Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........
Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........

ඒ වගේම එය Download කර ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවියේම තිබුනත් මේ වෙබ් අඩවියට පිවිසීමෙන් වුවත් ලබා ගන්න පුළුවන් - http://bitmate.en.malavida.com/ ඔබත් මෙය අත්හදා බලා වෙනසක් තිබේදැයි බලන්න.
දෙවනියට කියන්න යන මෘදුකාංගයත් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න හැකි එකක්. මේ මෘදුකාංගයේ නම තමයි Free Download Manager.
වේගවත් වගේම සාර්ථක අවසානයක් ලබා දෙන මෙහි යම් හෙයකින් Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවත් ඒ වනවිට අප පරිගණකයට ලබාගෙන සිටින කොටසවත් නැරඹීමේ හැකියාව මෙයින් භාගත කර ගැනීමෙන් ලැබෙනවා. තවත් වාසියක් තමයි Torrent වුවත් මෙයින් භාගත කර ගැනීමට ඇති හැකියාව. ඒ වගේම Youtube සහ තවත් ප්‍රධාන පෙළේ Video නැරඹීමට දෙන වෙබ් අඩවිවල Video download කර ගැනීමේ අවස්ථාවත් මෙයින් ලබා දෙනවා.
සාමාන්‍යයෙන් අද කාලයේ ජනප්‍රියම සහ හොදම Download Manager එකක් විදියට සලකන Internet Download Manager එකට වඩා මෙහි Download speed එක ටිකක් අඩු වූවත් එහි නැති වාසි කිහිපයක් මෙහි තිබෙනවා. ඒවා තමයි Internet Download Manager එක මුදල් ගෙවා Register කර ගැනීමට සිදුවීම, ඇතැම්විට අවසානය ඔන්න මෙන්න තබා තිබියදී ඇතැම් අඩවිවල ගොනු භාගත කරගැනීමේදී අත්හිටුවීම් සිදුවීම, මුලින් කී Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවහොත් එය ඒ දක්වා වත් නැරඹීමට නොහැකිවීම වගේ කාරණා වලදී Free Download Manager එක වාසි සහගතයි කියා කියන්න පුළුවන්. තව වාසි කිහිපයක්ම තිබෙනවා. කැමතිනම් ඔබත් ඒවා අත්විද බලන්න. මෙන්න Free Download Manager ලබා ගන්න පුළුවන් ස්ථානය - http://www.freedownloadmanager.org/download.htm
Comments
Post a Comment
ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...