අත්තනගල්ලෙන් මෝහිණී මතුවෙයි


ත්‍රිවිල් එකට නැග අතුරුදන් වෙන 
සුදු ඇඳගත් කාන්තාව  


අත්තනගල්ල ගෝනගල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සුදු ඇඳගත් අත්භූත කාන්තාවක් හේතුවෙන් භීතියට පත්ව තිබෙනවා.මේ හේතුවෙන් සවස හයෙන් පසුව එම ප්‍රදේශය ජන ශුන්‍යයවන බව වාර්තා වනවා.එම ප්‍රදේශයේ කිහිප දෙනෙකු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අතර අත්භූත අත්දැකීම් ලද අයද වෙයි. 

සිද්ධියට මුහුණ පෑ ත්‍රි රෝද රථ රියදුරන් එම අත්දැකීම විස්තර කොට තිබුනේ මෙසේය.

සුදු හැඳගත් ගැහැණු ළමයෙක් ත්‍රිවිලයට අත දමා නවත්වා ඇති අතර ත්‍රිවිලය නැවැත්වූ පසු ඇය එයට ගොඩ වී ඇත්තේ ත්‍රි රෝද රථ රියදුරාගේ උරහිසටද අතක් තබාගෙනය.ටික දුරක් ගොස් බලන විට එම කාන්තාව අතුරුදන්වී ඇති බවත් තමාගේ උරහිස ඉස්සීමට නොහැකි බවත් ත්‍රි රෝද රථ රියදුරන් කිහිපදෙනෙකුටම දැනී ඇත.


තවත් එක ත්‍රිරෝද රථ රියදුරෙකු මෙම අත්භූත කාන්තාව සිය රථයේ නංවාගෙන ටික දුරක් යනවිට තුරුදන් වී තිබේ.නැවත ඔහු ගෙදර පැමිණ ස්නානය කරන විට නිවසේ ජාල ටැංකිය අසලින් එම කාන්තාව මතුවී ඇත.

කෙසේ නමුත් සිද්ධියට මුහණ පෑ පුදගලයන් මෙම සිදුවීමෙන් කම්පනයට පත්වී ඇති අතර මේ අතර කට කතාද සීග්‍රයෙන් පැතිරගොස් තිබේ.


ප්‍රදේශවාසීන්ගේ භීතිය තුරන් කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතාගේ අදහස වන්නේ මෙය මිනිසුන් අස්තානයේ බියකිරීමට ගොතන ලද කතාවක් බවයි.

Source: Me

Comments

Popular posts from this blog

How to Open a Medical Assistant School

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

Online surgical tech program