වින්ඩෝස් එක්ස් පී වල මරණය


LATEST TECHNICS

අලුතින්ම සොයාගන්නා හාඩ්ඩිස්ක් තාක්ෂණයට අනුව එහි වින්ඩෝස් එක්ස් පී දුවවන්නට බැරිය.

වින්ඩෝස් එක්ස්පී ආවට පසුව විනඩෝස් විස්ටාද, ඊටත් පසු වින්ඩෝස් සෙවන්ද ආවත් තවමත් වින්ඩෝස් එක්ස පී පාවිච්චි කරණා‍ සෙනග සැලකිය යුතු තරම්ය.

වන්ඩෝස් එක්සපී වෙත් රොද පැදසිටින සෙනගට තිබෙන ලොකුම සහනය අලුත්පරිගණක වෙත නොයා පරණ පරිගණක වල ඉදන් අලුත් වැඩ කරන්නට පුලුවන් වීමය. ඒ වින්ඩෝස් එක්ස්පී අදටත් හොදට ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් වන බැවිනි. එහෙත් මේ කාලගුණය වෙනස් වන්නට දැන් කාරණා යෙදී ති‍බේ. එම කාරණය වන්නේ දැනට තිබෙන හාඩ්ඩිස්ක් තාක්ෂණය ඉතා ඉක්මනින් වෙනස් කරන්නට නිශ්පාදකයින් ක්‍රියා කිරීමය.

දැන් තිබෙන හාඩ්ඩිස්ක් තාක්ශණය වෙනුවට 2011 වන විට අළුත් හාඩ්ඩිස්ක් තාක්ෂණයක් පැමිනීමට නියමිතවේ. 4K යනු එම තාක්ෂණයයි. දැන් තිබෙන හාඩ්ඩිස්ක් වලට වඩා වැඩිතොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකි සහ වේගයෙන් තොරතුරැ ලබා ගතහැකි නව පන්නයේ හාඩ්ඩිස්ක් තාක්ෂණයකි.එය හදුන්වා දෙන්නට නිශ්පාදකයින් තීන්දුකොට හමාරය. ඒවා ආ විට වින්ඩෝස් එක්ස් පී දුවවන්නට බැරිය. ඩෝස් මෙහෙයුම් පද්දතිය ආ කාලායේ පටන් හාඩ්ඩිස්ක්වල ෆෝමැට්කල හැකි කොටස බයිට් 512 කින් සමන්විත විය. ෆ්ලොපි ඩිස්ක් වල තිබුනෙත් මේ ෆෝමැට් එකමය, බයිට් 512 සම්මතයේදී ඩිස්ක් ඩිස්ක් එක තුල ෆෝමැට් එක ආරම්භවන සහ අවසන්වන ස්ථාන සටහන්ව තිබේ. එවැන කොටස් දෙකක් අතර කුඩා ඉඩක් තිබේ.

විශාල හාඩ්ඩිස්ක් ඩ්‍රයිව් එකක සෑම තැනම ඇති මෙම දත්ත නොරදවන ඉඩ එක්ව ගත්විට එය විශාල ඉඩකි. එම ඉඩ අපතේ නොයවා කුඩා ඩිස්ක් එකක වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවන්නට අළුත් තාක්ෂණයක් දැන් යොදාන්නේය.මෙය හදුන්වන්නේ 4K Format කියාය.

අදපරිගණකයකින් හසුරුවන දත්ත ප්‍රමාණය බයිට් සියගණනක් නොව කෝටි ගණනකි. එනම් ගිගාබයිට් දහසකට හෙවත් ටෙරා බයිට් එකකින් මනින තරම් තොරතුරු හාඩ්ඩිස්ක්වල රැදවියයුතුය. මේ සදහා හාඩ්ඩිස්ක් තණන තාක්ෂණය වෙනස්කල යුතුය යන පොදුතීරණයට එලැඹියේ 2009 සැප්තැම්බරයේදීය. එනිසා එදනට ආ වින්ඩෝස්, ලිනක්ස් , ඇපල් මෙහෙයුම් පද්ධති සියල්ල 4K ක්‍රමයට උචිතසේ නිර්මාණය කොට තිබේ. එහෙත් මීට අවුරුදු නවයකට කලින් ආ වින්ඩෝස් එක්ස්පී එසේ නැත.

2011 ජනවාරි වනවිට වෙළදපොළට එන සෑම හාඩ්ඩිස්ක් එකක්ම 4K ෆෝමැට් එකෙන් එනු ඇත. පැරණපරිගණකයට ගැලාපන ධාරිතාව ඇති එවැනි හාඩ්ඩිස්ක් එකක් සවිකර ගත්තත් එහි වින්ඩෝස් එක්ස්පී දුවවන්නට ගියහොත් මෙහෙයුම්පදධතියේ වේගය 10% කින් අඩුවේ. සමහරවිට මෙහෙයුම් පද්ධතිය හරි හැටි ස්ථපනය කරගැනීමටද නොහැකි වනු ඇති. මේ සිලු කාරණ දෙස බලන විට පෙනීයන්නේ වින්ඩෝස් එක්පී වල පල්ලට යන්නට තවත් වැඩිකල් නොමැති බවයි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"