරිගණකයේ ඇති ඩ්‍රයිවු තුලට මෙන්ම වෙබ් අඩවිවල‍ටද පහසුවෙන් පිවිසිය හැකි. ‍මේ සදහා මුලින්ම ටාස්ක් බාර් එක මත මවුසය තබා රයිට

හෙටලොව පරිගණක

Image
LATEST COMPUTERS ඩෙස්ක්ටොප් පරිගණකය වෙනුවට අළුත් පරිගණකයක් තුනී ඕනෑම අතකට හැවිය හැකි ස්ක්‍රීනය. දැනට තිබෙන නොයෙක් තාක්ෂණ භාවිතයෙන් තැනිය හැකි අළුත් උපාංග ගැන බොහෝ තාක්ෂණ නිර්මාණ කරුවන් කල්පනා කරමින් සිටිති. මෙහි පල වෙන්නේ ඩෙස්ක් ටොප් පරිගණක වෙනුවට භාවිතා කරන්නට පුළුවන් ඉහල මට්ටමේ ගුනාංග සහිත ලැප්ටොප් පරිගණකයක සැලැස්මකි. දැනට බාවිතා වන නොයෙක් තාක්ෂණ උදාහරණයට ගනිමින් මෙම මුලා කෘතිය (prototype) සකසා ඇත්තේ ජාත්‍යන්තර පරිගළණක විද්‍ය සගරාවක් වන "පීසීවර්ලඩ්" (PC World) සගරාව විසිනි . හරියට ඇපල් මැක් බුක් ප්‍රෝ (Mac Book Pro) ලැප්ටොප් පරිගණකයේ තිබෙන්නාක් මෙන් ඉතා තුනී තිරයක් මෙහි තිබේ.එය එච් පී ටච්ස්මාර්ට් පීසී(Touch Smart PC) වල තිබෙන්නාක් වැනි ඇගිල්ලට සංවේදී තිරයකි. ඒවා දෙකක් එකම පරිගණකයක‍ට සම්බන්ද කොට තිබෙන්නේ එකක් මත එකක් තබා වැසිය හැකිසේය. ඩුවල් වෙබ් කෑම්ස් හයි ඩිෆිනීෂන් වීඩියෝ සංවාද පැවැත්විය හැකි, අඩු ආලෝකයක් යටතේ උවත් ක්‍රියාත්මක වන වෙබ් කැමරාවක් මෙහි තිබෙ. හාඩ්වෙයාස් මෙහි තිබෙන්නේ ඉන්ටෙල් මෙබයිල් කෝඅයි සෙවන් ප්‍රොසෙසරයකි. මෙය අලුත්ම ඉන්ටෙල් ප්‍රොසෙසරයක් නිස

වින්ඩෝස් එක්ස් පී වල මරණය

Image
LATEST TECHNICS අලුතින්ම සොයාගන්නා හාඩ්ඩිස්ක් තාක්ෂණයට අනුව එහි වින්ඩෝස් එක්ස් පී දුවවන්නට බැරිය. වින්ඩෝස් එක්ස්පී ආවට පසුව විනඩෝස් විස්ටාද, ඊටත් පසු වින්ඩෝස් සෙවන්ද ආවත් තවමත් වින්ඩෝස් එක්ස පී පාවිච්චි කරණා‍ සෙනග සැලකිය යුතු තරම්ය. වන්ඩෝස් එක්සපී වෙත් රොද පැදසිටින සෙනගට තිබෙන ලොකුම සහනය අලුත්පරිගණක වෙත නොයා පරණ පරිගණක වල ඉදන් අලුත් වැඩ කරන්නට පුලුවන් වීමය. ඒ වින්ඩෝස් එක්ස්පී අදටත් හොදට ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් වන බැවිනි. එහෙත් මේ කාලගුණය වෙනස් වන්නට දැන් කාරණා යෙදී ති‍බේ. එම කාරණය වන්නේ දැනට තිබෙන හාඩ්ඩිස්ක් තාක්ෂණය ඉතා ඉක්මනින් වෙනස් කරන්නට නිශ්පාදකයින් ක්‍රියා කිරීමය. දැන් තිබෙන හාඩ්ඩිස්ක් තාක්ශණය වෙනුවට 2011 වන විට අළුත් හාඩ්ඩිස්ක් තාක්ෂණයක් පැමිනීමට නියමිතවේ. 4K යනු එම තාක්ෂණයයි. දැන් තිබෙන හාඩ්ඩිස්ක් වලට වඩා වැඩිතොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකි සහ වේගයෙන් තොරතුරැ ලබා ගතහැකි නව පන්නයේ හාඩ්ඩිස්ක් තාක්ෂණයකි.එය හදුන්වා දෙන්නට නිශ්පාදකයින් තීන්දුකොට හමාරය. ඒවා ආ විට වින්ඩෝස් එක්ස් පී දුවවන්නට බැරිය. ඩෝස් මෙහෙයුම් පද්දතිය ආ කාලායේ පටන් හාඩ්ඩිස්ක්වල ෆෝමැට්කල හැකි කොටස බයිට

