ජංගම දුරකතන.

ජංගම දුරකතන වලින් වැඩිහිටි වෙබ් අඩවි පෙරාහැරීම

අද වනවිට ලංකාවේ ළමුන් ලග තිබෙන ජංගම දුරකතන හෙලු වැල්වලින් පිරීතිබේ. පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ජංගම දුරකතන හා ළමයින් අතර අලුත් නරක සම්බන්දතාවක් හොයාගෙන තිබේ. ළමයින් කුණුහරප වෙබ් අඩවි වෙත පිවිසෙන්නේත්, ඒවායේ ඇති ඡායාරූප හා වීඩියෝ හුවමාරු කරගන්නේත්,ජංගම දුරකතනය හරහාය යන්න ඒ සොයා ගැනීමයි. පිලියම් වශයෙන් ඒ වගේ කුණුහරුප දේවල් ජංගම දුරකතනවලින් බලන්නත් හුවමාරුව වලකා ලන්නත් සියලු ජංගම දුරකතන සමාගම් එකග කරවාගෙන තිබේ.

මුලින්ම කිවයුත්තේ ළමයින්ගේ සුභ සිද්ධිය පෙරටගෙන තැබිය යුතු නිසා පොලීසියත් උසාවියත් කලේ එතිහාසික වැඩක් බවයි. ඒ ගැන තර්ක විතර්ක නැත. දැන් කතා කල යුත්තේ රටේ ප්‍රසිද්ධ අයගේ සමාජ වගකීම ගැනය. මෙතැනට සම්බන්ද වන්නේ ජංගම දුරකතන සමාගම්ය. බොහො ජංගම දුරකථන සමාගම් මෙම කුණුහරුප විකුනා ආදායම් ලබයි. එම නිසා එම ජංගම දුරකතන සමාගම් බොහොම අමාරුවෙන් මේ වැඩේට නම්මවා ගෙනසිටී. මේ රටේ මහජනයාගෙන් දුරකතන ගාස්තු ලෙස ලබාගන්නා මුදල්වලින් ඔවුන් කෝටි ප්‍රකෝටි පතියන් වී සිටී. නමුත් ඔවුන්ට ඇති සමාජවගකීම පෙන්වාදෙන්නට උසාවිවලට සිදුව තිබේ. එසේ කිරීමට සිදුවීමම මහත් ඛේදවාචකයකි.

2008 දී බාසිලෝනා නුවරදී විශේෂ සමලුවක් පැවැත් වුවේය. මොබයිල් වර්ලඩ් කොන්ග්‍රස් නම් මෙම සමලුවේදී ලෝකයේ බොහෝ රට වල දුරකතන සේවා සපයන සමාගම් එකම පෙරමුණකට ආවාය. ඒ අයගේ පරමාර්ථය වුනේ ළමයින්ට කුණුහරුප පෙන් වීමටත්, ළමයින් යොදාගෙන කරණලද කුණුහරුප වැඩිහිටියන්ට පෙන්වීමටත් එ‍රෙහිව වැඩ කිරීමටයි. එය තම සමාජ වගකීමක් ලෙස ඒ අය පිලිගත්හ. අපේ රටේ දුරකතන සේවා සපයන්නන් මේ සමලුවට ගියාද නැද්ද කියා දන්නේ නැතිවුවත් ජාත්‍යන්තරව පිලිගන්නා මෙවැනි සම්මුතීන් ගැන ඇහැ කන පියාගෙන සිටිම ‍ගොං අමන වැඩකි.

කොහොම උනත් ඒ දොස් තැබිල්ල පැත්තකට ගියාවේ. රටේ නීති සාදන්නන්ට කරන්නට පුළුවන් වැඩක් මෙතන ඇති පව සිහියට නැගේ. උදාහරණය දකුණු අප්‍රිකාවෙනි. දකුණු අප්‍රිකාවේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති මලුයි ගිගාබා අමුතු පනත් කෙටුම්පත්ක් පාර්ලිමේන්තුව‍ට ඉදිරිපත් කලේය. :අන්තර්ජාලය හා ජංගම දුරකතනය හරහා කොරන අසැබි දේ පිලිබද පනත් කෙටුම්පත(Internet and Cellphone Phornography Bill) යනු එහි නමයි. එය නීතියක් බවටපත් වූ තැන මේ වැඩවලට උල්පන්දම් දෙන ඕනෑ කෙනෙක් තරාතිරම නොබලා අවුරුදු පහක් හිරේ දමන්නට පුළුවන. අපේ රටටත් මෙවැනි නීති ගෙන ඒම වටී. ආණ්ඩු කළ යුත්තේ මේ වගේ වැඩය. එසේ නොමැතිව ජංගම දුරකතන සමාගම්වල පසුපස්සේ උදවු පදවු ඉල්ලාගෙන යාම වැනි සිල්ලර වැඩ නොවේ.

මෙතැනදී ආණ්ඩුවක වගකීමේ දිග පළල ගැන හොද උදාහරණයක් පාකිස්ථානයෙන් ආරංචි උනේය. ෆේස් බුක් වෙබ් අඩවිය හරහා මුහම්මද්තුමාගේ චිත්‍ර ප්‍රදර්ශණය කිරීමට ඒරට මුස්ලිම්වරු විරෝදය පෑහ. ඒතුමාගේ හෝ ඉස්ලාම් ශාස්තෘවරුන්ගේ චිත්‍ර ඇදීම ආගමෙන් තහනම්ය. ඒ අනුව ෆේස් බුක් වෙබ් අඩවියට පිවිසීම නවතාලන ලෙස පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියට උසාවියෙන් නියෝග කෙරිණ. ඒ නියෝගය පසුගිය මැයි 31 (31/03/2010) දින ඉවත් කරමින් ලාහෝර් මහාධිකරණ විනිසුරු ඉජාස් චව්ද්රි ප්‍රකාහයක් කළේය. "ආණ්ඩුවක් කළ යුත්තේ මෙවැනි නරක දේ ඒ වෙබ් අඩවි වලින් පෙරා හැරීමයි. ඒවා මොනවාදැයි අවදි‍යෙන් සිටීමයි. එසේ නැතිව වෙබ් අඩවි පිටින් වසා දැමීම නොවේ" හේ කීය.

අන්තර්ජාලයෙන් අනවශ්‍ය දේ පැතිරීම පාලනය කිරීමේ නිශ්චිත වගකීම ඇත්තේ කාවෙතද යන්න ගැන සංවාද කරණ කාටත් මේක හොද උපදේශයකි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"