හම්බන්තොට බේරා ගන්නට වාහනවලට වැඩියෙන් ගෙවමු


ලංකාවේ ආණ්ඩුව හම්බන්තොට වරායක් හැදුවේ ය. ඒ හැදුවේ වලේ ගල් කඩන්නට පෙර වතුර පුරවා බව දැන් කවුරුත් දනිති. වරාය හදන්න හා ඉන් පසු වතුරට යට වූ ගල් කඩන්නට වැය කළේ මහජන මුදල් ය. 


දැන් වරායට ඇති ලොකු ම ගැටලුව නැව් නො එන එක ය. ඒ නිසා මැයි 31 සිට වාහන නැව් හම්බන්තොටට තල්ලු කිරීමට ආණ්ඩුව නීතියක් පනවා ඇත.


හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ කොළඹ වාහන ගබඩා කරන්නට ඉඩ නැතිකම ය. එය බොරු හේතුවකි. වාහන ආනයනකරුවෝ ඉක්මණින් වාහන ඉවත් කර ගන්නා අතර, බදු වැඩි කිරීම නිසා දැනට නම් වාහන ආනයනය බෙහෙවින් අඩු වී තිබේ. 


වාහන හම්බන්තොටින් ගොඩ බා, ඒවා වාහන ප්‍රවාහන රථවලින් කොළඹට ගෙන එන්නට සිදු වීම නිසා තමන් ගෙන්වන වාහනයකට අමතර රු. 25,000ක මිලක් එකතු වන බව  මරුති හා සුසුකි නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම පවසයි. 


මේ හම්බන්තොට බේරා ගැනීම වෙනුවෙන් වැය කරන අමතර ඉන්ධන නිසා ය. වාහන ආනයනය සීමා කළේ ඉන්ධන පරිභෝජනය අවම කරන්නට යයි ද කියැවේ. 


හතර බීරි කතා හා වලිගය විසින් බල්ලා සෙලවීම සිහිපත් වන්නේ මෙවැනි දේ නිසා ය.තවත් විස්තර මෙතැනින්

Source :Me

Comments

Popular posts from this blog

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

Facebook Password Reset කරන්නේ කොහොමද?

ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය...