ඇඩ්සෙන්ස් කරනා අයට හිතන්නට යමක්...

වර්තමානයේ අපේ ගොඩක් අය ඇඩ්සෙන්ස් කරනවා. ඒවගේම අපි Google කියන නමට වඩා Ad sense කියන නම බාවිතා කරනවා. ඒ නිසා මම මෙහි ඇඩ්සෙන්ස් සමාගම කියලා නම බාවිතා කරනාවා(දන්නෝ දනිති). ඇඩ්සෙන්ස් තලදි කලයුතු නොකල යුතු දැ පිලිබදව අමුතුවෙන්ම කියන්නට දෙයක් නැහැ. නමුත් තවමත් යම් යම් දෙවල් සම්බන්දව ඇති සැල කිල්ල ඉතාමත් පහල මට්ටමක පවති. ඇඩ්සෙන්ස් වලදි අපට මසකට ලොකු ගානක් සොයන්න පුළුවන්. නමුත් මේ කතාව බොහෝ දෙනෙකුට සාධාරණ නැහැ. අපි රැකියවක් ගත්තත් ලොකු ගානක් හොයන අය ඉන්නවා. නමුත් හැම කෙනෙකුටම ලොකු ගානක් එම රැකියව තුලින්ම හොයන්න බැහැ. පරිගණක අලෙවි අංශය ගත්තොත් පරිගණක අලෙවිය අතින් සහ ඒ ආශ්‍රිත රැකියා වලින් කෝටපතියන් වෙච්ච අය ගොඩක් ඉන්නවා. නමුත් පරිඝනක කඩ දමලා ඒවා බංකොලොත් වෙලා බදු ගෙවන්න විදුලි බිල ගෙවන්නවත් බැරිව ඒවා වසා දමපු ගොඩක් අය ඉන්නවා. එම නිසා පරිඝණක අලෙවියෙන් කෝටි ගණන් ඉපයිය හැකිය යන්න කාටත් සාධාරණ කතාවක්නොවේ. ඒ අනුව ඇඩ්සෙන්ස් දෙස බැළුවොත් ඇඩ්සෙන්ස් තුලින් අසිමිතව උපයන්න නැත්නම් මසකට ලක්ෂයක් උපයන්න වගේව ඉතා සිමි...