නන්නාදුනන පිරිසක් GODADDY වලට රිංගයි


ලොව විශාලතම වෙබ් හොස්ටින් සැපයුම් හා ඩොමේන් නේම් ලියාපදිංචි සමාගමක් වන Godaddy වෙබ් අඩවිය වෙත මීට පැය කිහිපයකට පෙරාතුව නන්නාදුනන පිරිසක් ඇතුළු වූ බව BBC වෙබ් අඩවිය සදහන් කරනවා.‍කෙසේ හෝ මෙසේ පහරදීමකට ලක්ව ඇත්තේ ඔවුන් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ගෙන ආ SOPA පනතට සහය දැක්වූ නිසා බවයි පැවසෙන්නේ.ඵමෙන්ම  Godaddy කළමණාකාරීත්වය විසින් මේ වන විට තාවකාලිකව වෙබ් අඩවියේ කටයුතු නවතා දමා ඇති අතර,ඵය යථා තත්වයට පත්කිරීමට සිය කාර්ය මණ්ඩලය සමගින් ලහි ලහියේ වෙහෙසෙන බවද ඵහි ප්‍රකාශකයකු BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

Godaddy Down By Anonymous Before Few Hours



    මෙම ඛේදවාචකයත් සමගින් Godaddy සේවය සලසන  තවත් වෙබ් අඩවි මිලියන ගණනක් අවදානමට ලක්වී ඇති බව ද සදහන් වෙනවා.කෙසේ හෝ මේ  පිළිබද වැඩිදුරටත් කරැණු හෙළිකරන  Godaddy ප්‍රකාශකයකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ මෙය DNS යටිතල ව්‍යූහයට ඵල්ල වූ Dos ගණයේ පහරදීමක් බවයි.ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තර ඇනොනිමස් සංවිධානයේ ආරක්ෂක ප්‍රධානියෙකු යයි කියාගන්නා AnonymousOwn3r නම් පුද්ගලයෙකු විසින් භාරගෙන තිබෙනවා.Techcrunch වෙබ් අඩවිය නම් කියල තිබ්බේ AnonymousOwn3r මෙම ප්‍රහාරය  සැලසුම් කරල තියෙන්නෙ බ්‍රසීලයේ සිට කියලයි.



ප්‍රහාරය පිළිබද AnonymousOwn3r වාර්තා කළ ආකාරය

     ඵමෙන්ම Godaddy මුල් පිටු‍වේ විශේෂ සටහනක් තබමින් ඔවුන් පවසා සිටින්නේ පාරිභෝගිකයන්ගෙ තොරතුරැ,විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් තොරතුරැ,පාස්වර්ඩ්,නම් හා ලිපිනයන් සුරක්ෂිත කිරීමට මේ වන විට සිය කාර්ය මණ්ඩලය දීර්ඝ මෙහෙයුමක් අරඹා ඇති බවයි.තවද ඉදිරි පැය 24 කට මත්තෙන් නැවතත් සිය සේවා යථා තත්වයට පත්කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන බවද සිදුවන ප්‍රමාද දෝෂයන් පිළිබද සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කණස්සල්ල ප්‍රකාශ කරන බවද ඵම සටහන ඔස්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"