Posts

Showing posts from March 30, 2012

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

Image
මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි. මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ. මේ ශලබයාගේ පියාපත් විදා හල විට දිග සෙන්ටි මීටර් 25ක් විතර ඇති. ඉන්දියානු ජාතික සන්දේශ් කපුර් හිමාල කඳුකරය දෙසට යද්දී තමයි අලංකාර සත්වයා මුණ ගැහුණේ. යෝධ ශලබයෙක් නිසා මං හිතුවා ඌ මට පහර දෙයි කියලා. අත්තටු විදහලා මගේ ඇඟ කඩා පින්න වගෙයි හැදුවේ. ඒත් ඡායාරූප ශිල්පියා කළේ හිතේ ඇති වුණු බය යටපත් කර ගෙන අල්ල පාලා ඌව අර ගෙන පාර අයිනේ තැනකට ගෙනහින් තියලා කැමරාවට නගපු එකයි. සන්දේශ් කපූර් ඡායාරූප ශිල්පියාට හිමාලය දෙසට විහිදුණු මගක දී හමු වුණු ශලබයා මඟ අයිනේ දිය බොමින් සිටි අයුරු. මේ ශලබයා ලොකුවට පෙනුනට කවුරුත් බය වෙන්න කාරි නැහැ. ඒ තරමටම මේ සතා අහිංසකයි.  මේ ඇට්ලස් ශලබයාට මේ නම යොදන්න හේතුව යෝධකමයි, සිතියම් පොතක වර්ණවත් සිතියමක් වගේ සිරුරක් ඌට තියෙන හින්දයි.  මේ ඇට්ලස් ශලබයන් වැඩිපුර දක්නට ලැබෙන්නේ මලයානු අර්ධද්වීපය ඇතුළු දක