මිල්කෝ සමාගමේ කිරි මාෆියාව (දෙවන කොටස)


අකාර්යක්ෂම පරිපාලනය සහ අඩු පහසුකම් පිලිබඳ හේතු දක්වා මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමේ වෑයමක් පිලිබඳ වාර්තා වේ.

මෙම වැඩපිළිවෙල දියත්කොට ඇත්තේ ජනාධිපති ආර්යාවගේ ඥාතියෙකු වන මිල්කෝ සමාගමේ නව අධ්‍යක්ෂක වරයා වන සුනිල් වික්‍රමසිංහ විසිනි.

කිරි ගොවීන්ගෙන් කිරි මිලටගෙන ඒවායින් වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට මිල්කෝ සමාගම පියවරගෙන තිබු අතර මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියේ එලෙස කිරි ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් විනාශකොට ඇති බවයි.


දිවයිනේ සියලු කිරි ගොවීන්ගෙන් දිනපතා එකතුවන කිරි ප්‍රමාණය කිරි ලීටර් ලක්ෂ හයකට ආසන්න වන අතර ඉන් මිල්කෝ සමාගම සිය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ කිරිලිටර් ලක්ෂ දෙකක් වැනි සුළු ප්‍රමාණයකි.

මිල්කෝ සමාගම විසින් ප්‍රාදේශීය කිරි එකතු කරන්න වෙත දැනුම් දී ඇත්තේ කිරි ගොවියන්ගේ සියලු කිරි මිලට ගන්නා ලෙසයි.මේ වනවිට කිරි සඳහා ලැබී ඇති සහතික මිල වන්නේ රුපියල් 40 කි. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් දැවැන්ත මුදලක් වැයවන අතර ඒ සියල්ල වැයවන්නේ නිකරුනේ කිරි විනාශ කිරීමටය.

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් කිරි පැකට් නිෂ්පාදනය සඳහා ගෙන්වූ UHT මැෂින් දෙකෙන් නිෂ්පාදනය කෙරෙන කිරි පැකට් වලට ශ්‍රී ලංකාවේ ජනතාව හුරු වී නැති හේතුවෙන් විශාල ලෙස එම කිරි පැකට් ඉතිරි වීමට පටන්ගන ඇති බවත් පැවසෙනවා.

කෙසේ නමුත් මිල්කෝ සමාගමේ සේවකයන් විසින් අනාවරණය කරන්නේ මෙම තත්වය සිදුවන්නේ මිල්කෝ සමාගමේ අකාර්යක්ෂමතාවය හා යන්ත්‍ර සුත්‍ර හිඟකම බව උලුප්පා දක්වමින් නව අධ්‍යක්ෂවරයා එය පෞද්ගලිකරණය කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බවයි.

මෙයට විරුද්ධව ක්‍රියාකරන සේවකයන් කෙරෙහි මර්ධනකාරී ප්‍රතිපත්තියක් මිල්කෝ සමාගම විසින් ගෙන ඇති අතර මේවනවිටත් සේවකයන් හතර දෙනෙකු සේවයෙන් පහකොට ඇති අතර එක සේවකයෙකු අනුරාධපුර ප්‍රදේශයට මාරු කර යවා ඇත.

මීට පෙර ලිපියකින් අප විසින් හෙළි කළ පරිදි අඹේවෙල නිෂ්පාදනාගාරයේ වලක් කපා කිරි ඉවතහලා තිබුනේ මෙසේය.


Read more: http://www.gossip9.com/2012/09/blog-post_6496.html#ixzz26QPgvLYK



Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"