වින්ඩෝස් රෙජිස්ට්‍රිය ඩිෆ්රැග් කරණ හැට

HOW TO USE AUSLOGICS REGISTRY DEFRAGER

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ වේගය අඩුවීම‍ට බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රියේ කොටස් තැන තැන විසිරී තිබීමයි. මෙම විසිරී ඇති කොටස් එක ලගට ගෙන, අනවශ්‍ය දෑ සහ හිඩැස් ඉවත් කල යුතුය. මේ සදහා විශේෂයෙන් සකස් කළ මෘදුකාංග තිබේ. නොමිලේ දෙන සංස්කරණයක් සහිත වූ මෘදුකාංගයක් වනAuslogic Registry Defrag එවැන්නකි. මෙම මෘදුකාංගය www.auslogics.com/en/software/registrydifrag/download යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කල හැක.මේ වැඩසටහන මෙගාබයිට් 2.74 ක් පමණවන නිසා ඉක්මනින්ම ඩවුන්ලෝඩ් වේ. මෙය ඩවුන්ලෝඩ් කරගත් පසු පහත පරිදි ලැබේ.

registry  cleaner

මෙය ඩබල් ක්ලික් කිරීමෙන් අනතුරුව අදාල උපදෙස් පිලිපැදීමෙන් මෘදුකාංගය ස්ථාපනය කරගත හැක. මෙම මෘදුකාංගය විවෘත කිරීමට start > All Programs > Auslogics > Registry Defrag > Auslogics Registry Defrag හරහා ගොස් මෙම වැඩසටහන වෙත පිවිසීමට පුලුවන.

Auslogics Registry Defrag වැඩ සටහනට පිවිසුනු පසු මුලින්ම Welcome to Auslogics Registry Defrag මගින් මෘදුකාංගය ගැන හැදින් වීමක් ඉදිරිපත් කෙරේ, ඉදිරියට යාම සදහා එය කියවා බලා නෙක්ස්ට් බට්ටන් එක ක්ලික් කරන්න. එවිට මෙම වැඩසටහන විවෘත වෙලා සම්පූර්ණයෙන්ම රෙජිස්ට්‍රිය ස්කෑන්කොට බලා විසිරී ඇති සියලල් එකතැනකට ආපසු හැටි පෙන්වයි. මෙය ඇනලයිස් කිරීම ලෙස හදුන්වයි. එය පහත රූපියන් පෙන්වා ඇත.

මෙම විස්තර සලකා බලා අනතුරුව රෙජිස්ට්‍රිය ඩ්රැෆ් කිරීමට එකග නම් නෙක්ස්ට් ක්ලික් කරන්න.අවශ්‍ය නොවේ නම් ක්ලෝස් කරන්න. රෙජිස්ට්‍රිය ඩිෆ්රැග් කිරීමට නෙක්ස්ට ක්ලික් කල විට අවසාන වින්‍ ඩෝව පැමිනේ එහි දි පරිගණකය රී ස්ටාර්ට් කිරීමට අවස්තාව ලබා දෙන්න.

ඉන්පසු රෙජිස්ට්‍රිය ඩිෆ්රැග් වීමට පරිගණකය රීස්ටාර්ට් වේ. ඒ සදහා ලැබෙන වින්ඩෝවේ යස් බට්ටන් එක ක්ලික් කරන්න. මේ ආකාරයෙන් පරිගණකය රීස්ටාට් කල විට ඒ අතරවාරයේදී රෙජිස්ට්‍රිය ඩිෆ්රැග්වේ. ඉන්පසු රෙජිස්ට්‍රිය මගින් සිස්ටම් එකේ ප‍ෆෝමන්ස් වැඩි වු ප්‍රමාණය පෙන්වයි.ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඩිස්ප්ලේ රිපොර්ට් බට්ටන් එක මත ක්ලික් කල විට එය තුලින් සියලු විස්තර පෙන්වයි.

report

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"