Posts

Showing posts with the label Internet

Hutch 3G ලංකාව ආවරණයට සැරසේ

Image
බස්‌නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත මෙම  3G  ආවරණය මේ වසරේ ජූලි මාසයේ සිට දිවයින පුරා සම්ප්‍රේෂණ කුඵණු  1000  ක්‌ ඔස්‌සේ ලබාදීමට Hutch   ආයතනය සැළසුම් කර ඇති අතර පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී තම  3G   සේවාව දියත්කිරීම පිළිබද නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදි. මේ වන විටත් මෙරට ජනගහණයෙන්   10 %  ක පමණ පිරිසක්‌ අන්තර්ජාලය පරිහරණය කරන අතර ශ්‍රී ලංකාව තුළ ස්‌ථාවර දුරකතන හා ජංගම දුරකතන ජාලයේ ප්‍රබල වර්ධනයක්‌ දක්‌නට ලැබෙන නමුත් අන්තර්ජාල භාවිතාව තවමත් මන්දගාමී තත්ත්වයක පවතින බවත් ,  Hutch   3G   සේවාව හඳුන්වාදීමත් සමග එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය කරගත හැකි බව මේ සඳහා එක්වු    Hutch Telecom Lanka   ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආනන්ද් ප්‍රකාශ් මහතා පවසා සිටින ලදි. Hutch 3G  පැකේජ මිල ගනන් පහතින් බලන්න    Prepaid Postpaid HSDPA 7.2 Mbps (Downlink) HSUPA 5.76Mbps (Uplink) Source: Here