ඔබේ බ්ලොග් එකට යූටීයුබ් වීඩියෝ ඇතුල් කිරීම.

බ්ලොග් සටහනකට වීඩියෝවක් ඇතුළත් කරගන්නාසැටි

How to add video clips to the our blog sites

පහතඋපදෙස්අනුගමනයකිරීමෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක්ඇතුළත් කරගන්නා අයුරු දැනගැනීමට හැකිවේවි.



(1) ඔබට අවශ්‍ය ඔබේ පරිගණකයේ ඇති වීඩියෝවක් YouTube මාර්ගයෙන් ඇතුළත්
කිරීමට නම්, මුලින්ම ඔබේ වීඩියෝව http://www.youtube.com/ වෙතට Upload කර, අංක 1
යටතේ ඇති පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක්
ඇතුළු කර හැකියි.
(2) ඔබට අවශ්‍ය YouTube මත දැනටමත් ඇති වීඩි‍යෝවක් ඇතුළත් කිරීමට නම්, අංක
2 යටතේ ඇති පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියට YouTube
වීඩියෝවක් ඇතුළත් කළ හැකියි

1) ඔබේ පරිගණකයේ ඇති වීඩියෝවක්, YouTube මාර්ගයෙන් බ්ලොග් අඩවියේ දර්ශනය
කරවීම

1. පළමුව YouTube (http://www.youtube.com/) වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි
වන්න (Sign-Up) (Sign-Up Link එක YouTube වෙබ් අඩවියේ දකුණු ඉහල කෙළවරේ
මුලින්ම දැකගත හැක)
2. ලියාපදිංචි වීමෙන් අනතුරුව හෝ, ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම්,
YouTube (http://www.youtube.com/) වෙබ් අඩවියට ඔබගේ username එක හා password එක
භාවිතා කර ඇතුලත් වන්න. (Sign-In ලින්ක් එක YouTube වෙබ් අඩවියේ දකුණු
ඉහළ කෙළවරෙන් ලබාගත හැක)
3. ඉන්පසු Upload Button එක ක්ලික් කරන්න (එසේත් නැතිනම්
http://www.youtube.com/my_videos_upload link එක භාවිතා කරන්න)
4. ඉන්පසු ඔබට ලැබෙන online form එක සම්පූර්ණ කර Upload a video...
button එක මත ක්ලික් කරන්න.
5. ඉන්පසු ලැබෙන වෙබ් පිටුවේ, Browse button එක ක්ලික් කර ඉන්
අනතුරුව ලැබෙන Dialog Box එකෙන් ඔබගේ වීඩියෝව තෝරා, ඉන් අනතුරුව "Upload
Video" button එක ක්ලික් කරන්න
6. ඉන්පසු ඔබේ වීඩියෝව YouTube වෙබ් අඩවියට Upload වනතෙක් රැඳී
සිටින්න. වෙබ් අඩවියට වීඩියෝව Upload වීමට ගත වන කාල‍ය ඔබේ වීඩියොවේ
ප්‍රමාණය මත රඳාපවතිනු ඇත.
7. වීඩියෝව Upload වීමෙන් පසු වෙබ් අඩවියේ ඉහළ දකුණු කෙළවරේ ඇති
"Account" යන යොමුව වෙතට mouse pointer එක ගෙනියන්න. එවිට පහතට වැටෙන
menu එකෙන්, "My Videos" යන්න ‍තෝරා ක්ලික් කරන්න.
8. ඉන්පසු ලැබෙන පිටුවෙන් "Uploaded Videos" යටතේ ඇති ඔබ upload කරන
ලද වීඩියෝවට ඉදිරියෙන් දිස්වෙන ඊ-හිස මත ක්ලික් කරන්න.
9. අනතුරුව, "Play Video" මත ක්ලික් කරන්න. ඉන් පසු ලැබෙන ඊළඟ වෙබ්
පිටුවේ, ඔබගේ වීඩියෝව දර්ශනය වනු ඇත.
10. එම පිටුවේ දකුණු පස, වීඩියෝවට සමාන්තරය ඇති තීරුවේ මුලින්ම ඔබගේ
YouTube username එක, ඉන්පසුව වීඩියෝවේ විස්තර දැකගත හැකි අතර, එයට යටින්
වීඩියෝවේ "Embed" ‍කේතය දැකගතහැකි වනු ඇත. එම කේතය මත Right mouse button
එක ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන් "Copy" යන්න ක්ලික් කරන්න
11. ඔබේ බ්ලොග් අඩවිය ඇත්තේ Blogspot (Blogger) මත නම්, Blogspot
(Blogger) අඩවියට ඇතුලත් වී "Manage Your Blogs" යටතේ ඇති ඔබේ බ්ලොග්
අඩවිය යටතේ ඇති "New Post" මත ක්ලික් කරන්න. Wordpress මතත් ඇත්තේ මේ හා
සමාන ක්‍රියාවලියකි.
12. ඉන් අනතුරුව ඔබේ ලැබෙන පිටුවෙන්, "Edit Html" යන ටැබ් එකට
මාරුවෙන්න එහි, ඔබ මුලින් YouTube වෙබ් අඩවියෙන් Copy කරගත් කේතය, Mouse
Right Click -> Paste යන්න මඟින් "Edit Html" බොක්ස් එක තුලට පේස්ට්
කරගන්න ඊට පසු ඔබට අවශ්‍ය සටහන් යොදා Post එක Publish කරන්න
13. සුභපැතුම්! ඔබේ විඩියෝව දැන් ඔබේ බ්ලොග් සටහනට ඇතුළත් වී ඇති


