Posts

Showing posts from March 24, 2012
ලේඛකයා 1990 චශකයේදී ඇක්වයිනාස් විද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහුගේ ගුරුවරයකු වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වූ ලේඛකයාට නම මතක පරිදි රෝලන්ඩ් ද සිල්වා මහතා විස්තර කළ අත්දැකීමක් අද දිනමිණ පුවත්පත කියවීමත් සමග ඔහුට නැවතත් සිහිපත් විය.  ඉංග්‍රීසි බසින් විදේශ පුවත්පත්වලට නිදහස් මාධ්‍යකරුවකු ලෙස ලිපි ලියූ සමයේ ඔහු නිරතුරුව ම ප්‍රතික්ෂේප සටහන් හෙවත් rejection slips ලැබූ බව එකී ජ්‍යේෂ්ඨ මාධයවේදියා කීවේ ය. විදේශ පුවත්පත් ලිපි තෝරා ගැනීමේදී ඒවායේ ගුණාත්මකබව මෙන් ම අදාළ ලිපිය එම පුවත්පතේ පාඨක අවශ්‍යතාවන්ට ගැලපේ ද යන්න නිරතුරුව ම සලකා බලන බව ද ඔහු කීවේ ය.  එබැවින් විදෙස් පුවත්පතක ලිපියක් පළ කර ගැනීම පහසු නැත. ඔහු පැවසූ කරුණක් ලේඛකයාට මතක පරිදි ඔහු ලංකාවේ නිදහස් උළෙල ලංකාවේ ඉංග්‍රීසි පුවත්පතකට වාර්තා කර ‍රුපියල් පනහක් ඉපැයූ අතර, විදේශ පුවත්පතකට වාර්තා කර ඩොලර් පනහක් ඉපැයුවේ ය.  වරක් ඔහු තමන් අත එකතු වූ rejection slips පිළිබඳව ද ලිපියක් ලියා පළ කළ බව හේ සිහිපත් කළේ ය. ලේඛකයාට මෙම ජනමාධ්‍යවේදියා හමු වන විට ඔහු බ්ලූම්බර්ග් නම් ආර්ථික පුවත් නියෝජිතායතනයේ සේවය කරමින් සිටියේ ය. බට