Posts

Showing posts from February 16, 2012

ජිවිතයක් බේර ගන්න පුංචි උදව්වක් කරනවද?

Image
ජීවිතය කියන්නේබොහොම සුන්දර දෙයක්.අපි ජීවිතේදී කොච්චර හීන දකිනවද.දැකපු හීන සැබෑ වෙද්දී කොච්චර සතුටක් දැනෙනවද.සමහර හීන බිදිලා යනකොට දැනෙන්නේ දුකක්.හැබයි ජිවිතේ කියන්නේ දුකෙත්,සතුටෙත් එකතුවක්.සතුට, දුක, ආදරය, විරහාව සියල්ල මැද්දේ  ජිවිතේ විදිද්දී හදිස්සියේම ඔබට‍  පිළිකාවක් !!  හැදිලා කියලාදැනගන්න ලැබුනොත් ඔබට‍ මොනවා හිතේවිද?. ඔබට‍ දැනේවි  මුළු ජිවිතෙම කඩාවැටුණු බවක්.අහස උසට මවපු හීන බොදවෙලා යද්දී...  ඔබට‍ හිතේවි මුළු ලෝකයම පාළු මුසල හිස් අවකාශයක් විතරයි කියලා. නමුත් කවුරු හරි කිව්වොත් ඔබව සුව කරන්න පුළුවන් කියලා.එතකොට ඔබ ආයිමත් හීන දකින්න පටන් ගනීවි.බලාපොරොත්තුවක එළියෙන් ඔබේ ඇස් දිලිසෙවී.උදෙට ඉර නගින හැටි බලන්න........ගලායන ගංගාවක වතුර ගලන සද්දේ අහන්න........පිනිබිඳු වලින් තෙත් වෙච්ච තණ පලසක දිව යන්න..... වාසනාව නැවතත් ඔබට ලැබෙන බව දැනගත්තම ඔබේ මුව මත සිනහා මල් පිපේවි.....  එහෙත්!! ඔබේ ජීවිතය බේරා ගැනීමට   රුපියල් 220,000.00 ක මිලක් නියමවෙලා කියලා දැනගන්න ලැබුනොත්... ඔබේ අසරණ දෙමව්පියන්ට ඒතරම් වත්කමක් නොමැතිබව  දැනගන්න ලැබුනොත්....ඔබ ඔබට‍ම සාප කරාවි.දරාගන්න බැරි අසරණකමක් ඔබට දැනේවි.