ඔත්තු බැලීම

විදුලි එලියෙන් ඔත්තු බැලීම (Ciber Crimes)

අන්තර්ජාලය හරහා චීන්නු ලෝකෙ ඔත්තු බලන හැටි.

ආසියාව ප්‍රධාන කොට ගෙන ලොව තවත් රටවල් 103 ක ඔත්තු බැලීමට රහසිගත පරිගණක ජාලයක් චීනය විසින් ප්‍රයෝජනයට ගනමින් සිටී. කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් පසුගියදා මෙ බව එලිකරන වාර්ථාවක් (Tracking Ghost Net: Investingating a Cyber Espionage Network) ප්‍රසිද්ධ කලේය. ඉන්පෙන්වා තිබෙන්නේ ලොව රටවල් 103 ක රාජ්‍ය රහස් ඇති පරිගණක 1295 කින්, චීන්නු තොරතුරු සොරාගන්නා බවය. එහි අරමුණ රහස් ඔත්තු බැලීමයි. මෙසේ ඔත්තු බැලීම සිදුකරන්නේ චීනයේ සිටයි. එම ඔත්තු සේවය මෙහෙය වන්නේ සැබැවින්ම හැකර් කරුවන්ය. ඔවුන් විසින් අවශ්‍ය පරිගණකවෙත මැල්වෙයා යවනු ලබයි. ඒවා විවිධ රටවල ඇති පරිගණක වල තැන්පත්වේ, එම පරිගණක සියල්ල එම ඔත්තු කරුවන්ගේ ග්‍රහනයට නතුවේ. දැන් එහ තිබෙන සෑම තොරතුරක්ම දැනගන්නට ඔවුන්ට පුලුවන.

මෙම පර්යේෂණ වාර්ථාව ඉදිරිපත් කළ කන්ඩායමේ එක් අයකුවන ග්‍රේග් වෝල්ටන් මේ ගැන වැඩිමනක් තොරතුරු කියා තිබුණි. "ටිබෙටයේ පරිගණක ජාලවෙත ඔත්තු කරුවන් ඇතුලුවෙනහැටි අපි ඒ වෙලාවෙම දැක්කා. චීනයේ සිටින මෙම ඔත්තු කරුවන් දලයි ලාමා තුමාගේ පෞද්ලික කාර්යාලයේ පරිගණකයෙන් පවා තොරතුරු ලබා ගන්නා හැටි අපි දැක්කා." පර්යේෂකයින් මෙම තොරතුරු ලබා ගන්නේ ඔවුන් විසින් නිර්මාණය කර ගෙන ඇති විශේෂ පරිගණක වැඩ සටහන්වලිනි. ඉන්ටනෙට් තුල තොරතුරු හුවමාරුවෙන තුන්ද එම මෘදුකාංගය සහිත පරිගණක වලින් ලබා ගත හැක. මාස 10 ක් පමණ තිස්සේ මේ පර්යේෂකයින් කල නිරික්ෂණ අනුව පෙනී ගියේ, චීනයේ ඔත්තුකරුවන් රාජතාන්ත්‍රික නිලදාරීන්ගේ කාර්යාල පරිගණක වෙත නිතර එන බවයි. තානාලති කාරයාල, නොයෙක් රටවල ආරක්ෂක අංශවල කාර්යාල යනාදී තැන්වලින් මෙසේ තොරතුරු ලබා ගනී. එම කාර්යාලවල ආරක්ෂක පද්ධති සහිත පරිගණක වෙතින් මේ චීන ත්තුකරුවන් විසින් ලබා ගන්නා දරශණ නිසා එම කාර්යාලවල කෙරෙණ දෙ සියල්ලම පවා ඒ මොහොතේම ඔවුන් සකිති. චීනය මෙ ඔතුතු බලන පරිගණක ජාලය, ඉන්ටනෙට් හරහා මෙහෙයවමින් සිටින්නේ චීනයේ කොතැනක සිට දැයි දැනගන්නට නැත. එසේම මේ ඉලෙකට්‍රෝනික ඔත්තු ජාලය චීනයේ කොහේ සිට මෙහෙයවන්නේද කියා දන්නේ නැත. එසේම මේ ඉලෙක්ට්‍රෝනික ඔත්තු ජාලයේ පැවැත්ම බූතයෙක් මෙනි එය අපැහැදිලිය. එනිසා පර්යේසකයින් විසින් මේ පරිගණක ජාලය නම්කොට තිබෙන්නේ භූත ජාලය කියාය. එනම් ගෝස්ට් (GhostNet) කියාය.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"