Posts

Showing posts from April 18, 2011

ලොව හයවැනි බලවතා ශ්‍රී ලංකා ජනාධිපති

Image
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතාට හතළිස් හයවැනි ස්ථානය ද, රුසියාවේ අග්‍රාමාත්‍ය ව්ලැදිමීර් පුටින් මහතාට හැත්තෑ හතරවැනි ස්ථානය ද, සෝනියා ගාන්ධි මැතිනියට අනූඅට වැනි ස්ථානය ද, හිලරි ක්ලින්ටන් හා මිෂෙල් ඔබාමාට පිළිවෙළින් හතළිස් දෙවැනි හා තිස්වැනි ස්ථාන ද ලැබී තිබේ. ආසියාවේ රාජ්‍ය නායකයන් ඉහත සමීක්ෂණයේ දී ජනපි‍්‍රයත්වය අතින් මෙතෙක් පහළ ම ස්ථාන වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විශිෂ්ටයන් සියය අතරින් හොඳ ම දසදෙනා අතරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. “ටයිම්” සඟරාව 2011 සඳහා වූ ලොව විශිෂ්ටයන් හඳුන්වා දීම සඳහා මේ ජනමත සමීක්ෂණය පවත්වා තිබේ. ලෝකයේ ජනපි‍්‍රය ම සිනමා තාරකාවන්, බලවත් ම දේශපාලකයන් හා ආකර්ශනීය පුද්ගලයන් අභිභවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටයන් අතර හයවැනි ස්ථානයට පත් ව සිටී. තොරතුරු යුගයේ “රොබින් හුඩ්” යැයි විරුදාවලී ලත් ජුලිය