Posts

Showing posts from October 4, 2012

සොරකම වැරදී ගුටි කන සොරෙක්

Image
අද රටේ විශාල ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් හා කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් ලෙස සොරුන් කොට්ටාශ දෙකක් සිටී. දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය. කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ. බස් රථයක් තුල මුදල් පසුම්බියක් සොරකමක් කිරීමට ගොස් හසුවී ගුටි කන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින්. ( සැලකිය යුතුය : මෙම වීඩියෝව සංස්කරණය කර නොමැති අතර අසභ්‍ය වදන් අඩංගු බැවින් වයස 18ට අඩු පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න.)   Read more:  http://www.gossip9.com/2012/10/blog-post_5002.html#ixzz28Gb9uWxp

මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්..... (දෙවන කොටස)

Image
මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම්  මෙතනින්  ගිහින් කියවලාම එන්නකෝ. මුලින්ම බලමු Info කොටස ගැන. මෙතනින් අපිට පුලුවන් වෙනවා අපේ PPT එකේ Properties බලාගන්න. ඒ වගේම Protect කරන්න පුලුවන් මේ ස්ථානයෙන්. අපිට කැමැති Password එකක් දීලා Security එක වැඩි කරගන්න පුලුවන්. මේ අවස්තාවෙදි නම් 2010 සහ 2013 නිකුත් කිරීම්වල වෙනසක් දකින්න නැති තරම්. ඊලගට අපි බලමු New කොටස ගැන. පොඩි වෙනසක් පේනවා නේද? බැලූ බැල්මට පොඩි වෙනසක් පේන්න හදල තියෙනවා. 2013ට වුනත් අපිට අවශ්‍ය තරම් Templates දාගන්න පුලුවන්. Internet එකේ Search කලොත් ගොඩක් ගන්න පුලුවන් වෙයි. ෆයිල් එකක් Open කරන්න තියෙන ස්ථානයෙත් වෙනසක්…! දැන් බලමු Save as ගැන. අලුත් එකේ නම් මේක අලුත් විදියකට දීලා තියෙනවා. අනාගතයට ගැලපෙන ආකාරයට තියෙනවා. SkyDrive එකට කෙලින්ම Save කිරීමේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"

Image
සමහර තොරතුරු ලොව අපූරුදෑ සාමන්‍යයෙන් අධික භාවිතය තුල නොසලකා හැරීම සිදුවෙන්නකි. සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී" තැටියද එවන් සොයා ගැනීමකි. මීට වසර 30කට පෙර එනම් 1982 ඔක්තෝබරයේ පලමුදා සෝනි ආයතනය විසින් ලොව පලමු සංයුක්ත තැටි ධාවකය වෙලද පොලට නිකුත් කිරිම සමග සිදුවූ තොරතුරු ලෝකයේ පහසුව අතිශය වැදගත් සිදුවීමක් ලෙසටයි හදාරන්නන් පවසන්නේ.අති සුපැහැදිලි සංගීත රස විදීමක්  භාවිතාකරන්නන් හට පොරොන්දු වෙමින්  ඩෝලර් 674කට එය මිලකර තිබූ බවටයි පැවසෙන්නේ. පිලිගත්  මට්ටමේ සංගීත වේදීන් කිහිපදෙනෙකුගේ නිර්මාන අඩංගුව නිකුත්කරතිබූ සීඩී තැටි  කිහිපයක්ම මේසමග වෙලද පොලට නිකුත්වූ බවට සටහන් වන තර ඉන් එකක් ඩොලර් 33-36 ලෙසට මිලකොට තිබූ බවටත් පැවසෙනවා.  