බ්ලූස්නාෆිං

Image
BLUETOOTHE TECHNICS දැන්තිබෙන ජනප්‍රියම තොරතුරු හුවමාරු ක්‍රමය වන්නේ බුලූටූත්ය. ජංගම දුරකතන, පරිගණක යනාදි ඕනෑම උපාංගයක් අතර හඩ පමණක් නොව ලියකිය විලි වීඩියෝ සිංදු හුවමාරු කිරීමටද පුලුවන්වීම මේ ජනප්‍රියත්වයට හේතුවයි. ඒ තොරතු අන්කාටවත් නොපෙනෙන සේ හුවමාරුකරන්නට බුලූටූත්වලට තිබෙන හැකියාව විසින් මේ ජනප්‍රියත්වය ඉස්මතු කරයි. එහෙත් දැන් මෙම කාළගුණය වෙනස්වෙමින් තිබේ. බ්ලූටුත් තාක්ෂණයෙන් හුවමාරු කෙරෙණ තොරතුරු හෙරෙන් ගැනීමට පුලුවන්ක්‍රම දැන්තිබේ. විවධ ක්‍රමයට ලබා ගන්නා මෘදුකාංග මගින් මෙම බ්ලූටූත් උපාංගවල උපයෝගීතාව වැඩිකොට තිබේ. පෙයාරිං (pairing) වර්ගයේ මෘදුකාංග එවැනි එක් වර්ගයකි. දෙදෙනාම කැමති වී බ්ලූටූත් මාර්ගය විවෘතකර ඇතුල් කර ගන්නාවිට එය හොරෙන් බලා සිටින්නෙකුට මෙම පෙයාරිං වර්ගයේ මෘදුකාංගයේ පිහිටෙන් අරදෙදෙනාට හොරා දෙදෙනා ඇතුල් කරගන්නා දෙවල් වල පහසුව ඔහුටද ලබා ගත හැක. එනම් මෙය හොරාකෑමකි. එනම් එයට ඉංගිරිසියෙන් (Unauthorized) තොරතුරු ඩැහැ ගැනීමකි. එය හොරා කෑමක් නිසා ඔහුට හැකර් කරුවායැයි කියනු ලැබේ. ඔහු එයට විශේෂ පරිගණක වැඩසටහන් යොදා ගනී. බ්ලූනාෆිං(Blues Narfing) යැයි එම සොරාකෑමට

ජංගම දුරකතන.

ජංගම දුරකතන වලින් වැඩිහිටි වෙබ් අඩවි පෙරාහැරීම අද වනවිට ලංකාවේ ළමුන් ලග තිබෙන ජංගම දුරකතන හෙලු වැල්වලින් පිරීතිබේ. පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ජංගම දුරකතන හා ළමයින් අතර අලුත් නරක සම්බන්දතාවක් හොයාගෙන තිබේ. ළමයින් කුණුහරප වෙබ් අඩවි වෙත පිවිසෙන්නේත්, ඒවායේ ඇති ඡායාරූප හා වීඩියෝ හුවමාරු කරගන්නේත්,ජංගම දුරකතනය හරහාය යන්න ඒ සොයා ගැනීමයි. පිලියම් වශයෙන් ඒ වගේ කුණුහරුප දේවල් ජංගම දුරකතනවලින් බලන්නත් හුවමාරුව වලකා ලන්නත් සියලු ජංගම දුරකතන සමාගම් එකග කරවාගෙන තිබේ. මුලින්ම කිවයුත්තේ ළමයින්ගේ සුභ සිද්ධිය පෙරටගෙන තැබිය යුතු නිසා පොලීසියත් උසාවියත් කලේ එතිහාසික වැඩක් බවයි. ඒ ගැන තර්ක විතර්ක නැත. දැන් කතා කල යුත්තේ රටේ ප්‍රසිද්ධ අයගේ සමාජ වගකීම ගැනය. මෙතැනට සම්බන්ද වන්නේ ජංගම දුරකතන සමාගම්ය. බොහො ජංගම දුරකථන සමාගම් මෙම කුණුහරුප විකුනා ආදායම් ලබයි. එම නිසා එම ජංගම දුරකතන සමාගම් බොහොම අමාරුවෙන් මේ වැඩේට නම්මවා ගෙනසිටී. මේ රටේ මහජනයාගෙන් දුරකතන ගාස්තු ලෙස ලබාගන්නා මුදල්වලින් ඔවුන් කෝටි ප්‍රකෝටි පතියන් වී සිටී. නමුත් ඔවුන්ට ඇති සමාජවගකීම පෙන්වාදෙන්නට උසාවිවලට සිදුව තිබේ.

