නිකන්දෙන උබුන්ටු ඉල්ලන හැට

HOW TO REQUEST UBUNTU FREE CD

අදවනවිට ඕපන් සෝස් වර්ගයේ ඔපරේටින් සිස්ටම් අතර පළමු ස්ථානය හිමිවන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියටයි. මෙම් මෙහෙයුම් පද්ධතිය ඔබට නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්නා ආකාරය ගැන කියල දෙන්නයි හදන්නෙ. මුලින්ම ඔබ www.ubuntu.com/shipit යන වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු එහි ඇති Request a free cd යන ලින්ක් එක ක්ලික් කරන්න, ඉන් පසු ubuntu වෙබ් අඩවියේ lounchpad account එකක් ඕපන් කරන්න. එහිදී ඔබ විසින් ලබාදෙන ඊමේල් ලිපිනයට ඊමෙල් ලිපියක් එවනු ලැබේ. ඉන්පසු ඊමේල් එක විවෘත කර එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න. ඉන්පසුව විවෘතවෙන වෙබ් අඩවියේ දී ඔබට පාස්වර්ඩ් ඇතුලත් කිරීමට අවස්ථාව ලබා දේ. එය ඇතුලත් කල පසු ඊලගට තවත් පිටුවක් විවෘත වේ එහිදී ඔබට ඔබේ උබුන්ටු වර්ගය තේරීමට අවස්තාව ලැබේ, මෙහිදී සර්වර් එඩිෂන් එක සහ ඩෙස්ක්ටෝප් එඩිෂන් එක ලැබේ, එයතේරීමෙන් පසු සීඩී එක ලබා ගැනීමට අවශ්‍ය ලිපිනය ලබාදෙන්න. ඉන්පසු උබුන්ටු සීඩී එක සති තුනකින් පමණ ගෙදරටම ලැබේ. නමුත් මෙතැනදී කිවයුතු ලොකුම කාරණව තමයි ඔබ එය නිකන් දෙනවාය නියා තොග පිටින් ගෙන්වා නොගත යුතු බවයි. එය ලෝක අපරාදයකි. එහෙනම් දැන් ඔයාලට ඕඑස් සල්ලි දීලා ගන්න අවශ්‍ය වන්නේ නැත.

request free ubuntu  cd

Comments

Popular posts from this blog

How to Open a Medical Assistant School

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

Online surgical tech program