Posts

Showing posts from March 1, 2011

අඩුම මිලට ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ලබා ගැනීම

Image
ජීමේල් ගිණුමක් හරහා ලෝකයේ ඕනෑම දුරකතනයකට ඇමතුම් ලබ‍ා ගැනීමේ සේවයක් දැන්තිබේ. එහි වි‍ශේෂත්වයවන්නේ ඇමරිකාවේ සහ කැනඩාවේ නිවසක තිබෙන දුරකතනයකට මෙන්ම ජංගම දුරකතනයකටද ඉන්ටනෙට් හරහා නොමිලේ ඇමතුම් ලබාගත හැකිවීමයි. එසේම අනෙක් රටවලටත් ලෝකයේ ඇති අඩුම මිලට ඇමතුම්ලබාගන්නට මෙම අළුත් ජීමේල් සේවයෙන් පුළුවන්. එය හදුන්වන්නේ ගූගල් කෝල් ෆෝන් කියාය. මෙම සේවය ගැන විස්තර සම්පූර්ණවශයෙන් www.google.com/chat/voice යන නිල වබේ අඩවියට පිවිස දැනගත හැක. දුරකථන ඇමතුම් ලබා ගැනීමට අනුගමනය කලයුතු ක්‍රිය‍‍ා පිලිවෙත එහි දක්වා තිබේ. නොමිලේ දුරකථන ඇමතුමු ලබා ගැනීමට පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා · ඉන්ටනෙට් සබදතාවය සහ ස්පීකර් හෙඩ්ෆෝන් යනාදිය සහිත මල්ටි මීඩියා පරිගණකයක්. · Windows XP, Windows Vista , Windows 7, Linux මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් හෝ මැක් ඕඑස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක්. · ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 6 සහ ඊටපසුව ආ වෙබ් බ්‍රවුසරයක්. පරිගණකයෙ තිබෙන්නේ ෆයර් ෆොක්ස් වේබ් බ්‍රවුසරයනම් එය අනිවාර්්‍යයෙන්ම ෆයර්ෆොක්ස් 3.0ට පසුව ආා වෙබ් බ්‍රවුසරයක් විය යුතුය. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය