Posts

Showing posts from May 4, 2012

ගෝලීය-උණුසුම්-වීම-වෙනස්-මඟක්-ගනියි-ග්ලැසියර-දිය-වීම-වෙනුවට-වැඞීමක්

Image
මෙතෙක් කලක් අප දැන සිටියේ ගෝලීය උණුසුම් වීම නිසා උතුරු ධ්රුවයේ ග්ලැසියර දිය වී යන බවයි. එහෙත් දැන් හිමාලයේ දී එය වෙනස් මඟක් ගෙන තියෙනවා. විද්‍යාඥයන්ගේ අලූත් ම සොයා ගැනීම වන්නේ ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියර දිය වීම වෙනුවට ලියලීමක් හෙවත් වැඞීමක් සිදු වන බවයි! ප‍්‍රංශ චන්ද්‍රිකාවකින් ගත් ඡායාරූපවලින් මේ බව හෙළි වී තියෙනවා. හිමාලයේ බටහිර කඳුවළල්ලේ ග්ලැසියර මෙසේ පසුගිය දශකයක කාලය තුළ දිය වීම වෙනුවට වර්ධණය වී ඇති බව හෙළි වෙනවා. ගෝලීය සිසිල් වීමක්! කේ 2 නම් කරාකෝරම් කඳුවැටියේ ග්ලැසියරවල වර්ධනයක්! ලෝකයේ උස ම ශිඛර අතරින් දෙ වන තැන් ගන්නා කේ 2 ශිඛරය, එනම් කරාකෝරම් කඳු වැටියේ ඇති ග්ලැසියර මෙසේ වර්ධනය වන ඒවා ලෙස දැන් හඳුනා ගෙන තියෙනවා. මේ විස්මිත සොයා ගැනීමෙන් විද්‍යාඥයන් දැන් අන්දුන්කුන්දුන් වී ගිහින්. ලෝකයේ අනෙක් පෙදෙස්වල ග්ලැසියර ගෝලීය උණුසුම් වීම හේතුවෙන් දිය වී, ක්ෂය වී, හැකිළී යද්දී මේ හිමාලයේ ග්ලැසියර පමණක් මෙසේ වර්ධනය වීම ඔවුන්ගේ පුදුමයට හේතුවක් වී තියෙනවා. ප‍්‍රංශයේ ග්රෙනෝබල් විශ්ව විද්‍යාලයේ හා විද්‍යා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රංශ විද්‍යාඥයන් තමයි, මේ චන්ද්‍රිකා ඡායාරූප වි