Posts

Showing posts from April 24, 2012

කළුකුමකුට-සමාන-ඩයිනොසෝරයෙක්-ආජෙන්ටිනාවෙන්-හමුවෙයි-මේ-කුරුලූ-පරපුරේ-ආදීම

Image
අඩි අටක් උසැති, පියෑඹිය නොහැකි, මේ කුරුලූ විශේෂය වත්මන් කුරුල්ලන්ගේ ආදීමයා ලෙස සැලකිය හැකි යැයි විද්‍යාඥයන්ගේ අදහසයි. මෙසේ හමු වී ඇත්තේ වසර මිලියන 70ක් පැරණි පොසිලයක්. කළුකුමකුට සමාන මේ පොසිලය සමග බිත්තර පොකුරකුත් හමු වී තියෙනවා. ඒ නිසයි මේ සතා කුරුලූ මවක් හෙවත් කිරිල්ලියක් ලෙස හඳුනා ගෙන ඇත්තේ.  මේ සොයා ගැනීම ඩයිනොසෝරයන් කුරුල්ලන් බවට පත් වූයේ කෙසේදැයි තේරුම් ගන්න එක්තරා ආකාරයකින් උපකාර වේවි කියලයි විද්‍යාඥයන් කියන්නෙ. මෙම ඩයිනොසෝරයා හඳුනාගෙන ඇත්තේ බොනපාටෙන්කියුස් අල්ටිමස් Bonapartenykus ultimus කියායි.   සොයා ගත් ඩයිනොසෝර පොසිලය අනුව ඒ කුරුල්ලා කෙබඳු විය හැකිදැයි සිතා කළ චිත‍්‍රයක්.   වසර මිලියන 70ක් පැරණි වෙතැයි සොයා ගෙන ඇති ඩයිනොසෝර බිත්තර පොසිලයක්. මෙම අස්ථි කොටස් පර්යේෂණයට ලක් කරන පාෂාණිධාතු විද්‍යාඥ ෆ්නැන්ඩු නොවාස් කියන්නේ අලූත් ම පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් ‘වත්මන් ඩයිනොසෝරයන්’ වන කුරුල්ලන්ට ඇති නෑදෑකම පහදා ගන්නට හැකි වන බවයි. ”කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ අත් දඬු දික්වෙලා තියෙනවා. ඒ වගේ ම වේගයෙන් දුවන්න හැකි වන විදියට පාද විශේෂයෙන් සකස් වී තියෙනවා. ඔවුන්ගේ අත් මුලින් යොදා ගෙන ඇත්

වින්ඩෝස්-8-ඇප්ස්-ස්ටෝර්ස්-වඩාත්-පුලුල්වේ

Image
මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා තම "වින්ඩෝස් ස්ටෝර්" වඩාත් පුලුල් කරන්නට තීර්නය කර ඇති බව.දැනට රටවල් පහක පමනක් පිහිටවා ඇති තම ස්ටෝස් ( France, Germany, India, Japan ,  US)    වලට අමතරව ස්ථාන 38 රටවල් 28 පුරා (Australia, Austria, Belgium, Brazil, Canada, Chile, China, Columbia, Czech Republic, Denmark, Finland, Greece, Hong Kong, Hungary, Ireland, Israel, Italy, Korea, Luxembourg, Mexico, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia, Singapore, South Africa, Spain, Sweden, Switzerland, Taiwan,United Kingdom) දක්වා පුලුල් කරමින් වින්ඩෝස් 8 ඇප්ලිකේශනයන් සංවර්ධනය කිරීමේ අවස්ථාව වඩාත් පුලුල් කරන්නට ඔවුන් තීර්නය කර ඇති බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ දැනට වින්ඩෝස්8 සහය වන භාෂාවලට තවත් නව භාෂා  හතක් එක් කරන්නට තීර්නය කර ඇති බවටත් ඒ අනූව වින්ඩෝස් 8 සහය දක්වන භාෂා 109ක් දක්වා වැඩි වනු ඇති බවත්ය. Source : Me

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි

වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල් ප්‍රමාණය ඔහුට සෑහීමට පත්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ. සාමාන්‍යයෙන් ඉහල ශ්‍රේණිගත කිරීම් කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක කොන්ත්‍රාත් කාලය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදෙනු ලැබුවත් ආබාධ හේතුවෙන් මාලිංග දැනට සහභාගී වන්නේ එක්දින තරඟ හා සීමිත පන්දු තරඟාවලි සඳහා පමණක් වන බැවින් එයින් ඔහුට හිමිවන්නේ 40% ක ප්‍රමාණයකි. නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලිග් තර්න්ගාවලිය අතරතුරදී මාලිංග උපයන මුදල ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්මවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ පළමු ක්‍රීඩකයා ලෙස මාලිංග වාර්තා වන අතර දැනට ඔහු විසින් අත්සන් කොට ඇති 2011/2012 ගිවිසුම මැයි මස 31 වනදායින් අවසන් වීමට නියමිතයි. අයි.පි.එල් තරඟාවලිය ඇතුලත ලසිත් මාලිංග ආබාධයට ලක්වූ අතර නැවත දිවයිනට පැමිණ සිටින ඔහු ඉදිරි සති

ගායක සතිෂ් පෙරේරා මෙලොව හැර යයි

Image
ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට එතුමා 43 වියේ පසුවිය  සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ. සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" "එගොඩහ යන්නෝ" ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ. අවමංගල කටයුතු පිලිබඳ විස්තර පසුව දැනුම්දෙන බව පවුලේ උදවිය සඳහන් කර ඇත. Source: Me  

පෙට්ටියට දැමීම හෙවත් Dropbox ...

Image
පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි  Dropbox .  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව   Media-fire ,  Rapid-share  වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් . වෙනත් ඒවාට වඩා Upload-Download වේගය මෙහි ඉහළ මට්මක පවතින බව ද කිව යුතුයි. 2 GB දක්වා නොමිලයේ ධාරිතා අවකාශයක් ලබා දෙන අතර මෙම වැඩසටහන වෙනත් අය වෙත හදුන්වා දීම මඟින් එම අවකාශය 16 GB දක්වා ඉහල දමාගැනීමටද හැකියාව ඇත.                     * මුලින්ම නොමිලයේ Dropbox ගිණුමක් ආරම්භ කළ යුතුය-  Create an Account                     * පහසුව සඳහා පරිගණකයේ ස්ථාපනය කළයුතු වැඩසටහන් ලබාගන්න-  Click Here Dropbox Local Folder Interface  Dropbox Online Interface Source: Here