ගූගල්ලගෙ සමාජ සිතියම

සමාජ පරිසරය සිතියමකට රිංග වීම(GOOGLE Services) ඕනෑ කෙනෙක් ඉන්නා තැන ජංගම දුරකථන සිතියමක් මගින් පෙන්වන ගූගල් ලැටිටියුඩ් සේවය ඇඹේ. තමන් යම් මෙහොතක ඉන්නා තැන දුර ඉන්නා කෙනෙකුට සිතියමකින් පෙන්වන්නට පුලුවන් සේවයක් දැන් ගූගල් විසින් අරඹා තිබේ. හරියට ඉන්ටනෙට් හරහා තොරතුරක් හොයන්නා මෙන් තම හිතවතෙක් ඉන්නේ කොතනදැයි තමන්ගේ ජංගම දුරකථනය හරහා සොයා බැලිය හැකි මේ අළුත් වැඩසටහන හදුන් වන්නේ ලැටිටියුඩ් (Latitude) කියාය. ගූගල් ලැටිටියුඩ් යනු ජංගම දුරකථන සහ වෙනත් වයර්ලස් උපාංග වෙනුවෙන් ලියා ඇති නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි මෘදුකාංගයකි. දැනටමත් ගූගල් මැප්සේවය ලබාගත හැකි හංගම දුරකතන වලට ලැටිටයුඩ් වෙබ් අඩවියෙන් (www.google.com/latitude/) මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැක. ජංගම දුරකථනයට මතු නොව වයර්ලස් සම්බන්දය ඇති කොම්පියුටරයකට වුවත් මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැක.මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත් උපාංග දෙකක් අතැතිව ඉන්නා දෙදෙනෙකුට දැන් තමන් ඉන්නා තැන පෙන්වන සිතියමක් හුවමාරුකොට දීම මේ සේවයේ මූලික අරමුණයි. ඒ අනුව දරුවා‍ට ජංගම දුරකතනයක් දී තම අතේද ජංගම දුරකතනයක් තබාගෙන සිටින අම්මාට හෝ තාත්තාට දැන් තමන්ගේ

නිකන්දෙන උබුන්ටු ඉල්ලන හැට

Image
HOW TO REQUEST UBUNTU FREE CD අදවනවිට ඕපන් සෝස් වර්ගයේ ඔපරේටින් සිස්ටම් අතර පළමු ස්ථානය හිමිවන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියටයි. මෙම් මෙහෙයුම් පද්ධතිය ඔබට නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්නා ආකාරය ගැන කියල දෙන්නයි හදන්නෙ. මුලින්ම ඔබ www.ubuntu.com/shipit යන වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු එහි ඇති Request a free cd යන ලින්ක් එක ක්ලික් කරන්න, ඉන් පසු ubuntu වෙබ් අඩවියේ lounchpad account එකක් ඕපන් කරන්න. එහිදී ඔබ විසින් ලබාදෙන ඊමේල් ලිපිනයට ඊමෙල් ලිපියක් එවනු ලැබේ. ඉන්පසු ඊමේල් එක විවෘත කර එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න. ඉන්පසුව විවෘතවෙන වෙබ් අඩවියේ දී ඔබට පාස්වර්ඩ් ඇතුලත් කිරීමට අවස්ථාව ලබා දේ. එය ඇතුලත් කල පසු ඊලගට තවත් පිටුවක් විවෘත වේ එහිදී ඔබට ඔබේ උබුන්ටු වර්ගය තේරීමට අවස්තාව ලැබේ, මෙහිදී සර්වර් එඩිෂන් එක සහ ඩෙස්ක්ටෝප් එඩිෂන් එක ලැබේ, එයතේරීමෙන් පසු සීඩී එක ලබා ගැනීමට අවශ්‍ය ලිපිනය ලබාදෙන්න. ඉන්පසු උබුන්ටු සීඩී එක සති තුනකින් පමණ ගෙදරටම ලැබේ. නමුත් මෙතැනදී කිවයුතු ලොකුම කාරණව තමයි ඔබ එය නිකන් දෙනවාය නියා තොග පිටින් ගෙන්වා නොගත යුතු බවයි. එය ලෝක අපරාදයකි. එහෙනම් දැන් ඔයාලට ඕඑස් සල

ඔබේ බ්ලොග් එකට යූටීයුබ් වීඩියෝ ඇතුල් කිරීම.

