Posts

Showing posts from June 15, 2012

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

Image
සිත්ගන්නා සුලු නව ආරක්ශක උපාංග කිහිපයක් සමග ඔපෙරා 12 නව සංස්කරනය නිකුත්වී ඇති බවයි පැවසෙන්නේ. ඔබගේ පෞද්ගලික හැසිරීම් ‍රැස්කර ගැනීමට යම් වෙබ් අඩවි ක්‍රියා කරන විට භාවිතාකරන්නා වෙත ඒ පිලිබද දැනුවත් කිරීම වැනි ආරක්ශක පියවරයන් මෙන්ම තේමාවක් තොරා ගැනීමේදී සිය ගනනක් ඇසුරින් වඩාත් අපූරු තේමාවක් ‍තෝරා ගැනීම වැනි සැහැල්ලු භාවිතයකට උපකාරවන පියවරයන් දක්වා නවාංග කිහිපයක් නව සංස්කරනය සමගවන බවටයි කිය වෙන්නේ. දෘඩාංග තීවරකරනය වැනි අත්හදා බැලීමේ  නංවාග ද සහිත මෙම මෘදුකාංග පහත දක්වෙන ලිපිනය ඔස්සේ ලබා ගත හැකිවන අතර තේමාවන් ලාබා ගැනීම සදහා දෙවන ලිපිනය ඔබට සහය වනු ඇත. http://www.opera.com/?ref=home   https://addons.opera.com/en/themes/

ෆේස්බුක්-වෙතින්-ආරක්ශාව-පිලිබද-ප්‍රවර්ධන-වැඩසටහනක්

Image
ෆේස්බුක් අඩවිය තම භාවිතාකරන්නන් වෙත අනුගමනය කලයුතු ආරක්ශා පියවරයන් ගැන නැවත මතක් කරදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් නැවත ආරම්භ කර ඇති බවටයි පැවසෙන්නේ. ඒකම අවසර පදය ගිනුම් කිහිපයක් සදහා භාවිතාකිරීම වැලක්වීම , ෆේස්බුක් ආයතනය වෙත ලබා දෙන මොබයිල් දුරකථන අංකයක් මගින් ලබා ගන්නා අමතර අවසර පදයක්ද භාවිතාකරන්නට පටන් ගැනීමෙන් ගිනුමේ ආරක්ශාව වඩාත් තරකර ගැනීම වැනි සරල මුත් බොහෝ භාවිතාකරන්නන් විසින් අතපසුකර දමන කාරනා වල සිට වඩාත් නවීනතම ආරක්ශක ගැටලු හා ඒ සදහා ගත හැකි පියවරයන් පහදා දීම සිදුවන බවටයි සටහන් වන්නේ. ඉදිරි දින කිහිපය තුල මේ වැඩසටහන සියලු භාවිතාකරන්නන් වෙත මුදා හැරෙනු ඇති බවට ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා. http://www.facebook.com/about/security

අපරාධ-මර්ධනයට-නව-පරිගණක-ඇසක්-වැරදි-කරන-අය-ගැන-විමසිල්ලෙන්-හිඳ-වැරදි-කරන්න-පෙර-අල්ලා-ගන්න-ක‍්‍රමයක්

Image
ත‍්‍රස්තවාදියකු හෝ දරුණු අපරාධකරුවකු හෝ ගැන සෝදිසියෙන් සිටින්නට මේ පරිගණක කැමරා පද්ධතියට පුළුවන්. ඔහු අපරාධයක් කරන්න පෙර සිට ම ඔහු හඳුනා ගෙන ඒ පිළිබඳව අදාළ අය දැනුවත් කිරීමටත් එයට පුළුවන්. ‘බිග් බ‍්‍රදර්’ (ලොකු අයියා) යනුවෙන් හැඳින්වෙන මේ උපකරණ කට්ටලය දුම්රියපොළවල හෝ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි තුළ හෝ මහජනයා ගැවසෙන ස්ථානවල හෝ සවි කළ හැකියි. එවිට මේ පරිගණක පද්ධති කැමරා පසු කර යන අයකු සැක කටයුතු නම් මේ උපකරණවලට එසැණ එය වැටහෙන අතර ඒ මොහොතේ සිට ම ඒ ගැන සෝදිසියෙන් ඉන්නවා. මේ උපකරණ තුළ ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ඇතුළත් කරල තියෙනවා.   නව චර්යා හඳුනා ගැනීමේ පද්ධතිය නිපදවූ BRS ආයතනය මේ සඳහා යොදා ගන්නේ ‘අල්සයිට්’ නම් මෘදුකාංගයක්. මේ පරිගණක කැමරා පද්ධතියට හැම පැත්තකින් ම බලා සැක කටයුතු අය කල්තියා හඳුනා ගත හැකියි. නව චර්යා හඳුනා ගැනීමේ පද්ධතිය නිපදවූ BRS ආයතනය කියන්නේ දැනටමත් ඔවුන් මේ ආවේක්ෂණ කට්ටල සංචාරක ආකර්ෂණය ඇති තැන්වල, රජයේ ගොඩනැගිලිවල, ඇමරිකානු හමුදා කඳවුරු අවට සවි කර ඇති බවයි. ඇමරිකාවේ ටෙක්සාස් මුලස්ථානය කර ගත් මෙම ආයතනයේ ශාඛා කාර්යාල එංගලන්තයේ ලන්ඩනයේ, බ‍්‍රසීලයේ සාවෝ පවුලෝ හා ස්පාඤ්ඤයේ බාසිලෝ