ක්රෝම් ඕ එස්

ක්රෝම් ඕ එස්(Google Operating System)

මෙය ගූගල් සමාගමෙන් එන ඕපන්සෝස් වර්ගයේ පරිගණක මෙහෙයුම් පද්ධතියයි.

දැන් තිබෙන් මොන මෙහෙයුම් පදධතියටත් වඩා හොද ගතිගුන ඇති මෙහෙයුම් පද්ධතියක් තැනීම දැන් ගූගල් සමාගම විසින් අරඹා ඇත. මහජනයාට නොමිලේ දෙන ඕපන් සෝස් වර්ගයේ මේ මෙහෙයුම් පද්ධතිය නම්කොට ඇත්තේ ක්රෝම් ඕඑස් කියාය.

දැන් ගූගල් සමාගම මහජනයාට නොමිලේ වෙබ් බ්‍රවුසරයක් දී තිබේ. මොසිල්ලා ෆයර් ‍ෆොක්ස් වෙබ් බ්‍රවුසරයටත් වඩා ට් වෙබ් බ්‍රවුසරයටත් වඩා අමුතු අමුතු ගති ලක්ෂණ ක්රෝම් වෙබ් බුවුසරයේ තිබෙන නිසා එය දැන් හොදය ජනප්‍රිය වෙමින් තිබේ.

මේ ක්රෝම් වෙබ් බ්‍රවුසරය සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය එක්කොට ක්රෝම් ඕඑස් මෙහෙයුම් පද්ධතිය නිර්මනය කෙරේ.දැනට ලෝකයේ වැඩිම සෙනෙක් පාවිච්චි කරන්නේ මයක්‍රෝසොෆ්ට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. ඒ නිසාම ලෝකයේ තිබෙන මෘදුකාංග වලින් වැඩිහරියක්ම වින්ඩෝස් පාදක ඒවාය.එසේම ලෝකයේ තිබෙන පරිගණක වයිරස් සහ වෙනත් හානිකර වැඩසටහන් වැඩිහරියක්ම වින්‍ඩෝස් සහ වෙනත් මයික්‍රෝසොෆ්ට මෘදූකාංග ඉලක්ක කොට ගෙනයි.

ගූගල් සමාගම අළුත් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කරන්නේ මේ වටපිටාව තුල තමන්ගේ කියා බඩක් සදාගන්නටය. විනඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් ඉටනොකෙරෙන මහජන අවශ්‍යතා ගැන ගූගල් සොයා බලන්නේ එනිසාය.

ගූගල් ඕඑස් මෙහෙයුම් පද්ධතිය ගැන විස්තර කරමින් ගූගල් සමාගමේ නිල බ්ලොග් අඩවිය මෙසේකියයි. ,මහජනයා තමන්ගේ ඉමේල් ඉක්මනින් විවෘත කරගන්නට කැමතිය . කොම්පියුටරය බූට් වෙන්නට කාලය ගතවෙනවාට ඒ වගේම බ්‍රවුසරය ලොඩ් වන්නට කාලය ගන්නා විට මහජනයා කලකිරේ. පරිගණක‍ය වේගවත් වනවාට මහජනයා කැමතිය. මහජනයා තමන්ගේ ෆයිල්ස් වයිරස්වලින් විනාශවනවාට කැමති නැත.

මේ කියන්නේ ක්රෝම් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා වෙනස් වේගවත් යන්නයි. අනෙක් අතට දැනට තිබෙන වයිරස් සහ වෙනත් නරක වැඩසටහන්වලට රිංගන්නට බැරිවනලෙස අලුත්ම ආරක්ෂක උපක්‍රමයක් ක්රොම් ඕඑස්හි ක්‍රියාත්මක වේ. එනිසා වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය ඉලක්කකොටගත් නරක වැඩසටහන් වලට ගූගල් ඕඑස් වෙත එන්නට බැරිය.

ක්රෝම් ඕඑස් යනු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිසා ඒ සමග වයින් ඔපන්සෝස් මෘදුකාංගයේ සහයෝගය ලබා ගත හැක. එමගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සැකසූ ඕනෑම මෘදුකාංගයක් ලයිසන් නැතිව උවත් ක්රෝම් ඕඑස් වලදී දුවවන්නට පුලුවනි.

ක්රෝම් ඕඑස් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන දෘඩාංග සැකසීමට දැනටමත් ගූගල් සමාගම ලොව ප්‍රධාන දෘඩාංග නිශ්පාදකයින් සමග එකගතාවට පැමින තිබේ. චීනයේ සමහර පරිගණක නිශ්පාදකයින් ක්රෝම් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණ සහිත පරිගණක වෙළදපොලට නිකුත් කොට ද තිබේ. එහෙත් ගූගල් සමාගම කියන්නේ ක්රෝම් ඕඑස් මෙහෙයුම් පද්ධති‍යේ නියම සංස්කරණය ලබන අවුරුද්දේ මැදබාගය වනවිට මහජනයා වෙත නිකුත් කරණ ලෙසය.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"