බ්ලොග් සටහනකට වීඩියෝවක් ඇතුළත් කර ගන්නාසැටි How to add video clips to the our blog sites පහතඋපදෙස්අනුගමනයකිරීමෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක්ඇතුළත් කරගන්නා අයුරු දැනගැනීමට හැකිවේවි. (1) ඔබට අවශ්‍ය ඔබේ පරිගණකයේ ඇති වීඩියෝවක් YouTube මාර්ගයෙන් ඇතුළත් කිරීමට නම්, මුලින්ම ඔබේ වීඩියෝව http://www.youtube.com/ වෙතට Upload කර, අංක 1 යටතේ ඇති පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක් ඇතුළු කර හැකියි. (2) ඔබට අවශ්‍ය YouTube මත දැනටමත් ඇති වීඩි‍යෝවක් ඇතුළත් කිරීමට නම්, අංක 2 යටතේ ඇති පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක් ඇතුළත් කළ හැකියි 1) ඔබේ පරිගණකයේ ඇති වීඩියෝවක්, YouTube මාර්ගයෙන් බ්ලොග් අඩවියේ දර්ශනය කරවීම 1. පළමුව YouTube ( http://www.youtube.com/ ) වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වන්න (Sign-Up) (Sign-Up Link එක YouTube වෙබ් අඩවියේ දකුණු ඉහල කෙළවරේ මුලින්ම දැකගත හැක) 2. ලියාපදිංචි වීමෙන් අනතුරුව හෝ, ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම්, YouTube ( http://www.youtube.com/ ) වෙබ් අඩවියට ඔබගේ username එක හා password එක භාව

අන්තර්ජාලයේ ආරක්ෂාව

ඉන්ටනෙට් ආරක්ෂකයා (How to work Domain Name Systems, and What is error in this DNS) 2010 ජුලි මාසයේ පටන් අන්තර්ජාලයේ ආරක්ෂාවට විශේෂ තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ. එය සම්බන්ද කෙරෙන්නේ අන්තර්ජාල ඩොමේන්නාම පද්ධතිය(DNS, Domain Name System) සමගයි. යම් වෙබ් අඩවියක් කුමන විෂයකට අයත් ද යන්න හෝ කවර රටකට අයත්ද යන්න පෙන්වන්නට, ප්‍රධාන වෙබ් වෙබ් ලිපිනයක යොදන අවසන් පදය හදුන්වන්නේ ඩොමේන් නාමය කියාය. ඩොමේන් නාම පද්ධතිය අන්තර්ජාලයේ වෙබ් ලිපින ඩිරෙක්ටරිය කියා කියන්නටත් පුළුවන. අප ඉල්ලා සිටින ලිපිනය සර්ච් එන්ජිමකදී අකුරින් ලියූ විට, එය පරිගණකයට හදුනාගත හැකි අංක පෙළක් බවට හෙවත් අයි පී (IP Address) ලිපිනයක් බවට පෙරලිය යුතුය.එම පරිවර්ථනය කරන්නේ ඩොමේන්නාම පද්ධතියෙනි. එය ක්‍රියාත්මක කරන්නේ රූට් නේම් සර්වර් කියා හදුන්වන විශේෂ පරිගණක පද්ධති‍යක් මගිනි. මෙසේ ක්‍රියාත්මක වෙන ‍ඩොමේන්නාම පද්ධතිය වසර 1984 දී සැලසුම් කිරීමේදී ඊට ආරක්ෂක උපක්‍රමයක් සම්බන්ද කෙරුනේනැත. එහෙත් වසර 2008 දී ඉන්ටනෙට් ආරක්ෂාව පාලාබද විශේෂඥයෙකු වන ඩෑන් කැමින්ස්කි විසින් ඩොමේන් නේම් පද්ධතියේ ආරක්ෂක දෝශයක් සොයා ගත්තේය. කැමින්

