Posts

Showing posts from March 16, 2012

වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!

Image
වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත්  උපකුලපති  තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ. යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ. යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ. විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ  අපේ රත්නායක මහත්තයා යි. මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු.  එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක. රේඛීය විජේනායක ගේ ඔය රේඛීය කියන්නේ නම නෙමේ, ඒක නික් නේම් එකක් හෙවත් අන්වර්ථ නමක්. විජේනායකට රේඛීය කියන්නේ පොර නිතරම ගමන් කරන්නේ සරල රේඛාවල නිසයි. හැරෙන්න ඕනෑ වුණාම හැරිලා ආපහු සරල රේඛාවකම ගමන් කරනවා. ඒකට හේතුව ගමන් කරන දුර අවම කරන්න වෙන්න ඕන