වේගවත්ව ඩවුන්ලෝඩ් කිරීම.

අන්තර්ජාලය තුලින් විශාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කිරීමට අප නොයෙකුත් මෘදුකාංග භාවිතාකරමින් පැය ගණන් දවස් ගණන් පරිගළණකයත් සමග පොර බදයි, කෙසේ හෝ කර යන්තමින් විශාල ෆයිල් එකක් හෝ දෙකක් ඩවුන්ලෝඩ් කරගනී. අද මම ඔයාලට පෙන්වා දෙන්නට යන්නේ ඔයාලා හොදට දන්න නමුත් එතරම් භාවිතා නොකරන මෘදුකාංගයක් යොදාගෙන විශාල ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඒ මෘදුකාංගය තමයි ඕබිට් ඩවුන්ලෝඩර්ය. ඔබට මෙම මෘදුකාංගය නොමිලේම බාගත කරගතහැක, එනම් මෙම මෘදුකාංගය ඕපන්සෝස් වර්ගයේ මෘදුකාංගයකි. ඔබට මෙම මෘදුකාංගය www.orbitdownloader.com/download.htm යන ලිපිනයෙන් බාගත කර ගත හැක.

ඔබ මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත්විට එය මෙම පින්තූරයේ පරිදිවේ

orbit

සියල්ලටම කලින් මෙම මෘදුකාංගය ස්ථාපනය කරගන්න ආකාරය බලමු. සෙටප් එක රන් කරන්න, ඉන්පසු පියවර අනුගමනය කර

install rbit

ඔබමෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන වින්ඩෝව මෙලෙස වේ.

orbit

ඉන්ටනෙට් කැෆේ එකක් තුලදී අන්තර්ජාල‍ය භාවිතාකලද, එහි පරිගණකයක් සදහා ඔබිට් ඩවුන්ඩෝලරය ඉන්ස්ටෝල් කිරීමෙන් අඩු කාලයකින් වැඩි ෆයිල්ස් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගත හැක.

ඩබිට් ඩවුන්ලෝඩ්ර් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව නිතැතින්ම එය විවෘතවේ. එසේ නැත්නම් Start > All Programs > Orbit > Orbit මගින් විවෘත කරගත හැක. මෙම වැඩ සටහනට පිවිසුනු පසු ටාස්ක්බාර් එකෙහි දකුණු පස සිස්ටම් ට්‍රේ එක මත පහලට හැරවුන ඊ තලයක් සහිත වෘත්තයක් ලෙස එහි අයිකනය දැක ගත හැක.

සෙටිංග්ස් සැකසීම

ඔබට වැඩසටහනට අදාල සෙට්ටිංස් සකස්කර ගැනීමට සිස්ටම් ට්‍රේ එක තුල්න් ඔබිට් අයිකනය කළ යුතුය. එවිට එම සෙට්ටිංග්ස් සැකසිය හැකි වින්ඩෝව විවෘත වේ.

වෙබ් ලිපිනයක් දී ෆයිල් ඩවුන්ලෝඩ් කිරීම

ඩවුන්ලෝඩ්කරගැනීමට අවශ්‍ය ෆයිල් එකෙහි ලිපිනය දන්නේනම්, අදාල වෙබ් අඩවියට පිවිසීමෙන් තොරව වුවද, එම ෆයිල්එක ඩවුන්ලෝඩ්කරගත හැක.මේ සදහා ෆයිල් මෙනු එක තුලින් Enter new url to download.. යන්න ක්ලික් කරන්න.

එවිට Create New download ඩයලොග් එක විවෘතවේ. එහි ඇති යූආර්එල් ලෙස සදහන් ස්ථානයේ වෙබ් ලිපිනය සදහන් කරන්න. මෙම Save to ස්ථානය තුලින් ෆයිල් එක ඩවුන්ලෝඩ් විය යුත්තේ පරිගණකයේ කුමණ ස්ථානයේ ද යන්න තේරිය යුතුය. ඒ සදහා බ්‍රවුස් බට්ටන් එක ක්ලික් කරන්න. එවිට Brows for Folder dialog box එක විවෘතවේ. ඒ තුලින් ෆයිල් සේව් විය යුතු ස්ථානය පෙන්විය යුතුය. සාමාන්‍යයෙන් ඔබිට් තුලින් සේව් වන්නේ සී ඩ්‍රයිව් එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක තුලය. ෆයිල් එක සේව් වන තැන තෝරා දීමෙන් පසු Download Button එක ක්ලික් කරන්න ඉන්පසු ඩවුන්ලෝඩ් වීම ආරම්බ වේ. මේ ආකාරයෙන් ෆයිල් රකක් ඩවුන්ලෝඩ් වීමේදී එහි ප්‍රගතිය ඔබිට් වින්ඩෝවේ පහළ කොටසින් දැක ගත හැකීය. එමෙන්ම වින්ඩෝවෙහි ඉහළ ෆයිල් එකෙහි නම දැක්වෙන ස්ථානයේ ඇති Percent මගින් ඩවුන්ලෝඩ් වීමේ ප්‍රගතිය ප්‍රතිශතයක් වශයෙන් දැක ගත හැකිය.