ඩ්‍රීම්ස්පාක්

ඩ්‍රීම්ස්පාක්(WHAT IS MICROSOFT DREAMS PARK) මෙම වැඩසටහන මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නොමිලේ සිසුන්ට මෘදුකාංග ලබාදීමටය. මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් සිසුන්ට නොමිලේ මෘදුකාංග පැකේජ ලබාදෙයි. ඩ්‍රීම්ස්පාක් යනු එවැනි වැඩසටහනකි. ඩ්‍රීම්ස් පාක් ගැන කතාබහ අළුත් වී තිබෙන්නේ දැන් එයට තවත් අළුත් මෘදුකාංග එක් වී තිබෙන නිසාය. 2008 පෙබරවාරි 19 වැනිදා මයික්‍රෝසොෆ්ට් සභාපති බිල්ගේට්ස් ඇමරිකාවේ ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලායේදී දේශළණයක් පැවැත්විය. එහිදී ඔහු පැවසුවේ ලෝකයේ අනාගත පරපුරවෙනුවෙන් නොමිලේ මෘදුකාංග ලබාදිමට වැඩ පිලිවෙලක් මයික්‍රෝසොෆ්ට් සමාගමවිසින් දියත් කොට ඇති බවයි. එදා එය රටවල් කිහිපයකට පමනක් සීමා වුවත් අද ඩ්‍රීම්ස්පාක් වැඩසටහනෙන් මෘදුකාංග ලබාගන්නෝ ලොවපුරාසිටිති. මයික්‍රෝසොෆ්ට් සමාගම ඩ්‍රීම්ස්පාක් තුලින් ලබා දෙන්නේ අළුත් මෘදුකාංග සැලසුම් කිරීමේ සහ දියුනු කිරීමේ ටූල්ස්ය. ඒවා ලබාගත හැක්කේ උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්ටය. ඒ සදහා ඔවුන් මයික්‍රෝසොෆ්ට් සමාගමට සිය තොරතුරු ලබා දියයුතුය. ඩ්‍රීම්ස්පාක් වෙබ් අඩවියට ගොස් ඒවා කල හැකිය. මෙසේ ඩීම්ස්පාක් සමග එක්වන්නට මයික්‍රෝසොෆ්ට් එක්ස්ප්‍රේෂන

ෆේස්බුක් ගැන අළුත්ම වාර්ථාවක

FACEBOOK MOST POPULAR SOCIAL NETWORK IN THE WORLD වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එක මගින් පරිගණකය බාවිතය හැමෝටම පහසු කරන ලදි. එසේම අන්තර්ජාලය මිනිසුන්ට පරමසුන්දර පහසු තැනක් බවට පත් කරන ලද්දේ ගූගල් සර්ච් එනජිම මගින්ය, ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ද වූවන්ට විනෝදාස්වාදය ගෙනදීමේ පුරෝගාමියා වන්නේ යූටීයුබ් වෙබ් අඩවියයි. අන්තර්ජාලය මානුශීය හැගීම් හුවමාරු කරගන්නා තැනක් බවට පත්කලේ ෆේස්බුක් විසිනි. දැන් ෆේස් බුක් මිතුරු හවුලේ වෙබ් අඩවිය වෙත (www.facebook.com) නිතර යන එන සෙනග කෝටි පනහකි. ඒ සියළුදෙනා අන්යෝන්‍ය වශයෙන් මානුශික සබදතා ඇතිකරගෙන සිටිති. මිතුරු මිතුරියෝ වෙත් ඔවුන් තමන්ගේ ෆේස්බුක් ගිනුම විවෘත කරන්නේ හුදෙක් කිසිදු වෙබ් සේවාවක් ලබා ගැනීම සදහා නොවෙයි. තම නෑදෑ හිත මිතුරන් ගැන සොයා බලන්නටය. හරියට නිවැසියන්මෙනි, ගමක ගැමියන් මෙනි. රයක ජාතියක්මෙනි. මෙ ෆේසබුක් මහ ජනයා තනි රටක ජනයායැයි මොහොතකට හිතුවෝතින්, එය ජනගහනය අතින් ලොව තුන්වැනියට විශාලම රටයි. එහෙත් මේ රටට දේශසීමා නැත. එය අන්තර්ජාලය තුල මැවී තිබෙන අපූරු රටකි.මේ ෆේස්බුක් රට බිහි කරනු ලැබුවේ මීට අවුරුදු හයකට කලින් එනම් 2004 අවුරුද්දේ හා

