Posts

Showing posts from April 3, 2012

ගාල්ලේ ගොඩනැගිල්ලකට ගෙනා ග්‍රැනයිට් ෂිට් වලට පස්දෙනෙක් යටවෙයි

Image
ගාල්ල නගරයේ විද්‍යාලෝක විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන සාප්පු සංකීර්ණයකට ගෙනා විශාල ග්‍රැනයිට් ෂිට් තොගයක්  අද (03) සවස 5:00 ට පමණ  පෙරලීමෙන් එයට පස් දෙනෙක් යටවී තිබෙන අතර සිව්දෙනෙක් දිවි ගලවාගෙන තිබෙන අතර එක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කන්ටේනරයකින් අඩි 6 දිග අඩි 8 පළල ග්‍රැනයිට් ෂිට්  විශාල ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන අතර ඒවා බිමට බෑමේදී කන්ටේනරයේ එක පසකට හේත්තුකර තිබු ග්‍රැනයිට් ෂිට් තොගය එය බාමින් සිටි පුද්ගලයන් පස් දෙනාගේ ඇඟ මතට පෙරලි ඇත. පසුව අවට සිටි පිරිසගේ උත්සාහයෙන් ඉන් සිව් දෙනෙක් එලියට ගත්තත් කන්ටෙනරේ එහා කෙලවරේ සිටි පුද්ගලයා එලියට ගැනීම අසීරු කාර්යක්  වී තිබෙනව.  එම ග්‍රැනයිට් ෂිට් තොගය සෙලවීමට පවා නොහැකි හෙයින් එම ෂිට් කුඩු කර එයට යටවී සිටි පුද්ගලයා එලියට ගැනීමට විනාඩි 45 පමණ වඩා වැඩි වෙලාවක් ගතවී තිබුනා. එම ෂිට් තොගය ඔහුගේ බෙල්ල හරහා වැටි තිබුන හෙයින් කන්ටේනරය තුලම මියගොස් තිබුනා. එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න   Source : here Read more:  http://www.gossip9.com/2012/03/blog-post_03.html#ixzz1o4bOW9P5