මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්..... (දෙවන කොටස)
මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ.



මුලින්ම බලමු Info කොටස ගැන. මෙතනින් අපිට පුලුවන් වෙනවා අපේ PPT එකේ Properties බලාගන්න. ඒ වගේම Protect කරන්න පුලුවන් මේ ස්ථානයෙන්. අපිට කැමැති Password එකක් දීලා Security එක වැඩි කරගන්න පුලුවන්. මේ අවස්තාවෙදි නම් 2010 සහ 2013 නිකුත් කිරීම්වල වෙනසක් දකින්න නැති තරම්. ඊලගට අපි බලමු New කොටස ගැන. පොඩි වෙනසක් පේනවා නේද?
බැලූ බැල්මට පොඩි වෙනසක් පේන්න හදල තියෙනවා. 2013ට වුනත් අපිට අවශ්‍ය තරම් Templates දාගන්න පුලුවන්. Internet එකේ Search කලොත් ගොඩක් ගන්න පුලුවන් වෙයි. ෆයිල් එකක් Open කරන්න තියෙන ස්ථානයෙත් වෙනසක්…!
දැන් බලමු Save as ගැන. අලුත් එකේ නම් මේක අලුත් විදියකට දීලා තියෙනවා. අනාගතයට ගැලපෙන ආකාරයට තියෙනවා. SkyDrive එකට කෙලින්ම Save කිරීමේ හැකියාව තියෙනවා.
Print වලත් ලොකු වෙනසක් වෙලා නෑ.
Send කොටස Export ලෙස වෙනස්වෙලා.
අලුත් Export තුල PDF සැදීමේ පහසුකම අලුතින් එක් වූ අංගයක්. එහි ඇති අනෙකුත් පසහුකම් ඒ ලෙසටම නොවෙනස්ව තියෙනවා.
අලුතෙන් එන PowerPoint 2013 තුල Help ලබා ගැනීමට F1 යොදාගන්න පුලුවන්. File Menu එකේ වෙනම Help සටහන් වෙලා නෑ.Account නමින් වෙනම කොටසක් එක්වෙලා තියෙනවා. ඒ තුල තමයි Product Details ඇතුලත් වෙන්නේ.
Options වෙත ගොස් බැලුවහම තියෙන වෙනස්කම් ගැනත් බලමු. එහි General තුලට අලුතින් Start Up Options වෙනස් කිරීමේ පහසුකම එක්වෙලා තියෙනවා. Background එකට කලර් එකක් වෙනුවට Picture එකක් එකතු කිරීමේ පහසුකම එකතු කරලා තියෙනවා.
Proofing තුල වෙනස්කමක් වෙලා නැතිහැඩයි.
Save තුලට අලුතින් Options එකතු වෙලා තියෙනවා. ඒ Save Presentation කොටසට.
Advanced කොටස ගැනත් බලමු. 2010ට වඩා 2013 වෙනකොට මෙහි තවත් Options ගණනාවක් අලුතින් එකතුකරලා තියෙනවා.

















අනුන්ගේ පෝස්ට් උස්සලා තමන්ගේ වගේ දාන එක කැත වැඩක් බං
ReplyDeleteKathai honde
ReplyDeletehttp://www.geek.lk/discussion/5714/මම-දැම්ම-පෝස්ට්-එකක්-වෙනත්-සයිට්-එකකත්-ඒ-විදියටම-තියෙනවා
මෙන්න ඔරිජිනල් පෝස්ට් එක
ReplyDeletehttp://lessonforfree.blogspot.com/2012/10/microsoft-office-2013.html
වැඩේ කැතැයි නේද?
අවන්කවම වැඩේ කැතයි. එක්කෝ අහල දන්න ඕනේ නැත්නම් මේකේ බාගයක් දල ඉතිරිය කියල ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක දන්න ඕනේ. මේ වගේ පොස්ට් එකක් හදන්න කොචර මහන්සි වෙනවද කියල තමුන් නිකමට හරි පොස්ට් එකක් හදල බලන්න. ඔතොකොට තේරේවි කොචර අමාරුද කියල.
ReplyDeleteඅප මෙහි පල කරන සියළුම ලිපි අපගේ බ්ලොග් ටීම් එකේ සාමාජිකයින් විසිනි.
ReplyDeletehttp://www.embilipitiya.info/p/blog-page_04.html
yako hariya copy karandawath igena ganin.
ReplyDeleteපලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ.
meke link eka wath marukaranna thota molayak nane