අතරමගදී ඇනහිටි හිට් ඩවුන්ලෝඩ් කිරීමක් නැවත ආරම්භ කිරීම

ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමේදී විදුලි බලයේ සිදුවන දෝශයක් නිසා හෝ පරිගණකයේ දෝශයක් නිසා ෆයිල් එකෙහි කොටසක් ඩවුන්ලෝඩ් කරතිබියදී ඩවුන්ලෝඩ්වීම ඇනහිටිය හැක. එතැන්සිට නැවත ඇරඹීම සදහා වන පහසු කම ඔඉිට් තුල ගබා දී ඇත. සාමාන්‍යයෙන් ඔබිට් මගින් ෆයිල් එකක කොටසක් ඩවුන්ලෝඩ් වී ඇත් නම් එය ".ob!" එක්ස්ටෙන්ෂන් එකයටතේ පරිගණකයේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරය තුල තැන්පත් වී තිබේ. එය නරවතත් විවෘත කර ගැනීම සදහා ෆයිල් මෙනු එක තුලින් Import Broken downloads ක්ලික් කරන්න.එවිට Open dialog box එකක් විවෘත වේ. ඒ තුලින් කලින් අවස්තාවේ භාගයක් ඩවුනලෝඩ් වී නතර වී ඇති ෆයිල් එක තෝරා දී ඕපන් බට්ටන් එක ක්ලික් කරන්න. එවිට ෆයිල් එක් ඔබිට් වින්ඩෝව වෙත ලැබේවි.

ඩවුන්ලෝඩ් වීම තාවකාලිකව නවතා දැමීම

ඔබිට් තුලින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙමින් තිබියදී එය තාවකාලිකව නතර කර පසු වේලාවක එය නැවත ඩවුන්ලෝඩ් ට ද පුලුවන. මේ සදහා ෆයිල් එක ඩවුන් ලෝඩ් වන අතර වාරයේදී ටූල් බාර් එකේ පෝස් බට්ටන් එක ඔබන්න.

තාවකාලිකව නතරකල ඩවුන්ලෝඩ් කිරීමක් නැවත ආරම්බ කිරීම

ඩවුන්ලෝඩ්වීම තාවකාලිකව නතර තර ඇති විට නැවත ආරම්බ කිරීමට ටූල් බාර් එකේ ස්ටාර්ට් ඉට්ටන් එක ඔබන්න.

ඩව්න්ලෝඩ් කිරීමක් ලිස්ට් එකේන ඉවත් කිරීම

ඩව්න්ලෝඩ් කර ඇති ෆයිල් එකක් හෝ ඩවුන්ලෝඩ් වෙමින් පවතින ෆයිල් එකක් මෙන්ම ඩවුන්ලෝඩ් වීම ඇනහිට ඇති ෆයිල් එකක් වුවද ඔබිට් ලිස්ට් එකෙන් ඉවත් කල හැක. මේ සදහා ෆයිල් නේම් යටතේ ඇති ලිස්ට් එක තුලින් ඉවත් කිරීමට අවශ්‍ය ෆයිල් එක සිලෙක්ට් කර ඩබිට් වින්ඩෝවේ ඩිලීට් බට්ටන් එක ක්ලික් කරන්න.