ඔබගේ ඩිජිටල් ජීවිතයේ පෞද්ගලිකත්ව සුරකින්න

Image
අවසරපද භාවිතය තීර්නාත්මකය.ඔබගේ ඩිජිටල් ජීවිතයේ පෞද්ගලිකත්ව සුරකින්නට උදවු වන ප්‍රධාන ආරක්ශකයා වන්නේ මෙම අවසර පදවීම එයට හේතුවයි. පසුගියදා ඇමරිකානු ආයතනයක් විසින් කල සොයාබැලීමකට  අනුව පැවසෙන්නේ තවමත් භාවිතාකරන්නන් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම  තම අවසරපද නැවත නැවත භාවිතයට පෙල බෙන බවයි.ඔවුන් පවසන්නේ  තමන් වෙත ප්‍රථිචාර දැක්වූ වන්ගෙන් සියයට 54ක්ම තම සමස්ත සයිබර් ජීවිතයේදී භාවිතාකරන අවසරපද සංක්‍යාව පහකට අඩු බවයි.එසේම ඔවුන්ගෙන් සියයට 44ක් තම අවසර පද වෙනස් කීරීමකට පෙලබෙන්නේ වසරකට වැඩිකාලයක් තුලදී පමනක් යන්නය.එපමනක් නොව එම භාවිතාකරන් නන්ගෙන් සියයට 21ක් පමන එක් වරක් හෝ සයිබර් පහරදීමකට ලක්ව ඇති බවත් පැවසෙනවා. ඇමරිකානු වැඩිහිටියන් 1200 ඇසුරින් මෙම  කරුනු සොයා බැලීම කල බවටයි සටහන්ව තිබුනේ.

MSN වෙබ් අඩවිය වින්ඩෝස්8 සදහාම වඩාත් ගැලපෙනසේ සැකසෙන සංස්කරනයක්

Image
මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා තම MSN වෙබ් අඩවිය වින්ඩෝස්8 සදහාම වඩාත් ගැලපෙනසේ සැකසෙන සංස්කරනයක් එලබෙන ඔක්තෝබර 26 සිට ක්‍රියාත්මක වීමට නියමිත බව. වින්ඩෝස් 8 හා සමාන්තර භාවිතාවන් සදහා පමනක් වෙන් වන මෙම නව සංස්කරනය ටැබ්ලට් මිත්‍ර ටයිල් ආකාරයේ සැකසුමකින් යුක්තව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහාම නිමව පවතිනු ඇති බවටයි පැවසෙන්නේ.                      දැනට මාසිකව මිලියන 480ක පැමිනීම් ලබා ගන්නා මෙම අඩවිය ස්පර්ශක මූලික මීලග පරම්පරාවේ දත්ත උපකරන භාවිතය ප්‍රමුක වෙබ් අඩවියක සැකසුමට උදාහරනය වනු ඇති බවටයි සටහන් වන්නේ.

සයිබර් අවකාශයතුල සැගවිය නොහැකිය

Image
    වැදගත්ම කාරනය වනුයේ සැබවින්ම ඔබට කිසිසේත්ම සයිබර් අවකාශයතුල සැගවිය නොහැකිය යන්නයි. විද්වතුන් පවසන්නේ අවශ්‍ය අයවිසින් සෙවීම බොහෝදුරට නොසලකා හරිනවා විනා නීති විරෝධී කටයුතු සමග අන්තර්ජාලය තුල සැගවී සිටීම ප්‍රායෝගික නොවන බවයි.පහත දැක්වෙන  මෘදුකාංගය එසේ ඔබගේ සැබෑ අනන්‍යතාවය සගවා තබාගෙන සයිබර් සැරියකට සහය වන්නට සූදානම් මෘදුකාංගයක් වන මුත් එය ප්‍රයෝජනවත් වන්නේ සමහර අධ්‍යාපනික තොරතුරු චලනපට පවා යම් යම් දේශසීමා වලට සීමා කොට , නතිනම් සමහර සේවා එලෙස දේශසීමාවලට සීමා ඇති කොට එම සීමා මායිම් ඉක්මවා යාම වැනි දීර්ගකාලීනව බලනොපත්වන සෙවීම් අවස්ථා මග හැරීමට වන බවටයි මාගේ හැගීම වන්නේ.මෙම මෘදුකාංගයේ නොමිලේ ලැබෙන  සේවාව සිමාසහිත වන අතර මිලදී ගැනීමෙ සංස්කරනය සමග නිදහස් භාවිතාවකට ඉඩ සැලසෙන බවට ඔවුන් පවසා සිටිනවා. http://hideman.net/en

