ආදිවාසීන් හා මංත්‍රීවරුන්ගේ කි‍්‍රකට් තරඟ අදයි


පාර්ලිමේන්තුවේ මැති ඇමැති කණ්ඩායම හා දඹාන ආදිවාසි කණ්ඩායම අතර සුහද කි‍්‍රකට් තරගයක් බදුල්ල පාපන්දු කී‍්‍රඩාංගණයේදී මේ වනවිට පැවැත් වෙනවා.

ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායම රට වටා යන ගමනේ ඔවුන් සහභාගි වූ 9 වන ක්‍රිකට්‌ තරගය මෙයයි.

රාති‍්‍රයේ ශ්‍රී ලාංකීය නැටුම් සහ ආදිවාසී නැටුම් ඇතුළත් ගිනිමැල සංදර්ශනයක්ද සංවිධානය කැර ඇත.

මෙහිදී ඇමැති කණ්ඩායම නියෝජනය කරන්නේ
සනත් ජයසූරිය (නායක), ඩලස් අලහප්පෙරුම (උප නායක), සුසිල් පේ‍්‍රම ජයන්ත, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පේ‍්‍රමලාල් ජයසේකර, රෝහිත දිසානායක, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, දිලූම් අමුණුගම, තාරානාත් බස්නායක, නෙරංජන් වික‍්‍රමසිංහ, ජානක වක්කුඹුර යන අයයි.

ආදි වාසි කණ්ඩායම නියෝජනය කරන්නේ
ඌරුවරිගේ හීන් බංඩා (නායක) තාලවරිගේ ගුණරත්න (උප නායක), ඌරුවරිගේ සුදා, තාලවරිගේ ජයරත්න, ඌරුවරිගේ පුංචි බංඩා, ඌරුවරිගේ සුදු බංඩා, ඌරුවරිගේ ධනුෂ්ක, ඌරුවරිගේ කළු බංඩා, තාලවරිගේ රත්නපාල, ඌරුවරිගේ මහතුන්, ඌරුවරිගේ සංජීව, තාලවරිගේ කළුවා, ඌරුවරිගේ චුට්ටා, ඌරුවරිගේ බංඩා යන අයයි.

පසුගිය 08 වෙනිදා අහුංගල්ල සංචාරකයින් ප්‍රවාහනය කරන්නන්ගේ කණ්‌ඩායම හා ආදිවාසී කණ්ඩායම අතර ක්‍රිකට් තරඟයක් අහුංගල්ල ගා/රාජපක්‍ෂ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැති අතර එය ඩ්ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා..

අයහපත් කාලගුණය හේතුවෙන් තරඟය නතර කෙරුණු අතර තරඟයේ වාර්තා වූ එකම අර්ධ ශතකය ලබාගත්තේ ආදිවාසී කණ්ඩායමේ "මංචි කැකුලා" විසිනි.

ඔහු ලකුණු 73ක් ලබා ගත් අතර එයට හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් විය. අහුංගල්ල සංචාරකයන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයට වසර පහක්‌ සම්පූර්ණ වීම සමරමින් හැරිටන් හොටෙල් අනුබද්ධ එම සංගමය මගින් මෙය සංවිධානය කර තිබිණා.

එම තරඟයේ වීඩියෝවක් පහතින්.


පසුගිය මැයි මාසයේදී කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදීද ආදිවාසීන් හා නළු නිළියන් අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වුණා. 

කුරුණගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානය එය සැළසුම් කළ අතර නළු නිළියන් වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ජයරත්න, රොෂාන් රවීන්ද්‍ර, බුද්ධික ලොකුකෑටිය, රෝසි රෝමා, ලක්ෂිකා ෆොන්සේකා, ටෙඩී විද්‍යාලංකාර, කුමාර රණපුර, චුලා මෙන්ඩ්ස් සහභාගී වුණා.

එහි ජායාරූප පහතින්




Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"