2. YouTube මත දැනටමත් ඇති විඩියෝවක්, ඔබේ බ්ලොග් සටහනක දර්ශනය කරවීම



1. YouTube වෙබ් අඩවියට පිවිසෙන්න
2. ඔබට අවශ්‍ය වීඩියෝව සොයාගන්න
3. ඉන් අනතුරුව ලැබෙන Search Results මඟින් ඔබට ඇතුළත් කිරීමට අවශ්‍ය වීඩියෝව
තෝරා එය මත ක්ලික් කරන්න
4. ඉන් අනතුරුව ලැබෙන ‍පිටුවේ වීඩියෝව දර්ශනය වනු ඇත
5. එම පිටුවේ දකුණු පස, වීඩියෝවට සමාන්තරය ඇති තීරුවේ මුලින්ම YouTube
username එක, ඉන්පසුව වීඩියෝවේ විස්තර දැකගත හැකි අතර, එයට යටින්
වීඩියෝවේ "Embed" ‍කේතය දැකගතහැකි වනු ඇත. එම කේතය මත Right mouse button
එක ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන් "Copy" යන්න ක්ලික් කරන්න
6. ඔබේ බ්ලොග් අඩවිය ඇත්තේ Blogspot (Blogger) මත නම්, Blogspot
(Blogger) අඩවියට ඇතුලත් වී "Manage Your Blogs" යටතේ ඇති ඔබේ බ්ලොග්
අඩවිය යටතේ ඇති "New Post" මත ක්ලික් කරන්න. Wordpress මතත් ඇත්තේ මේ හා
සමාන ක්‍රියාවලියකි.
7. ඉන් අනතුරුව ඔබේ ලැබෙන පිටුවෙන්, "Edit Html" යන ටැබ් එකට
මාරුවෙන්න එහි, ඔබ මුලින් YouTube වෙබ් අඩවියෙන් Copy කරගත් කේතය, Mouse
Right Click -> Paste යන්න මඟින් "Edit Html" බොක්ස් එක තුළට පේස්ට්
කරගන්න. ඊට පසු ඔබට අවශ්‍ය සටහන් යොදා Post එක Publish කරන්න

Comments

  1. බොහෝම වටිනා දැණුවත් කිරීමක්. මම යොදා ගත්තා. ස්තුතියි.

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"