Posts

Showing posts from March 19, 2012

කොළඹ කොටස් වෙළඳ පොලෙහි මේ දින වල සිදුවෙන අංක මැජික් වංචාව තාක්ෂණික ගේමක්ද?

Image
පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා. නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු. පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි. දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.  ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුට