කොහොමද ඔබට අවශ්‍ය විඩියෝ එකක් යූ ටී යුබ් වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්නෙ

අන්තර්ජාලයට වීඩි‍යෝ ක්ලිප් එක් කරන හැටි

How to upload vedio to the youtube web site

  • යුටියුබ් එකවුන්ට්ස් සෑදීම
  • වීඩියෝ අප්ලෝඩ් කිරීම
  • ‍ෙප්‍ර‍ාෆයිල් එඩි‍ට් කිරීම

යුටීයුබ් වෙබ් ඩෙවියට විඩියෝ ක්ලිප් එක් කරන හැටි
ඕනෑම කෙනෙකුට තමන් කැමති වීඩියෝ ක්ලිප් අන්තර්ජාලයට එක් කිරීම‍ටත් ඕනෑම මාතෘකාවකට අදාලව ‍ළවීඩියෝ ක්ලිප් නැරඹීමටත් පුලුවන්කම ලබාදෙන ජනප්‍රියම වෙබ් අඩවිය වන්නේ යුටීයුබ් වෙබ් අඩවියයි. (‍www.youtube.com)

දැනට ලෝකයේ වැඩිම දෙනක් එදිනෙදා යන එන මේ වෙබ් අඩවියට ඔබ කැමති වීඩියෝ ක්ලිප් එක් කරගන්නේ කෙසේදැ‍යි යන්න අද මම ඔ‍යා‍ලට කියල දෙන්නයි යන්නේ.

යූ ටියුබ් එකවුන්ට් එකක් සදා ගන්නා හැටි

  • You tube වෙබ් පිටුවේ ඉහල දකුනු කෙලවරේන් Sign Up මත ක්ලික් කරන්න. Get Start with your account වෙබ් පි‍ටුවේ ඇති ෆෝම් එක නාවැරදිව පුරවන්න
  • Username: ඔබගේ එකවුන්ට් එකේ නම ලෙසද එකවුන්ට් එකට Log in වන විට User Name එක බාවිතා කල යුතු නම ලෙසද යෙදීම‍ට බලාපොරොත්තු වෙන නම ලබා දෙන්න.
  • Location: Sri Lanka ලෙස තබන්න. උපන් දින‍ය හා ස්ත්‍රි පුරැෂ බ‍ව යොදන්න.
  • Current Email Address: යූ ටියුබ් එකක් සෑදී‍ම සදහා ඔබගේ ඉ-මේල් ලිපින‍ය ඇතුළු කරන්න.
  • Choose a password / Re-enter Password: එකවුන්ට් එක සදහා භාවිතාක‍ල‍යුතු පාස්වර්ඩ් එක මෙම ස්ථාන දෙකටම ඇතුළු කරන්න එය අකුර‍ැ හයක් පමණ වන සේ සකස් කිරිම සුදුසු වේ.
  • Word verification: මෙම වචන පෙලට ඉදිරියෙන් ඇති ඉමේජ් එකෙන් දැක්වෙන වචනය හිස් කොටුව තුල ටයිප් කරන්න.
  • Create New Account and Finish: මත ක්ලික් කරන්න මෙහිදී යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් නැවතත් මෙම ෆෝම් එකම ඉදිරිපත් කෙරේ.
  • එකවුන්ට් එක සෑදූපසු යූ ටි‍යුබ් වෙබ් පි‍ටුවෙන් ඉහත සදහන් කල ඉ-මේල් ලිපිනයට ඉ-මේල් ලිපිනයට ඉ-මේල් එකක් යවන අතර ඒ බව ඔබට දන්වා සිටී.

යූ ටියුබ් එකවුන්ට් ඇක්ට්ව් කිරීම
යූ ටියුබ් එකවුන්ට් එක ඇක්ට්ව් කිරීම
ඔබගේ යූටියුබ් එනවුන්ට් එක ඇක්ටිව් වීමට නම් ලබාදුන් ඉ-මේල් ලිපිනය ඔබ විසින් බාවිතා කරන ‍එකක් බවට තහවුර‍ැ කල යුතුය ඒ සදහා ඔබ ලබාදුන් එවා ඇති ඉ-මේල් එක ඕපන්කර එහි ඇති ලින්ක් එක ක්ල‍ික් කරන්න මෙවිට ඔබගේ ඉ-මේල් ලිපින‍ය තහවුර‍ැ වන අතර සාදන ලද යූ ටියුබ් එකවුන්ට් එක ඔබ ලබා දුන් Username හා Password යොදා ඇක්ටිව් කල හැකිය.

Insert Picture
එකවුන්ට් එකට ලොග් වීම
එකවුන්ට් එකට ඇතුලුවීම හා ඉවත් වීම
යූ ටීයුබ්හි ඉහල දකුණු කෙලවරේ ඇති Sign in ක්ලික් කරන්න Username සහ password ලෙස සදහන් Sign Up බොක්ස් එකක් ලැබේවි එකවුන්ට් එක සාදන විට ලබ‍ාදුන් යූසර් නේම් හා පාස්වර්ඩ් එක ඇතුලු කරන්න. දැන් ඔබගේ එකවුන්ට් එක තුලට පිවිසීමට පුලුවන You tube වෙබ් පිටුවේ ඉහල දකුණු කෙලවරේ Sign Up ‍ලෙස තිබු ස්ථානයේ ඔබ යෙදූ Username එක තිබෙනු පෙනේවි.

නැවත එකවුන්ට් එකෙන් ඉවත් වන්නේ නම් වෙබ් පිටුවේ ඉහල දකුණු කෙලවරේ ඇති Sign Out මත ක්ලික් කරන්න.

Insert Picture
වීඩියෝඅප්ලෝඩ්කිරීම

වීඩියෝ අප්ලෝඩ් කිරීම
එකවුන්ට් එකක් සාදාගත් පසු අවශ්‍ය වීඩියෝ ෆයිල් එකක් යු ටීයුබ් වෙත යැවීමට කල යු‍ත්තේ වෙබ් පිටුවේ ඉහල කොටසේ ඇති Upload නම් බොත්තම මත ක්ලික් කිරීමය.

පහලින් ඇති Upload Video නම් බට්ටන් එක මත ක්ලික් කිරීමෙන් ඊ ලග වෙබ් පිටුවට පාවිසේ එහි ඇති Brows බට්ටන් එකෙන් පරිගනකයේ ඇති වීඩියෝ ෆයිල් එකක් සොයාදෙන්න. අවසානයේ පහලින් ඇති Upload Video නම් බට්ටන් එක මත ක්ලික් කරන්න.

මෙවිට පරිගනක‍ය තුල ඇති එම වීඩියෝ ෆයිල් එක යුටියුබ් වෙත ලබාගැනීම සිදු කෙරේ මේ සදහා තරමක කාලයක් ගත වන අතර ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ වේගය හා ලබා දුන් වීඩියෝ ෆයිල් එකේ ප්‍රමානය මත එයට ගතවන කාලය තීරණය වේ.

Insert Picture

ඉන්පසුව ලැ‍බෙන Video Upload ෆොම් එකේ ඇති Title, Description, Video Category, Tags යන ඒවාට සුදුසු තොරතුරැ ලබා දෙන්න Video Category යනු වීඩියෝ එක ඇතුලත් විය යුතු යූටියුබ් මගින් ලබාදෙන ප්‍රදාන මාතෘකාව හෙවත් එකයි

කෙසේ හෝ වීඩියෝ ෆයිල් එක නිවැරදිව අප්ලෝඩ් වී අවසන් වූ පසු ඒ බව ඔබ වෙත දන්වනු ලැබේ

උපදෙසක් රෑපවාහිනී වැඩසටහන් වෙළද ද‍ැන්වීම් වීඩියෝ අඩංගු සිංදු හා සංගීත සංදර්ශණ අදාල නිර්මාණකරැවන්ගේ අවසරයකින් තොරව අප්ලෝඩ් නොකරණ ලෙසට යුටීයුබ් වෙබ් අඩවිය මගින් අවවාදකෙරේ ඔබ විසින් අප්ලෝඩ් කරනු ලබන සියලුම වීඩියෝ ෆයිල් වල වගකීම ඔබ විසින් භාරගතයුතු බවටත් ඔබ විසින් ඒවා නීත්‍යානුකූලව අප්ලෝඩ් කරනු ලබනු බවත් ඔවුන් දන්වා සිටී ඔබ ඒ නීතිය රැකිය යුතුය

Insert Picture

වීඩියෝ ෆයිල් ඉවත් කිරීම
අප්ලෝඩ් කරනු ලැබූ වීඩියෝ ක්ලිප් එකක් අවශ්‍ය විටෙක යූටියුබ්වලින් ඉවත් කිරීම කල හැක ඒ සදහා වෙබ් පිටුවේ ඉහල දකුණු කෙලවරේ එකවුන්ට් මත ක්ලික් කරන්න ලැබෙන මෙනුවෙන් ම‍යි වීඩියෝ මත ක්ලික් කරන්න ම‍යි වීඩියෝ වෙබ් පිටුවේ අප විසින් අප්ලෝඩ් කල සියලුම වී‍ඩියෝ ෆයිල්ස් ඇතුලත් වේ සෑම වීඩි‍යෝ එකක්ම පහලින් රිමෝව් වීඩියෝ නමින් බට්ටන් එකක් තිබෙන අතර එමගින් අදාල වීඩියෝ එක ඉවත් කල හැක

විඩියෝ තොරතුරු නැවත සැකසීම

වීඩියෝ ෆයිල් එකක් අප්ලෝඩ් කරණ අවස්ථාවේ දී ලබාදෙන ලද තොරතුරු නැවත වෙනස් කිරීමට අවශ්‍යනම් වෙබ් පිටුවේ ඉහල දකුනෙන් Account හරහා My Video වෙත පැමිනෙන්න. සෑම වීඩියෝ එකක් සමගම Edit Video info ලෙස බට්ටන් එකක් ලබා දී තිබෙන අතර එමගින් නැවතත් එම වීඩියෝ එකෙහි Title, Description, video Category හා ඔට් යන දේවල් වෙනස් කළ හැකිය.

Insert Picture

ඇනෝටේෂන් පහසු කම

මෙම අංගය යම් වීඩියෝ ෆයිල් එකක් විස්තරාත්මකව මෙන්ම කලාත්මකව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති පහසු කමකි. මේ සදහා පලමුව අකවුන්ට් වෙතින් මයි වීඩියෝ වෙත පැමිණිය යුතුය එවිට අප්ලෝඩ් කරනු ලැබූ වීඩියෝ සියල්ලම දැකිය හැකිවන අතර ඒ සැම ස්ථානයක් සමගම එඩිට් ඇනෝටේෂන් ලෙස බට්ටන් එකක් දක්නට ලැබේවි, ඕනෑම වීඩියෝ එකකට ඇනෝටේෂන් එක් කිරීම සදහා ඊට අදාල එඩිට් ඇනෝටේෂන් ඉට්ටන් එක ක්ලික් කලයුතුය. එවිට එම විඩියෝ එකත් සමග My Account / Annotaion ලෙස නව වින්ඩෝවක් ලැබේ. එහි දකුණුපස වීඩියෝ එකද වම් පස ඇනෝටේෂන් ලිස්ට් එකද පිහිටයි. ඇනෝටේෂන් සදහා භාවිතා කළ හැකි එකිනෙකට වෙනස්කම් තුනක් එහි පිහිටුවා තිබේ. ඒවා මෙසේය.

ස්පීච් බබල් එක්කිරීම

යම් අයකු පවසන දෙයක් දැක්වීමට ස්පීච් බබල් එක් කල හැක මේ සදහා වීඩියෝ එක දාවනය කොට අදාල රූප රාමුවේදී නවතා ගත යුතුයි.ඉන්පසු ඇඩ් ස්පීච් බබල් මත ක්ලික් කරන්න එවිට ස්පීච් බබල් එකක් රූපරාමුව මතට පැමිනෙනු ඇති. ස්පීච් බබල් එකක් අවශ්‍ය පරිදි ස්ථානගත කරන්න. සයිස් එකද කරන්න ඒ තුල ඇති ටෙක්ස්ට් වෙනුවට ඔබට අවශ්‍ය ටෙක්ස්ට් එකක් ලබාදී, එහි ඊ හිස මගින් එම රූපයට යොමු කරන්න.

වම්පස ඇති ඇනෝටේෂන්ස් ලිස්ට් එකෙන් මෙය ඇඩ් වී ඇති බව දැකගත හැකිය. එහි ස්පීච් එකලෙස ලබාදී ඇති ටෙක්ස්ට් එකට පහලින් වේලා සටහන් දෙකකි, එහි මුලින්ම ඇති වෙලා සටහනෙන් දැක්වෙන්නේ ස්පීච් බබල් එක දර්ෂ්‍ණය වන වේලාවයි. අනෙක් වේලා සටහනෙන් දැක්වෙන්නේ ස්පීච් බබල් එක අවසන් කලයුතු වේලාවයි. උදාහරණයක් ලෙස රූපයේ I am going ලෙස ස්පීච් බබල් එකක් දර්ශණය වේ. එහි දර්ශණය වෙන රූප රාමුව තත්පර 0.03 ක කාලයක් පවතී. ඇනෝටේෂන් ලිස්ට් එකේ දැක්වෙන ආකාරයට එය 0.01 දී දර්ශණය වීඹ අරඹා ඇත. තවදුරටත් වීඩියෝ එක ධාවනය වුවහොත් එය 0.01 කාලයකට අයත් රාමුව පසු වු විට දර්ශණය රූප රාමුවෙන් බවත්වනු ඇති.

Insert Picture

නෝඩ් එක්කිරීම

යම් රූප රාමුවකදී දැනුම් දීමක් හෝ දැන්වීමක් දර්ශණය කරවීමට නෝඩ් එකක් එකතු කලහැක. මේ සදහා වීඩියෝ එක දාවනය කර අවශ්‍ය ස්ථානයේ නවත්වා ගන්න Ad Nod මත ක්ලික් කරන්න. මෙවිට නෝඩ් එකක් රූප රාමුව මතට පැමිනෙනු ඇත.

නෝඩ් එක අවශ්‍ය තැනක තබා ටෙක්ස්ට් එකක් ඇතුලු කරන්න. දර්ශණය ආරම්භ විය යුතු හා අවසානවිය යුතු රූපරාමු මොනවාද යන වග අදාල වෙලා සටහන් තබන්න.

ස්පොට් ලයිට් එක්කිරීම

යම් රූපරාමුවක ඇති විශේෂිත ස්ථානයක් ලකුණුකර පෙන්වීමට ස්පොට් ලයිට් එකක් බාවිතා කල හැක. මෙය පෙරදී නෝඩ් එක් කළ ආකාරයටම කල හැක.

ඉහත කුමන කුමන ආකාරයට ඇනෝටේෂන් එක්කලත් ඒවා අනවශ්‍ය වේනම් ඇනෝටේෂන් ලිස්ට් එකෙහි දකුණු කෙලවරේ ඇති කතිර ලකුණ එකින් ඉවත් කල හැක. අවසානයේ Publish බට්ටන් එක මත ක්ලික් කිරීමෙන් කරන ලද සියලු වෙනස්කම් යූ ටියුබ් වලට සම්බන්ද කෙරේ. දැන් යම් අයෙකු මෙම විඩියෝ එක නරඹන විට සකස් කළ ඇනෝටේෂන් සමග පෙනේ. මීට අමතරව වීඩියෝ නැරඹීමේදී යූටීයුබ් වෙබ් පිටුවේ හැම වීඩියෝ එකක්ම ධාවනය වී අවසන් විට Share හෝ Replay ලෙස බට්ටන් දෙකක් මතුවේ මෙයින් ෂෙයාර් බට්ටන් එක මත කලික් කළ යුතු ඉ-මෙල් ලිපිනයන් ඇතුලත් කිරීමට ඉඩ ලබාදේ. ඊට අදාල ඊ මේල් ලිපිනය ඇතුලත් කොට Send කල විට වීඩියෝ එකට ලින්ක් එකක් ද ඊ-මේල් ලිපිනයට යූටියුබ් වෙතින් ස්වයංක්‍රීයව එවනු ලැබේ. මෙම ලින්ක් එකක් ද සමග ලැබෙන මේල් එකින් ලින්ක් එක ක්ලික් කලවිට වීඩියෝ එක යූටියුබ් වෙතින් විවෘත වී ප්ලේ වේ.

මතුසම්බන්දයි....!

! Bye

Comments

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"