හිරුණිකා මරන්න කොන්ත්‍රාත්තුවක්


ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අබිහස් ලෙස ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවී තිබේ.

ඉදිරියේදී දේශපාලන වශයෙන් අභියෝගයට ලක්වේයැයි හා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ඉදිරයට කරගෙන යාම වැලැක්වීම මෙහි අරමුණ වී තිබේ.

කොළොඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලඥයෙකුගේ වුවමනාවට ඇය ඝාතනය  කිරීමේ කොන්ත්‍රාත්තුව පාතාල කල්ලි දෙකකට ලබාදී ඇති බවට වාර්තා වේ.

එම පාතාල කල්ලියක සාමාජිකයෙකු කරන ලද පාපොච්ච්රණයකදී මේ බව හෙළි කර ගැනීමට ඉරිදා රන්දිව පුවත්පතට හැකිවී තිබේ.

අදාළ දේශපාලඥයාගේ අනුගාමිකයන් දන්වා ඇත්තේ ඉදිරි මාසයක් තුලදී ඇයව ඝාතනය කරන ලෙසයි.

Source : Me

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

Inspirational movies 2022 – Problem Deflated

Facebook Likes Buy Now 10K Likes in 60$