ෆේස්බුක් ගැන අළුත්ම වාර්ථාවක

FACEBOOK MOST POPULAR SOCIAL NETWORK IN THE WORLD

වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එක මගින් පරිගණකය බාවිතය හැමෝටම පහසු කරන ලදි. එසේම අන්තර්ජාලය මිනිසුන්ට පරමසුන්දර පහසු තැනක් බවට පත් කරන ලද්දේ ගූගල් සර්ච් එනජිම මගින්ය, ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ද වූවන්ට විනෝදාස්වාදය ගෙනදීමේ පුරෝගාමියා වන්නේ යූටීයුබ් වෙබ් අඩවියයි. අන්තර්ජාලය මානුශීය හැගීම් හුවමාරු කරගන්නා තැනක් බවට පත්කලේ ෆේස්බුක් විසිනි.

දැන් ෆේස් බුක් මිතුරු හවුලේ වෙබ් අඩවිය වෙත (www.facebook.com) නිතර යන එන සෙනග කෝටි පනහකි. ඒ සියළුදෙනා අන්යෝන්‍ය වශයෙන් මානුශික සබදතා ඇතිකරගෙන සිටිති. මිතුරු මිතුරියෝ වෙත් ඔවුන් තමන්ගේ ෆේස්බුක් ගිනුම විවෘත කරන්නේ හුදෙක් කිසිදු වෙබ් සේවාවක් ලබා ගැනීම සදහා නොවෙයි. තම නෑදෑ හිත මිතුරන් ගැන සොයා බලන්නටය. හරියට නිවැසියන්මෙනි, ගමක ගැමියන් මෙනි. රයක ජාතියක්මෙනි.

මෙ ෆේසබුක් මහ ජනයා තනි රටක ජනයායැයි මොහොතකට හිතුවෝතින්, එය ජනගහනය අතින් ලොව තුන්වැනියට විශාලම රටයි. එහෙත් මේ රටට දේශසීමා නැත. එය අන්තර්ජාලය තුල මැවී තිබෙන අපූරු රටකි.මේ ෆේස්බුක් රට බිහි කරනු ලැබුවේ මීට අවුරුදු හයකට කලින් එනම් 2004 අවුරුද්දේ හාවඩ් විශ්ව විද්‍යාල සිසුවකු වූ මාර්ක් ෂුකර් බර්ග් විසිනි. සිය විශ්ව විද්‍යාල නේවාසිකාගාර කාමරයට වී කල්පනා කරමින් සිටි ඔහුට විශ්ව විද්‍යාලයේ පරිගණක ජාලය සහ ඉන්ටනෙට් හරහා මිතුරු මතුරියන් හමුවියහැකි ක්‍රමයක් ගැන සිහි උනේය. එය ක්‍රියාවට නගමින් හාවඩ් විශ්ව විද්‍යාල ඩිජිටල් මිතුරු හවුල ඔහු විසින් නිර්මාණය කරන ලදි. එතැන් පටන් ගෙවීගිය පැය විසිහතරක කාලය තුල හාවඩ් සිසු සිසුවියෝ 1200 ක් ඊට සම්බන්ද විය. 2005 වසර වන විට සෑම සිසුන් සියදෙනෙක්ගෙන් 85 දෙනෙක්ම ෆේස්බුක් සාමාජිකයින් වී සිටියේය. එදා පටන් ගෙවීගිය කෙටිකාලයේ දී ෆේස්බුක් දැවැන්ත ව්‍යාපාරයක් බවට ලියලා වැඩුනි.