වින්ඩෝස් රෙජිස්ට්‍රිය ඩිෆ්රැග් කරණ හැට

Image
HOW TO USE AUSLOGICS REGISTRY DEFRAGER වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ වේගය අඩුවීම‍ට බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රියේ කොටස් තැන තැන විසිරී තිබීමයි. මෙම විසිරී ඇති කොටස් එක ලගට ගෙන, අනවශ්‍ය දෑ සහ හිඩැස් ඉවත් කල යුතුය. මේ සදහා විශේෂයෙන් සකස් කළ මෘදුකාංග තිබේ. නොමිලේ දෙන සංස්කරණයක් සහිත වූ මෘදුකාංගයක් වනAuslogic Registry Defrag එවැන්නකි. මෙම මෘදුකාංගය www.auslogics.com/en/software/registrydifrag/download යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කල හැක.මේ වැඩසටහන මෙගාබයිට් 2.74 ක් පමණවන නිසා ඉක්මනින්ම ඩවුන්ලෝඩ් වේ. මෙය ඩවුන්ලෝඩ් කරගත් පසු පහත පරිදි ලැබේ. මෙය ඩබල් ක්ලික් කිරීමෙන් අනතුරුව අදාල උපදෙස් පිලිපැදීමෙන් මෘදුකාංගය ස්ථාපනය කරගත හැක. මෙම මෘදුකාංගය විවෘත කිරීමට start > All Programs > Auslogics > Registry Defrag > Auslogics Registry Defrag හරහා ගොස් මෙම වැඩසටහන වෙත පිවිසීමට පුලුවන. Auslogics Registry Defrag වැඩ සටහනට පිවිසුනු පසු මුලින්ම Welcome to Auslogics Registry Defrag මගින් මෘදුකාංගය ගැන හැදින් වීමක් ඉදිරිපත් කෙරේ, ඉදිරියට යාම සදහා එය කියවා බ

වින්ඩෝස් රෙජිස්ට්‍රිය ඩිෆ්රැග් කරණ හැට

Image
HOW TO USE AUSLOGICS REGISTRY DEFRAGER වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ වේගය අඩුවීම‍ට බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රියේ කොටස් තැන තැන විසිරී තිබීමයි. මෙම විසිරී ඇති කොටස් එක ලගට ගෙන, අනවශ්‍ය දෑ සහ හිඩැස් ඉවත් කල යුතුය. මේ සදහා විශේෂයෙන් සකස් කළ මෘදුකාංග තිබේ. නොමිලේ දෙන සංස්කරණයක් සහිත වූ මෘදුකාංගයක් වනAuslogic Registry Defrag එවැන්නකි. මෙම මෘදුකාංගය www.auslogics.com/en/software/registrydifrag/download යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කල හැක.මේ වැඩසටහන මෙගාබයිට් 2.74 ක් පමණවන නිසා ඉක්මනින්ම ඩවුන්ලෝඩ් වේ. මෙය ඩවුන්ලෝඩ් කරගත් පසු පහත පරිදි ලැබේ. මෙය ඩබල් ක්ලික් කිරීමෙන් අනතුරුව අදාල උපදෙස් පිලිපැදීමෙන් මෘදුකාංගය ස්ථාපනය කරගත හැක. මෙම මෘදුකාංගය විවෘත කිරීමට start > All Programs > Auslogics > Registry Defrag > Auslogics Registry Defrag හරහා ගොස් මෙම වැඩසටහන වෙත පිවිසීමට පුලුවන. Auslogics Registry Defrag වැඩ සටහනට පිවිසුනු පසු මුලින්ම Welcome to Auslogics Registry Defrag මගින් මෘදුකාංගය ගැන හැදින් වීමක් ඉදිරිපත් කෙරේ, ඉදිරියට යාම සදහා එය කියවා බ

වේගවත්ව ඩවුන්ලෝඩ් කිරීම.

Image
අන්තර්ජාලය තුලින් විශාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කිරීමට අප නොයෙකුත් මෘදුකාංග භාවිතාකරමින් පැය ගණන් දවස් ගණන් පරිගළණකයත් සමග පොර බදයි, කෙසේ හෝ කර යන්තමින් විශාල ෆයිල් එකක් හෝ දෙකක් ඩවුන්ලෝඩ් කරගනී. අද මම ඔයාලට පෙන්වා දෙන්නට යන්නේ ඔයාලා හොදට දන්න නමුත් එතරම් භාවිතා නොකරන මෘදුකාංගයක් යොදාගෙන විශාල ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඒ මෘදුකාංගය තමයි ඕබිට් ඩවුන්ලෝඩර්ය. ඔබට මෙම මෘදුකාංගය නොමිලේම බාගත කරගතහැක, එනම් මෙම මෘදුකාංගය ඕපන්සෝස් වර්ගයේ මෘදුකාංගයකි. ඔබට මෙම මෘදුකාංගය www.orbitdownloader.com/download.htm යන ලිපිනයෙන් බාගත කර ගත හැක. ඔබ මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත්විට එය මෙම පින්තූරයේ පරිදිවේ සියල්ලටම කලින් මෙම මෘදුකාංගය ස්ථාපනය කරගන්න ආකාරය බලමු. සෙටප් එක රන් කරන්න, ඉන්පසු පියවර අනුගමනය කර ඔබමෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන වින්ඩෝව මෙලෙස වේ. ඉන්ටනෙට් කැෆේ එකක් තුලදී අන්තර්ජාල‍ය භාවිතාකලද, එහි පරිගණකයක් සදහා ඔබිට් ඩවුන්ඩෝලරය ඉන්ස්ටෝල් කිරීමෙන් අඩු කාලයකින් වැඩි ෆයිල්ස් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගත හැක. ඩබිට් ඩවුන්ලෝඩ්ර් මෘදුකාංගය ඉන්ස්ටෝල්