සැබෑ-ගැටලුව-තාක්ශනයට-නොව-එය-ක්‍රියාත්මක-කරවන-මිනිසාට-හදවතක්-නැතිවීමය

Image
ඇත්තෙන්ම එම චලන පටය අපූරු සිදුවීමක් විග්‍රහ කරන්නක්වූවා.  මිනිසා සැබවින්ම භුක්ති විදිමිනින් සිටින්නේ තම මනසේ ඉතාම සුලු හැකියා වපසරියක් බවත් යම් ආකාරයකින් දැනට භාවිතා නොවී පවතින කොටස් ක්‍රියාත්මක කරවා ගන්නට හැකිවුවහොත් ඔහු අපූරු මිනිසෙකු බවට පත්වන බවත් එහි කියවූනා."පෘතුවිය මත මිනිස් වර්ගයාගේ කථාන්දරය තුල විවිධ වකවානු වලදී විවිධ ආකාරයෙන් මේ අපූරත්වයට පත් මිනිසුන් ගැන සදහන්ව තිබූ මුත් ටීටාව සමස්ථයක් ලෙසට මිනිස් ජීවිතවල තත්වය තීරනාත්මක ලෙස ඉහලට ඔසවා තැබීම සිදුකරන ලදී{වර්ථමාන පසු සටහන} ලෙසට එම චලන පටයේ අවසානයේ සදහන්ව තිබුනා.                                  "ටීටාව මිනිසුන් බයවූ තරමට හානිකර දෙයක් නොවන  බව වටහා ගන්නට බොහෝ කලක් ගතවූවා.තාක්ශනය යාන්ත්‍රික එකක් වන මුත් එය තුලට සදාචාරාත්මක ලක්ෂන එකතුකරන්නට බැරිබවට අතීත මිනිසුන් කල විස්වාසය පෙරකී බිය ඇතිකරන්නට පදනම වූවා.ඇත්තෙන්ම ලෝකය මත තාක්ශනය සිදුකල හනියට වගකිව  යුත්තාවන්නේ  එම තාක්ශනය නොව එම තාක්ශනයට ක්‍රියාත්මක බව  ලබාදුන් මිනිසුන් තුල මිනිසත්කම නිවීමයි"  මීට පෙර එම චලන පටය  නැරබූ අයෙකු තමා තිබූ සටහන මා සිත් ගත්තා.

පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ කත

Image
පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ බව පැවසෙන තිස්සමහරාම, මෝලකැපුපතාන ප්‍රදේශයේ කාන්තාවක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසිය පවසන්නේ, එම කාන්තාව 14 හා 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවයි. තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ඇය 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.

නන්නාදුනන පිරිසක් GODADDY වලට රිංගයි

Image
ලොව විශාලතම වෙබ් හොස්ටින් සැපයුම් හා ඩොමේන් නේම් ලියාපදිංචි සමාගමක් වන Godaddy වෙබ් අඩවිය වෙත මීට පැය කිහිපයකට පෙරාතුව නන්නාදුනන පිරිසක් ඇතුළු වූ බව BBC වෙබ් අඩවිය සදහන් කරනවා.‍කෙසේ හෝ මෙසේ පහරදීමකට ලක්ව ඇත්තේ ඔවුන් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ගෙන ආ SOPA පනතට සහය දැක්වූ නිසා බවයි පැවසෙන්නේ.ඵමෙන්ම  Godaddy කළමණාකාරීත්වය විසින් මේ වන විට තාවකාලිකව වෙබ් අඩවියේ කටයුතු නවතා දමා ඇති අතර , ඵය යථා තත්වයට පත්කිරීමට සිය කාර්ය මණ්ඩලය සමගින් ලහි ලහියේ වෙහෙසෙන බවද ඵහි ප්‍රකාශකයකු BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා. Godaddy Down By Anonymous Before Few Hours     මෙම ඛේදවාචකයත් සමගින් Godaddy සේවය සලසන   තවත් වෙබ් අඩවි මිලියන ගණනක් අවදානමට ලක්වී ඇති බව ද සදහන් වෙනවා.කෙසේ හෝ මේ   පිළිබද වැඩිදුරටත් කරැණු හෙළිකරන  Godaddy ප්‍රකාශකයකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ මෙය DNS යටිතල ව්‍යූහයට ඵල්ල වූ Dos ගණයේ පහරදීමක් බවයි.ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තර ඇනොනිමස් සංවිධානයේ ආරක්ෂක ප්‍රධානියෙකු යයි කියාගන්නා AnonymousOwn3r නම් පුද්ගලයෙකු විසින් භාරගෙන තිබෙනවා. Techcrunch වෙබ් අඩවිය නම් කියල තිබ්