අන්තර්ජාලයෙන් තොරතුරු සොයා ගන්නට සර්ච් එන්ජින් වෙබ් අඩවියක් වෙත යායුතුමය. එනිසා බොහෝ දෙනාගේ කල්පනාව වන්නේ ලොව වැඩිම සෙනගක් පාවිච්චි කරන ගූගල් සරච් එනජිම තරම් විශාලව වැ‍ඩෙන්නට මොනම වෙබ් අඩවියකටවත් පහසුනැත කියාය. එහෙත් ෆේස්බුක් විසින් ඒ මතයද පරාජයට පත්කොට තිබේ. අන්තර්ජාලයට පිවිවසන්නන්ගේ ගණන හිලවු බලන, බ්‍රිතාන්‍යයේ හිට්වයිස් ආයතනය විසින් නිකුත් කල අලුත්ම වාර්තාවේ පෙන්වාදී තිබෙන්නේ ෆේස්බුක් වෙත ආ සෙනග ගූගල් වෙත ආ සෙනග පරයා ගිය බවයි.

මේ සෙනගෙන් වැඩි දෙනෙක් කරුණ කරුණියෝය. සියයට 28 දෙනා අවුරුදු 34 ට වැඩි අයයි. ඒ කාණ්ඩයේ සෙනග වැඩිවෙමින් සිටිති. එනම් මිලදී ගැනීමේ හැකියාව වැඩි සෙනග වැඩිවෙමින් තිබේ. මේ සෙනග ෆේස්බුක් වෙත ආදායම් ගෙන එන අයයි. අපගේ රුචි අරුචිකම් ඇතුලු ෆේස්බුක් වෙත සෑම තොරතුරක්ම ෆේස් බුක් වෙබ් අඩවියේ ධනයයි. ඔවුහු මේ තොරතුරු ඉතා සූක්ෂව මෙහෙයවා දැවැන්ත වෙළදපොළක් තනා තිබේ. වෙබ් සේවා පිලිබදව සමීක්ෂණ පවත්වන කොම්ස්කෝර් ආයතනය පෙන්වා තිබෙන විදියට මේ අවුරුද්දේ (2010) මුල් මාස තුන ඇතුලතදී පමණක් ෆේස් බුක් වෙබ් අඩවිය වෙත යන්නන්ට පෙන්වා ඇති බැනර් මාදිලියේ වෙළද දැන්වීම් ගණන කෝටි 17600ක් හෙවත් බිලියන 176කි. මේවායින් ෆේස්බුක් වේබ් අඩවිය උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් කෝටි සියයකට හෙවත් බිලියනයකට වඩා වැඩිය.

ෆේස්බුක් වෙත මුදල් ගෙන එන ක්‍රමය සැකසුයේ එහි ප්‍රධාන මෙහෙයුම් නිලදාරිනිය වන ෂෙරිල් සැන්ඩ් බර්ග් විසිනි. ඇය ගූගල් සමාගමේ වෙළද දැන්වීම් රටාව නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමී සේවාවක් කළාය. ඇය 2008 දී ගූගල් අතහැර ෆෙස්බුක් වෙත ආවාය.

ගූගල් සමාගම වෙළද දැන්වීම් සදහා ඉගි ලබාගන්නේ ගූගල් සර්ච් එන්ජිමෙන් සහ ජීමේල් ගිණුම් වලිනි. සර්ච් කරන්නට යොදන වචන, යනාදියට ගැලපෙනසේ එම සර්ච් රිසාල්ට්ස් වෙත හෝ ජීමේල් වෙත දැන් වීම් යැවීම එම ක්‍රමයයි. මෙයට කියන්නේ ඉලක්කගත දැන්වීම්කරණය(Targetted advertising) කියාය. එහෙත් ෆේස්බුක් ක්‍රමය මෙයට වෙනස්ය.

