Posts

Showing posts with the label sky drive

පෙට්ටියට දැමීම හෙවත් Dropbox ...

Image
පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි  Dropbox .  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව   Media-fire ,  Rapid-share  වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් . වෙනත් ඒවාට වඩා Upload-Download වේගය මෙහි ඉහළ මට්මක පවතින බව ද කිව යුතුයි. 2 GB දක්වා නොමිලයේ ධාරිතා අවකාශයක් ලබා දෙන අතර මෙම වැඩසටහන වෙනත් අය වෙත හදුන්වා දීම මඟින් එම අවකාශය 16 GB දක්වා ඉහල දමාගැනීමටද හැකියාව ඇත.                     * මුලින්ම නොමිලයේ Dropbox ගිණුමක් ආරම්භ කළ යුතුය-  Create an Account                     * පහසුව සඳහා පරිගණකයේ ස්ථාපනය කළයුතු වැඩසටහන් ලබාගන්න-  Click Here...