Posts

Showing posts from May 6, 2012

බෞද්ධ-කොඩියෙන්-රේස්-අරඹන-අබුද්දස්ස-කාලය

Image
උතුම් සම්බුද්ධ දේශනාවත්, අද ලංකාවේ භාවිතා වන සිංහල බුදු දහමත් අතර සම්බන්ධයක් ඇත්තේ ම නැති තරම් ය.  දඹුල්ලේ ඉඩම් හිමි රදළයෙකු හා ධනේශ්වර සංචාරක ව්‍යාපාරයක හිමිකරුවකු වන භික්ෂුවකගේ නායකත්වයෙන් දඹුල්ලේ සුළුතර මුස්ලිම් ප්‍රජාවගේ පල්ලියකට හා ආගම් ඇදහීමේ නිදහසට අතවර සිදු වූ බව අද වන විට ලොව පුරා ම ප්‍රචලිත වී ඇත.  මේවාට එරෙහිව කතා කරන විට ස්වෝත්තමවාදීන් විසින් මතු කරනු ලබන තර්කයක් වන්නේ අරාබියේ එහෙම පුළුවන් ද, අරෙහෙ පුළුවන් ද, මෙහෙ පුළුවන් ද වැනි තර්කයි. මේවා අපට අදාළ නැත. අප පෙනී සිටින්නේ පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙනි.  අද වන විට, සිංහල බෞද්ධ අන්තවාදය රටට මහා පිළලයක් වී හමාර ය. එය ලෝකයට ද පිළලයක් ‍වීම ආරම්භ වී තිබේ. සිංහල බෞද්ධ අන්තවාදය පැහැදිලිවම ත්‍රස්තවාදයකි. වඩා නිවැරදිව කියන්නේ නම් අර්ධ රාජ්‍ය ත්‍රස්තවාදයකි.  අවිහිංසාවාදය, සාමය හා සහජීවනය ආත්ම කර ගත් දහමක් ලොවට දෙසූ උතුම් බුදුන්ගේ නාමයට මෙම බොරු බෞද්ධයන් කරන අවමානයට සැබෑ බෞද්ධයෝ විරුද්ධ විය යුතු ය.  Source: Me