බ්ලූස්නාෆිං

BLUETOOTHE TECHNICS


දැන්තිබෙන ජනප්‍රියම තොරතුරු හුවමාරු ක්‍රමය

වන්නේ බුලූටූත්ය. ජංගම දුරකතන, පරිගණක යනාදි ඕනෑම උපාංගයක් අතර හඩ පමණක් නොව ලියකිය විලි වීඩියෝ සිංදු හුවමාරු කිරීමටද පුලුවන්වීම මේ ජනප්‍රියත්වයට හේතුවයි. ඒ තොරතු අන්කාටවත් නොපෙනෙන සේ හුවමාරුකරන්නට බුලූටූත්වලට තිබෙන හැකියාව විසින් මේ ජනප්‍රියත්වය ඉස්මතු කරයි. එහෙත් දැන් මෙම කාළගුණය වෙනස්වෙමින් තිබේ. බ්ලූටුත් තාක්ෂණයෙන් හුවමාරු කෙරෙණ තොරතුරු හෙරෙන් ගැනීමට පුලුවන්ක්‍රම දැන්තිබේ. විවධ ක්‍රමයට ලබා ගන්නා මෘදුකාංග මගින් මෙම බ්ලූටූත් උපාංගවල උපයෝගීතාව වැඩිකොට තිබේ. පෙයාරිං (pairing) වර්ගයේ මෘදුකාංග එවැනි එක් වර්ගයකි. දෙදෙනාම කැමති වී බ්ලූටූත් මාර්ගය විවෘතකර ඇතුල් කර ගන්නාවිට එය හොරෙන් බලා සිටින්නෙකුට මෙම පෙයාරිං වර්ගයේ මෘදුකාංගයේ පිහිටෙන් අරදෙදෙනාට හොරා දෙදෙනා ඇතුල් කරගන්නා දෙවල් වල පහසුව ඔහුටද ලබා ගත හැක. එනම් මෙය හොරාකෑමකි. එනම් එයට ඉංගිරිසියෙන් (Unauthorized) තොරතුරු ඩැහැ ගැනීමකි. එය හොරා කෑමක් නිසා

ඔහුට හැකර් කරුවායැයි කියනු ලැබේ.


ඔහු එයට විශේෂ පරිගණක වැඩසටහන් යොදා ගනී. බ්ලූනාෆිං(Blues Narfing) යැයි එම සොරාකෑමට කියනු ලැබේ. බ්ලූටූත් තාක්ෂණය භාවිතාවන උපාංගවල රහසිගත තොරතුරු තබාගෙන සිටින්නට බ්ලූස්නාෆිං බිය ගෙනදේ. මන්ද තමනට නොදැනීම මේ තොරතුරු පිටස්තරයින් වෙත යන්නට පුලුවන් නිසාය එහෙත් එදිනෙදා වැඩට බ්ලූටූත් පාවිච්චි කරන සාමාන්‍ය ඔබ වැනි අයට තවමත් බිය වීමට කාරණයක් නොමැත. මන්ද මෘදුකාංග තිබුනාට මෙසේ තොරතුරු සොරාගැනීම පහසු වැඩක් නොවේ. ඒ අපහසුව විදගෙන මේ තොරතුරු සොරා ගන්නේ අප වැනි

අතිවිශේෂ පුද්ගලයින්ගෙන් පමණි.

කෙසේ වෙත් බ්ලූස් නාෆිංවලින් බේරෙන්නට අනුගමනය කල හැකි පොදු පිලිවෙත් කිහිපයක්ම තිබේ. එක් ආරක්ෂක පිලිතෙක් වන්නේ, බ්ලූටූත් උපාංගය අනෙක් අනෙක් උපාංග වලට සොයාගත නොහැකිවන සේ ( none discoverable mode) තැබීමයි. එසේම තමන් නොදන්නා කෙනෙක් පෙයාරිං කිරීමට ඉල්ලන්නේ නම් කිසිසේත්ම ඊට ඉඩනොදිය යුතුය. බ්ලූස්නාෆිං වලිව් බේරී සිටීමට කලහැකි තවත් දෙයක් වන්නේ පාස්වර්ඩ් වෙනස් කිරීමයි. බොහෝ දෙනෙක් ලෙහෙසියටත් පහසුවටත් පාස්වර්ඩ් එකලෙස 1 ගසාගෙන සිටී, එය මෝඩ ක්‍රියාවකි. පාස්වර්ඩ් සැරෙන් සැරේවෙන්ස් කරමින් තබාගන්න.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"