බක්ස් ටු මගින් සතය සතය එකතු කරන හැට

Image
අන්තර්ජාල ඉපයීම් අපි මෙතනින් ‍විස්තර කරන්න යන්නෙ කොහොමද අන්තර්ජාලය හරහා වෙළද‍ දැන්වීම් නරඹා ඒ වෙනුවෙන් මුදල් ලබා ගන්නෙ කිය‍‍ලා. මුලින්ම ඹබ දැන ගතයුතු දෙයක් තියන‍වා. එය කොහොමද මෙ‍ම ආයතන ක්‍රියාත්මක වෙන්නෙ කියා. එය සරලයි..! මෙම ‍‍අ‍ායතනයන් අන්ර්‍‍ජාලය හරහා නොයෙකුත් ව්‍යාපාරිකයින්ගෙන් වෙළඳ දැන්වීම් ලබා ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි ව‍ල සිටින සාමාජිකයින් වන අපට පෙන්වයි. ‍‍‍ෙමසඳහා ‍ඔවුන් එම ව්‍යපාරිකයින්ගෙන් යම් මුදලක් ලබා ඉන් කොටසක් එම වෙළඳ දැන්වීම් නරඹන අපට ගෙවයි. මෙහි එම වෙළඳ ද‍ැන්වීම් ලබාදෙන පුද්ගලයාගේ බල‍ාපොරොත්තුව වන්නේ ඔහුගේ නිශ්පාදනය විකුනා ගැනීම පමනි. ඔවුන් හා අප අතර අතරමැදියා ලෙස සේවා සපයන ආයතන ක්‍රියාකරයි. අපි දැන් එම සේවා සපයන ආයතන වල ලියාපදිංචි වෙන්නෙ කෙසේද බලමු. අන්තර්ජාලයේ මෙසේ සේවා සපයන ආයතන රාශියක් පවතින අතර ඉන් එකක් ගැනවිමසා බලමු. මෙහිදී BUX.TO ආයතනය පිලිබඳව විමසා බලමු. මුලින්ම ඔබ පහත සදහන් ලින්ක් එක මත ක්ලික් කර එම වෙබ් අඩවියට පිවිසෙන්න. http://www.bux.to එම ලින්ක් එක ක්ලික් කලවිට මතුවන වින්ඩෝවෙන්

ක්රෝම් ඕ එස්

ක්රෝම් ඕ එස්(Google Operating System) මෙය ගූගල් සමාගමෙන් එන ඕපන්සෝස් වර්ගයේ පරිගණක මෙහෙයුම් පද්ධතියයි. දැන් තිබෙන් මොන මෙහෙයුම් පදධතියටත් වඩා හොද ගතිගුන ඇති මෙහෙයුම් පද්ධතියක් තැනීම දැන් ගූගල් සමාගම විසින් අරඹා ඇත. මහජනයාට නොමිලේ දෙන ඕපන් සෝස් වර්ගයේ මේ මෙහෙයුම් පද්ධතිය නම්කොට ඇත්තේ ක්රෝම් ඕඑස් කියාය. දැන් ගූගල් සමාගම මහජනයාට නොමිලේ වෙබ් බ්‍රවුසරයක් දී තිබේ. මොසිල්ලා ෆයර් ‍ෆොක්ස් වෙබ් බ්‍රවුසරයටත් වඩා ට් වෙබ් බ්‍රවුසරයටත් වඩා අමුතු අමුතු ගති ලක්ෂණ ක්රෝම් වෙබ් බුවුසරයේ තිබෙන නිසා එය දැන් හොදය ජනප්‍රිය වෙමින් තිබේ. මේ ක්රෝම් වෙබ් බ්‍රවුසරය සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය එක්කොට ක්රෝම් ඕඑස් මෙහෙයුම් පද්ධතිය නිර්මනය කෙරේ.දැනට ලෝකයේ වැඩිම සෙනෙක් පාවිච්චි කරන්නේ මයක්‍රෝසොෆ්ට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. ඒ නිසාම ලෝකයේ තිබෙන මෘදුකාංග වලින් වැඩිහරියක්ම වින්ඩෝස් පාදක ඒවාය.එසේම ලෝකයේ තිබෙන පරිගණක වයිරස් සහ වෙනත් හානිකර වැඩසටහන් වැඩිහරියක්ම වින්‍ඩෝස් සහ වෙනත් මයික්‍රෝසොෆ්ට මෘදූකාංග ඉලක්ක කොට ගෙනයි. ගූගල් සමාගම අළුත් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කරන්නේ මේ වටපිටාව තුල තමන්ගේ කියා

