Posts

Showing posts from May 14, 2012

වෙබ්-අඩවි-සෑදීමේදී-ඔබ-නොකළ-යුතු-දේවල්

Image
වෙබ් අඩවි හදනකොට හුඟක් අය කරන විවිධාකාරයේ අත්වැරදීම් තිබෙනව. ඉතින් අපි කතා කරමු. මොනාකාරයේ වැරදිද අපි කරන්නෙ කියල. ඇත්තෙන්ම කිව්වොත් අපි බලමු හරි විදිහට කරන්නෙ කොහොමද කියල. මේ බොහොමයක් දේවල්, බොහොමයක් අඩවි වලට අදාලයි. සමහරක් ඒව නම් සාමාන්‍ය දැනීම, සමහරක් නම් එක පාර හිතෙන්නෙ නැති ඒව. අපි කතා කරන්නෙ වෙළඳ අඩවි, බ්ලොග් හැම එකක් ගැනමයි. 1. අඩවියට පැමිණෙන්නා අඩවිය කුමක් පිළිබඳවද යන්න ක්ෂණිකව දැන ගත යුතුයි. අවධානය කියන්නෙ අන්තර්ජාලය තුළ තිබෙන වටිනාම වස්තුවක්. අඩවියට එන පුද්ගලයාට බැරි නම් ඒ අඩවිය තියෙන්නෙ මොකක් ගැනද කියල තේරෙන්නෙ නැති නම් ඒ ආපු පුද්ගලයා කෙලින්ම ආපහු හැරිල යනව. ඔබගේ වෙබ් අඩවිය තිබෙන්නෙ මොකක් සම්බන්ධයෙන්ද කියල එන පුද්ගලයාට ක්ෂණිකව පණිවිඩය දෙන්න ඔබගේ වෙබ් අඩවියට හැකි විය යුතුයි. 2. අන්තර්ගතය උඩින් යන්නට හැකි විය යුතුයි. තේරෙන්න කිව්වොත් skim කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේ පොතක් නෙමෙයිනෙ, අන්තර්ජාලය තුළ තිබෙන එක් වෙබ් අඩවියක්. ඉතින් ලොකු ලොකු පරිච්ඡේද අමතක කරන්න. මමත්, හුඟක් අයත් ලොකු ලොකු ඡේද තිබෙන වෙබ් අඩවි වලට අකමැතියි. උඩින් කියවන් ගිහිල්ල මොනවද තියෙන්නෙ කියල තේරුම් ගන්න පුලු