හෙටලොව පරිගණක

LATEST COMPUTERS

ඩෙස්ක්ටොප් පරිගණකය වෙනුවට අළුත් පරිගණකයක්

තුනී ඕනෑම අතකට හැවිය හැකි ස්ක්‍රීනය.

දැනට තිබෙන නොයෙක් තාක්ෂණ භාවිතයෙන් තැනිය හැකි අළුත් උපාංග ගැන බොහෝ තාක්ෂණ නිර්මාණ කරුවන් කල්පනා කරමින් සිටිති. මෙහි පල වෙන්නේ ඩෙස්ක් ටොප් පරිගණක වෙනුවට භාවිතා කරන්නට පුළුවන් ඉහල මට්ටමේ ගුනාංග සහිත ලැප්ටොප් පරිගණකයක සැලැස්මකි. දැනට බාවිතා වන නොයෙක් තාක්ෂණ උදාහරණයට ගනිමින් මෙම මුලා කෘතිය (prototype) සකසා ඇත්තේ ජාත්‍යන්තර පරිගළණක විද්‍ය සගරාවක් වන "පීසීවර්ලඩ්" (PC World) සගරාව විසිනි

.

හරියට ඇපල් මැක් බුක් ප්‍රෝ (Mac Book Pro) ලැප්ටොප් පරිගණකයේ තිබෙන්නාක් මෙන් ඉතා තුනී තිරයක් මෙහි තිබේ.එය එච් පී ටච්ස්මාර්ට් පීසී(Touch Smart PC) වල තිබෙන්නාක් වැනි ඇගිල්ලට සංවේදී තිරයකි. ඒවා දෙකක් එකම පරිගණකයක‍ට සම්බන්ද කොට තිබෙන්නේ එකක් මත එකක් තබා වැසිය හැකිසේය.

ඩුවල් වෙබ් කෑම්ස්

හයි ඩිෆිනීෂන් වීඩියෝ සංවාද පැවැත්විය හැකි, අඩු ආලෝකයක් යටතේ උවත් ක්‍රියාත්මක වන වෙබ් කැමරාවක් මෙහි තිබෙ.

හාඩ්වෙයාස්

මෙහි තිබෙන්නේ ඉන්ටෙල් මෙබයිල් කෝඅයි සෙවන් ප්‍රොසෙසරයකි. මෙය අලුත්ම ඉන්ටෙල් ප්‍රොසෙසරයක් නිසා වේගය වැඩිය.

යතුරු පුවරුව සහ ටච් ස්ක්‍රීනය

ඕඑල්ඊඩි සහ ඩිස්ප්ලේ සහිත අවශ්‍ය පරිදි ක්‍රමලේක කළ හැකි යතුරු පුවරු මෙහි තිබේ. හරියට ඔප්ටිමස් වර්ගයේ යතුරු පුවරුවල තිබෙන්නාක් මෙනි. මෙහි ටච් පෑඩ් එකද ඇගිල්ලට සංවේදීය. එසේම නොයෙක් ඩිජිට්ස් ඩිස්ප්ලේ එකක්ද තිබේ.




ස්පීකර්ස්

සබ්වූෆර් සහත හාමන්/කාඩන් වර්ගයේ ස්පීකර් මෙහි තිබේ. හරියට ටොෂීභා කොස්මියෝ පරිගණකවල මෙනි.

බ්ලූරේ ස්ලොට් ඩ්‍රයිව්

බ්ලූරේ ඩිස්ක් බර්න් කළ හැකි ඩිස්ක් ඩ්‍රයිවු එකක් තිබේ. එය ඩීවීඩී බර්න් කිරීමටද පුළුවන් රකකි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"