රන් බාවිතා කරනහැටි.

HOW TO WORK WITH WINDOWS RUN COMMAND

අපට පරිගණකයේ යම් මෘදුකාංගයක් විවෘත කිරීමට අවශ්‍යනම් ඒ සදහා Start > All Programs හරහා ගියවිට ලැබෙන ලැයිස්තුවෙන් අවශ්‍ය මෘදුකාංගය තෝරා ගනි. එය සාමාන්‍ය ක්‍රමයයි. එසේම වින්ඩෝස් එක්ස්පී වලදි නිතර බාවිතා කරණ මෘදුකාංග ස්ටාර්ට් මෙනුව වෙත ගෙන ඒ හරහා ඉක්මනින් විවෘත කිරීමට අවස්ථාව ලබා දී ඇත.

නිතරම භාවිතා කරණ මෘදුකාංග ස්ටාට් මෙනුව වෙත ලබාගන්නා ආකාරය

මෙම පහුසුකම භාවිතා කිරීම සදහා පෙරපරිදිම අවශ්‍ය මෘදුකාංගය වෙත යන්න. දැන් අදාල මෘදුකාංගය මත මවුසයේ රයිට් ක්ලික් කරන්න. ලැබෙන මෙනුවෙන් Pin to start menu ලෙස සදහන් විධානය මත ක්ලික් කරන්න. එම මෙහොතේම එම මෘදුකාංගය ස්ටාර්ට් මෙනුවේ ඉහලින් තැන්පත් වන ආකාරය දැක ගත හැකිය. මේ ආකාරයට වැඩිපුර භාවිතාවන මෘදුකාංග ස්ටාට් මෙනුව වෙත ගෙන්වා ගත හැක.

ඇඩ්ඩ්‍රස් බාර් එකෙන් ගත හැකි ප්‍රයෝජන

සාමාන්‍යයෙන් ඇඩ්‍රස්බාර් එක පිහිටා ඇත්තේ එක්ස් ප්ලෝරර් වින්ඩෝවේ ඉහලිනි. එහෙත් එය ටාස්ක් බාර් මත පිහිටුවා ගැනිමෙන් පරිගණකයේ ඇති ඩ්‍රයිවු තුලට මෙන්ම වෙබ් අඩවිවල‍ටද පහසුවෙන් පිවිසිය හැකි. ‍මේ සදහා මුලින්ම ටාස්ක් බාර් එක මත මවුසය තබා රයිට් ක්ලික් කරන්න. එවිට ලැබෙන පොප් අප් මෙනුවෙන් Toolbars > Address ක්ලික් කරන්න. එවිට ඇඩ්ඩ්‍රස් බාර් එක ටාස්ක් බාර් එකමත තැන්පත් වේ. එහි ඉදිරියෙන් ඇති තිත් සලකුණ සහිත දාරය මවුසය ආදාරයෙන් එහා මෙහා කර එහ ටයිප් කිරීමට හැකි ලෙස සකසා ගන්න. දැන් මෙම ඇඩ්‍රස් බාර් එක ආදාරයෙන් හාඩ් ඩිස්ක් වෙත පිවිසීමට පාත් එක ටයිප් කරන්න. ඒ සදහා ඩ්‍රයිවු ලෙටර් එක ටයිප් කර : ලකුණ ටයිප් කර එන්ටර් කරන්න. එමෙන්ම වෙබ් අඩවි වෙත පිවිසීම සදහා මෙම ඇඩ්‍රස් බාර් එක මත වෙබ් ලිපිනය ටයිප් කර එන්ටර් කරන්න. එවිට වෙබ් බ්‍රවුසරය තුලින් සයිට් ඕපන් වේ. එසේම ‍මෙම ක්‍රමය හරහා පරිගණකයේ රන් කමාන්ඩ් එකද බාවිතා කල හැක. එම රන් කමාන්ඩ් කිහිපයක් මෙහසේය. Command Pormpt(cmd), Calculator(calc), Character map(charmap), Clipboaed Viewr(clipbrd), control pannel(control), Display prperties(desktop), Folder Properties(folder), Fonts Folder(fonts), Microsoft Excel(excel), Word pad(write), Notepad(notepad), MS Word(winword), Adobe photoshop(photoshop), Mouse properties(main.cpl), windows magnifier(magnify) Shut down(shutdown)..

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"