ගූගල්ලගෙ සමාජ සිතියම

සමාජ පරිසරය සිතියමකට රිංග වීම(GOOGLE Services)

ඕනෑ කෙනෙක් ඉන්නා තැන ජංගම දුරකථන සිතියමක් මගින් පෙන්වන ගූගල් ලැටිටියුඩ් සේවය ඇඹේ.

තමන් යම් මෙහොතක ඉන්නා තැන දුර ඉන්නා කෙනෙකුට සිතියමකින් පෙන්වන්නට පුලුවන් සේවයක් දැන් ගූගල් විසින් අරඹා තිබේ. හරියට ඉන්ටනෙට් හරහා තොරතුරක් හොයන්නා මෙන් තම හිතවතෙක් ඉන්නේ කොතනදැයි තමන්ගේ ජංගම දුරකථනය හරහා සොයා බැලිය හැකි මේ අළුත් වැඩසටහන හදුන් වන්නේ ලැටිටියුඩ් (Latitude) කියාය.

ගූගල් ලැටිටියුඩ් යනු ජංගම දුරකථන සහ වෙනත් වයර්ලස් උපාංග වෙනුවෙන් ලියා ඇති නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි මෘදුකාංගයකි. දැනටමත් ගූගල් මැප්සේවය ලබාගත හැකි හංගම දුරකතන වලට ලැටිටයුඩ් වෙබ් අඩවියෙන් (www.google.com/latitude/) මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැක. ජංගම දුරකථනයට මතු නොව වයර්ලස් සම්බන්දය ඇති කොම්පියුටරයකට වුවත් මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැක.මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත් උපාංග දෙකක් අතැතිව ඉන්නා දෙදෙනෙකුට දැන් තමන් ඉන්නා තැන පෙන්වන සිතියමක් හුවමාරුකොට දීම මේ සේවයේ මූලික අරමුණයි.

ඒ අනුව දරුවා‍ට ජංගම දුරකතනයක් දී තම අතේද ජංගම දුරකතනයක් තබාගෙන සිටින අම්මාට හෝ තාත්තාට දැන් තමන්ගේ දරුවා ඉන්නේ කොතනදැයි තම ජංගම දුරකතනයේ එක බොත්තමක් ඔබා විමසන්නට පුලුවන. එවිට පිලිතුර වශයෙන් දුරකතන තිරයට එන්නේ සිතියමකි. මෙ සිතියමේ දරුවා ඉන්නා තැන පෙන්වා තිබේ. සැටලයිට් දුරකතනයක් බාවිතා කරන්නේ නම් දැන් යමෙක් ඉන්නා තැන යාර ගණනක් එහාට මෙහාට වීතිබෙන්නට පුලුවන. සෙලියුලර් දුරකතනයක් ඇත්තෙක් කියන්නට පුලුවන් වන්නේ ආසන්න සැත පුමකටය. එහෙත් මේ ක්‍රමය ඉසිරියේදී සියුම් කරණ බව ගූගල් සමාගම කියයි.

දැනට මෙම සේවය ලබාගත හැක්කේ ඇමරිකාව ඇතුළුව රටවල් 20 කදී පමණි. එසේම සේවය ලබා ගත හැකි ජංගම දුරකතන මාදිලිද සීමා සහිතය. තමන්ගේ රටට සහ දුරකතනයට මෙම සේවය ලබා ගත හැකිද යන්න සොයාබැලීමට මෙම වෙබ් අඩවියට පිවිසිය හැක. 2007 දී ගූගල් විසින් දුන් සේවයක් වූයේ ඕනෑම කෙනෙකුට යම් මොහොතක තමන් ඉන්නා තැන මැප් සේවයෙන් බලාගන්නට පුලුවන්කම ජංගම උපාංග වලට ලබා දීම‍‍ය. දැන් ඉදිරිපත්කොට ඇති ලැටිටයුඩ් යනු මෙම ‍සේවය ලබා ගන්නා දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් එකට සම්බන්ද කිරීමේ ක්‍රමයයි. මෙසේ තමන් ඉන්නා තැන සිතියම් ඇසුරෙන් විස්තර කොට ඒ තොරතුරු එකිනෙකා අතර හුවමාරුකර ගැනීමේ අළුත් පුරුද්ද දැන් හදුන්වන්නේ සේෂල් මැපිං (Social mapping) කියාය. ඒ කියන්නේ ගූගල් ලැටිටයුඩ් යනු සමාජය සිතියම් කිරීමයි යන්නයි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"