සිසුවිය-ගණිකාවක්-කල-අය-තංගල්ලේදී-අත්අඩංගුවට

තංගල්ල ප්‍රදේශයේ හෝටල් කිහිපයක රඳවාගෙන බාලවයස්කාර දැරියක් ගණිකා ජාවාරමේ යෙදවු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සතියකට පමණ පෙර හක්මන ප්‍රදේශයේදී අදාළ පාසල් ශිෂ්‍යාව තරුණයෙකු විසින් රවටා ගෙන ගොස් ප්‍රදේශයේ හෝටලයකදී ඇය දුෂණය කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.

පොලීසිය පැවසුවේ, පුද්ගලයකු අදාළ දැරිය තංගල්ල ප්‍රදේශයට රැගෙනවිත් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද පොලීසියට භාර වී තිබේ.

ඔහු සමග සැකකරුවන් පස්දෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

Comments

Popular posts from this blog

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

Facebook Password Reset කරන්නේ කොහොමද?