ඩවුන්ලෝඩ් වීමේ ප්‍රතිශතය විමසා බැලීම

ඔබිට් වින්ඩෝවේ වම් පස ඇති කැටගරි වීව් එක තුලින් ඩවුන්ලෝඩින් යන්න සිලේක්ට් කල විට ඔබිට් හරහා ඩවුන්ලෝඩ් වෙමින් තිබෙන ෆයිල්ස් බලාගත හැකිය. මෙහි ඇති කම්ප්ලීටඩ් තුල ඇත්තේ මේ වන විට ඩවුන්ලෝඩ් කර අවසන් වී ඇති ෆයිල්ස්ය.ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන අතර වාරයේදී යම් හෙයකින් එය අකර්මන්‍ය වී ඇති නම් ඒවා දැක් වෙන්නේ ඉනැක්ටිවු යන්න තුලයි. මෙ ආකාරයෙන් downloading completed , Inactive ලෙස වෙන වෙනම දැක ගත හැකි ෆයිල් වර්ග සියල්ල All යටතේ දැක ගත හැක. සාර්ථකව ඩවුන්ලෝඩ් වී ඇති ෆයිල්ස් හෝ අකර්මන්‍ය වී ඇති ෆයිල්ස් නැවත ඩුන්ලෝඩ් කර ගැනීම මෙතැනින් කල හැක. ඒ සදහා ඉහත තේරීම් අතරින් ඩබට අවශ්‍ය විකල්පය තෝරන්න. ඕබිට් වින්ඩෝවෙහි ෆයිල් නේම් යන්න තුලින් නැවත ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය ෆයිල් එක මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් ස්ටාට් ක්ලික් කරන්න.

වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම

ඔබිට් මෘදුකාංගය වැඩිම ජනප්‍රියත් වයක් ඇත්තේ වීඩියෝ ඩවුන්කරදෙන මෘදුකාංගයක් ලෙසය. වීඩියෝ ෆයිල් එකක් තිබෙන වෙබ් ලිපිනය හරි හැටි දන්නේනම් එය ඉහත විස්තර කල ආකාරයට ෆයිල් මෙනුවෙන් Enter new URL to Download යන්න ලබා දී ඩවුන්ලෝඩ් කරගත හැකිය. යූටියුබ් වැනි වෙබ් අඩවියක දාවනය වන වීඩියෝ එකක් අවශ්‍යනම් ඔබිට් මගින් ඩවුන්ලෝඩ් කඅරගත හැකිය. මේ සදහා මුලින්ම Orbit වින්ඩෝවේ Tools මෙනුවෙහි Enable Getlt button for catching යන්න සක්‍රිය කරන්න. මේ ආකාරයෙන් getlt සක්‍රිය කර තැබීමෙන් වෙබ් අඩවියක් තුල වීඩියෝ එකක් දාවනය වීමේදී එය මතට මවුස් පොයින්ටරය ගෙනගිය විට Getlt ලෙස කුඩා බට්ටන් එකක් වීඩියෝඑකමත දැකගත හැකිය.

දැන් එම බට්ටන් එක් ක්ලික් කල විට Create New Download ඩයලොග් බොක්ස් එක විවෘත වේ. එහි URL නම් ස්ථානයේ ඇති ලිපිනයේ වෙනසක් නොකර Save to නම් ස්ථානය තුලින් ෆයිල් එක ඩවුන්ලෝඩ් වීමට ස්ථානයක් ලබාදී Download බට්ටව් එක ඔබන්න. දැන් ඩවුන්ලෝඩ් වීම ආරම්භවේ.

ලින්ක් රකකින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීම

ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගැනීම සදහා ඇති ලින්ක් එකක් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Download by Orbit තේරීමෙන්ද ඕබිට් මගින් පහසුවෙන් ෆයිල් එකක් බාගතකල හැක.

මෙතෙක් වේලාවක් මා ඔබ‍ට විස්තර කලේ ORBIT DOWNLOAD ACCELLARATOR මෘදුකාංගය බාවිතා කරන ආකාරයයි. මා හිතනවා ඔබ යම් ප්‍රයෝජනයක් ඉන් ලබා ගන්න ඇතැයි කිය. එය එසේ නම් මාගේ උත්සාහයද ඒ සදහායි. තවත් අලුත් මෘදුකාංග හැසිරවීම පිලිබද ලිපි ලිවීමට බලා පොරොත්තු වෙමි. ඔබට අවශ්‍යනම් යම් මෘදුකාංගයක් ගැනදැන ගන්න මම විස්තර කරනනම් ඒය. මේල් කරන්න දැන්ම netmonylk@gmail.com

Comments

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"