කොහොමද ඔබට අවශ්‍ය විඩියෝ එකක් යූ ටී යුබ් වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්නෙ

අන්තර්ජාලයට වීඩි‍යෝ ක්ලිප් එක් කරන හැටි How to upload vedio to the youtube web site යුටියුබ් එකවුන්ට්ස් සෑදීම වීඩියෝ අප්ලෝඩ් කිරීම ‍ෙප්‍ර‍ාෆයිල් එඩි‍ට් කිරීම යුටීයුබ් වෙබ් ඩෙවියට විඩියෝ ක්ලිප් එක් කරන හැටි ඕනෑම කෙනෙකුට තමන් කැමති වීඩියෝ ක්ලිප් අන්තර්ජාලයට එක් කිරීම‍ටත් ඕනෑම මාතෘකාවකට අදාලව ‍ළවීඩියෝ ක්ලිප් නැරඹීමටත් පුලුවන්කම ලබාදෙන ජනප්‍රියම වෙබ් අඩවිය වන්නේ යුටීයුබ් වෙබ් අඩවියයි. (‍www.youtube.com) දැනට ලෝකයේ වැඩිම දෙනක් එදිනෙදා යන එන මේ වෙබ් අඩවියට ඔබ කැමති වීඩියෝ ක්ලිප් එක් කරගන්නේ කෙසේදැ‍යි යන්න අද මම ඔ‍යා‍ලට කියල දෙන්නයි යන්නේ. යූ ටියුබ් එකවුන්ට් එකක් සදා ගන්නා හැටි You tube වෙබ් පිටුවේ ඉහල දකුනු කෙලවරේන් Sign Up මත ක්ලික් කරන්න. Get Start with your account වෙබ් පි‍ටුවේ ඇති ෆෝම් එක නාවැරදිව පුරවන්න Username: ඔබගේ එකවුන්ට් එකේ නම ලෙසද එකවුන්ට් එකට Log in වන විට User Name එක බාවිතා කල යුතු නම ලෙසද යෙදීම‍ට බලාපොරොත්තු වෙන නම ලබා දෙන්න. Location: Sri Lanka ලෙස තබන්න. උපන් දින‍ය හා ස්ත්‍රි පුරැෂ බ‍ව යොදන්

ඔත්තු බැලීම

විදුලි එලියෙන් ඔත්තු බැලීම (Ciber Crimes) අන්තර්ජාලය හරහා චීන්නු ලෝකෙ ඔත්තු බලන හැටි. ආසියාව ප්‍රධාන කොට ගෙන ලොව තවත් රටවල් 103 ක ඔත්තු බැලීමට රහසිගත පරිගණක ජාලයක් චීනය විසින් ප්‍රයෝජනයට ගනමින් සිටී. කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් පසුගියදා මෙ බව එලිකරන වාර්ථාවක් (Tracking Ghost Net: Investingating a Cyber Espionage Network) ප්‍රසිද්ධ කලේය. ඉන්පෙන්වා තිබෙන්නේ ලොව රටවල් 103 ක රාජ්‍ය රහස් ඇති පරිගණක 1295 කින්, චීන්නු තොරතුරු සොරාගන්නා බවය. එහි අරමුණ රහස් ඔත්තු බැලීමයි. මෙසේ ඔත්තු බැලීම සිදුකරන්නේ චීනයේ සිටයි. එම ඔත්තු සේවය මෙහෙය වන්නේ සැබැවින්ම හැකර් කරුවන්ය. ඔවුන් විසින් අවශ්‍ය පරිගණකවෙත මැල්වෙයා යවනු ලබයි. ඒවා විවිධ රටවල ඇති පරිගණක වල තැන්පත්වේ, එම පරිගණක සියල්ල එම ඔත්තු කරුවන්ගේ ග්‍රහනයට නතුවේ. දැන් එහ තිබෙන සෑම තොරතුරක්ම දැනගන්නට ඔවුන්ට පුලුවන. මෙම පර්යේෂණ වාර්ථාව ඉදිරිපත් කළ කන්ඩායමේ එක් අයකුවන ග්‍රේග් වෝල්ටන් මේ ගැන වැඩිමනක් තොරතුරු කියා තිබුණි. "ටිබෙටයේ පරිගණක ජාලවෙත ඔත්තු කරුවන් ඇතුලුවෙනහැටි අපි ඒ වෙලාවෙම දැක්කා. චීනයේ සිටින මෙම ඔත්තු කරුවන