ෆේස්බුක් නොයෙක් උපක්‍රම වලින් අපගේ පමනක් නොව, මිතුරු මිතුරියන්ගේ රුචි අරුචිකම්ගැන තොරතුරු උකහාගනී.නිදසුනක් ලෙස ෆේස්බුක් සමග ඇති ලයික්(like) විශේෂාංගය ගනිමු එම බොත්තම ඔබා අපි කැමති දේ තෝරන්නට පුළුවන. ෆේස්බුක් සමග සිටින අපගේ මිතුරන් තුන්දෙනෙක් යම් බීම වර්ගයක නමක් "ලයික්" හරහා ලබා දුනහොත් අපගේ ෆේස්බුක් ගිණුමට එම බීම වර්ගය ගැන වෙළද දැන්වීමක් එයි. ඒ නිකම්ම නොවේ. අපගේ අහවල් අහවල් යාළුවන් තුන්දෙනා එය‍ට කැමති බවත් කියමිනි. යහළුවන් කැමිත දේට මමත් කැමති වී බැලුවොත් හොදය කියන සාමාන්‍ය සමාජ පෙළඹවීම මෙතැනදීත් යමෙකුට දැනේ. ඉතින් ඔයකියන බීම වර්ගය බී බලන්නට හිතේ. මෙය බලපෑම් දැන්වීම් කරණය(Pressure advertising) ලෙස හදුන්වයි.

වෙළද දැන්වීමක් ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි දැන්වීම් කරුවා මුදල්ලබා දෙන්නේ. ෆේසබුක් ක්‍රමයේදී යම් දැන්වීමක් යම් කෙනෙකු වෙත යන්නේ හෘදයාංග බවකින් යුක්තවයි. එනම් යහළු මිත්‍ර පොදියකගේ බලපෑම් මැද්දේය. එය බොහෝවිට අපතේ නොයන වෑයමකි.

ෆේස්බුක් වෙබ් අඩවියට විටින්විට එකතු කෙරෙන සෑම විශේෂාංගයකම බල්පොරොත්තුව මහජනයාගේ රුචි අරුචි නම් ගැන සැබෑ තොඑතුරු ලබා ගැනීමයි. සෑම වෙලාවකම සියළු දෙනාට විවෘතව කතා කිරීමට වේදිකාවක් ෆෙස්බුක් විසින් හදාදෙයි. එහෙත් විවෘතව කතා තරන වේදිකාව ඉදිරියට ගෙනයන සෙනග කවුරුන්ද කියා තෝරා දේන්නේ ෆෙස්බුක් නොවේ. එය තෝරා ගත යුත්තේ අපමය. මේ සෙනග අන් අයට නොපෙනෙන්නට ෆේස්බුක් විසින් අපට ආරක්ෂක පවුරක් සකසා දෙයි. ඒ සෙකියුරිටි සෙට්ටිංස් හරහාය. ෆේස්බුක් ජනප්‍රියත්වයට බලපාන් අපූර්වත්වය රයයි.

දැන් අපි ෆේස්බුක් රටේදී කතා කරමින් සිටින්නෙමු. ඒ කතා සම්පුර්ණයෙන්ම දන්නේ අපි අපිමය.එහෙත් ඒ කතාවලින් මැවෙන සම්පූර්ණ ලෝකයට අවශ්‍ය දේ ෆේස්බුක් දනී. දැන් ඒවාට ගැලපෙන සේය.අපට ෆේසබුක් හරහා වෙළද දැන්වීම් ලැබෙනුයේ

මේ වෙළද දැන්වීම් වලින් ලැබෙන ආදායාමන්, 26 වැනි වියෙහි පසුවන මාර්ක් ෂුකර් බර්ග් ‍ඩොලර් බිලියන පතියෙක්ව සිටී. එහෙත් ඇමරිකාවේ පාලෝ අල්ටෝහි ෆෙස්බුක් මූලස්ථානයේ සහ ලොවපුරා රටවල වැඩකරන 1400 ක් පමණ වන සේවකයින් සමග ඔවුන් හරිහරයට වැඩ කරයි. ෆේස්බුක් මූලස්ථානයත් අපූරුය. එහි නාමපුවරුක් නැත. කාර්යාලය තුල කුඩා කුඩා කාමර නැත. තනි ශාලාවකි. සියලුදෙනා කාටත් පෙනෙන සේ සෑම දෙයම කරයි." අපේ කම්පැනියේ අරමුණ තමයි ලෝකය වඩාත් විවෘත තැනක් කරනවා වගේම ලෝකයා එකිනෙකාට සම්බන්ද කිරීමයි. ඉතින් අපි කාමරවල ඉදලා කොහොමද? " යැයි ෆේස්බුක් ප්‍රධානි මාක් ෂුකර් බර්ග් කියයි.

