Posts

Showing posts from March 4, 2011

E-News ප්‍රහාරයේ ඔබ නුදුටු පැත්ත...

Image
පසුගියදා මලඹේ පිහිටි Lanka e-news කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල විය. එය මුළු රටම දන්නා කාරණයකි. මෙහිදී මෙම ප්‍රහාරය එල්ලවීමෙන් එහි දේපල වලට හා උපකරණවලට දැඩිලෙස හානි සිදුවිය. මෙය ලංකාවේ මාධ්‍යන්ට හොද මාතෘකාවක් වු අතර එය හොදට පට්ට ගැහුවේය. නමුත් මෙහිදී අප විමසා බැලීමට යන්නේ කවුරුත් පැවසූ එය කුණුහරුපයන්ම නොව යමක් කිසිවෙකුට විරුද්දව සිදුවන්නේ නිකන්ම නොවන බවයි. එනම් මෙම ප්‍රහාරය නිකම්ම සිදුවූවක් නොව කිසියම් හෝ වැරදි වැඩක මෙම ඉ-නිවුස් ආයතනය නිරතවී සිටි නිසා එයට ලැබුනු රිටන් එකකි. එනම් මෙම සිදුවීම සිදුවන්නට ඉ-නිවුස් කල වරද කුමක්ද.? මෙම ඉ-නිව්ස්ලා ඔවුන්ගේ වෙබ් අඩවි හරහා රජයට විරුද්දව දැඩිලෙස විවේචන එල්ල කෙරිණ. මෙහිදී අප විමසා බැලිය යුතු කාරණයක් නම් අප රට පුරා අවුරුදු 30 කටත් වඩා කාලයක් තිස්සේ මිනිසුන් මරා දමමින්, සීඩාවට පත්කරමින්, දෙමා පියන්ට දරුවන්ද, දරුවන්ට දෙමා පියන්ද, සැමියාට බිරිදද, බිරිදට සැමියාද අහිමි කරමින් ඉතා දරුණුලෙස කුරිරු යුද්ධයක් පැවති බව ශ්‍රී ලාංකාකයින් ලෙස අපට රහසක් නොවේ. එසේම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස කොටි සංවිදානය නම් දරා තිබේ. එවන් ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්