විදුලි ලෝකයේ ඉඩම් විකිනීම. (ඩොමේන් නාමවිකිනීම ලොව ලාභදායකම වෙළදාමයි.

ඉන්ටනෙට් හරහා නොයෙක් වෙළදාම් කරතත්, දැන්තිබෙන වාසිදායකම වෙළදාම වන්නේ වෙබ් ලිපින හෙවත් ඩොමේන්නාම (Domain Names) වෙළදාමයි. ඒවෙළදාමේහැටි තේරුම්ගන්නට පුළුවන් සිද්ධි කිහිපයක්මපසුගියදා වාරථාවුනේය. ජෝර්ජ් හර්ගර් යනු ඇමරිකාවේ වෙසෙන වෙබ්අඩවි නිර්ඹණය කරන්නේකි. කුලියට ගෙන දිගටම කුලීනොගෙවීමනිසා අයිතියඅහිමි (expired) වූ ඩොමේන්නාමමොනවාදැයි නිතරම සොයමින් සිටින ඔහු www.georgewbushilibrary.com නම ඇති වෙබ් ලිපිනය කල් ඉකුත්ව ඇති බව දුටුවේය. මෙය ඇමරිකාවේ ජනාධිපතිවසිටි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ පුස්තකාල වෙබ් අඩවියේ ලිපිනයයි. එය ඔහු ඩොලර් (රුපියල් 500 ට පමණ) මිලදී ගත්තේය. මෙම වෙබ් අඩවිය නඩත්තු කරණ සමාගම එය දුටුවේ සෑහෙන කාලයකට පසුවය. ඔවුන් සිදුවූ අත්වැරැද්ද මගහරවා ගන්නට කෙසේ හෝ නැවත මේ වෙබ් ලිපිනය ලබාගත යුතු වුනේය. ඔවුන් නැවතඑය ලබාගන්නට උත්සාහ කළද ඩොලර් 5 කට එය මිලදීගත් ජෝර්ජ් හර්ගර් පසුගිය ජනවාරි අග සතියේදී ඩොලර් 35000කටඑය විකිණීය. රුපියල් 500ක්ආයෝජනය කළමෙම වෙළදා මෙන් ඔහු ලද ලාභය රුපියල් ලක්ෂ තිස් පහකි. ලෝකයේ බොහෝදෙනා දැන් මේ සද්දයක්නැති වෙළදාමෙන්කෝටිපතියන් වෙමින්සිටිති. ඒ විශේෂ වෙබ් ලිපිනයක තිබෙන...