මේ කාර්යාලයේ සිට මෙහෙයවන කටයුතු ගණනාවකි. ෆේසබුක් ජාලයට සම්බන්දව රැස්වන තොරතුරු කළමණාකරණය ප්‍රධාන කටයුත්තයි. සෑම මසකම ෆේස්බුක් වෙත ටෙක්ස්ට් ලයින්ස් බිලියන 25 ක් එක් වෙයි. සතියකට එක්වෙන අළුත් ඉමෙජස් ගණන බිලියනයකි. සෑම මසකම එක්වෙන වීඩියෝ ක්ලිප්ස් ගණන මිලියන 20 කි. මෙ තොරතුරු සම්භාරය වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කළහැකි තොරතුරු සමුදායක් බවට පත් කරන්නේ පාලෝ අල්ටෝහි පිහිටි මේ ප්‍රදාන කාර්යාලයේදීය.

ෆේස් බුක් වෙබ් අඩවිය වෙත එන සෙනගට ලැබෙන්නේ එක තැන පල්වෙන වෙබ් අඩවියක් නොවේ. ෆෙස්බුක් යනු දින පතා නොයෙක් විශේෂාංග එක් කෙරෙණ වෙබ් අඩවියකි. ඒ සියල්ලෙන් මහජන සිත්සතන් සනසාලීමට මේ කාර්ය මණඩලය වෙහෙසෙයි. භාශා 70කින්ම මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කිරීමම සුලුපටු නොවේ. අනෙක් වෙබ් අඩවිවල දක්නට නොලැබෙන විශේෂ ගුණාංගයක්ද ෆෙස්බුක් සතුව ඇත. එනම් නිතර නිතර ලොග් වෙන විට ලොග්වීමට ගන්නා කාලය එන්න එන්නම අඩුකිරීමෙ තාක්ෂණයයි. ඒ නිසා ෆෙස්බුක් යාවජීව සාමාජිකයන්ට අන් කවර වෙබ් අඩවියකටත් වඩා බක්මනින් ෆෙස්බුක් වෙත පිවිසිය හැකිය.

යම් වෙබ් අඩවියක් වෙත මහජනයාගේ හිත ඇදී යන්නේ එහි තිබෙන විශේෂාංග නිසාම පමනක් නොවේ. එහි මොස්තරයද ඉතා වටිනේය. ෆෙස්බුක් මෝස්තරය එහි විශේෂාංග ඉදිරිපත් කෙරෙණ පිලිවෙල සහ එහි වර්ණ භවිතයද ලොව ඕනෑම සංස්කෘතියක් අත්විදින්නෙකුගේ සිතට දැනෙන්නක් කාවදින්නක් බව පොදුවේ පිල්ගැනේ. අනෙක් අතට ලෝකයේ ඕනෑ එපා කම්ගැන බලා එයට විශේෂාංග එක්කෙරෙන බව ෆෙස්බුක් හි ප්‍රධාන ඉජිනේරු ජෝෂ් වයින්මාන් කියයි. හිත හිතුරුකම් හදාගන්නට ඉඩක් දීම මිස වෙන කිසිවක් නොකොටත් ලෝකයාගෙන් කොටි පනහකගේ සිත් අල්ලාගෙන සිටීමේ වාසනා ගුණයේ සාරය තිබෙන්නේ මෙ එකම තාලයකට නමුත් නිතරම වෙනස් කරණ ෆෙස්බුක් වෙබ් අඩවි සැලසුමේය.

Comments

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"