අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!


අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!



කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?
නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???

මෙන්න විස්තරේ! 
මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...

අපි නිදාගෙන ඉන්නකොට උඩකින් වැටෙනවා වගේ දැනෙන එකත් ඒකට ප්‍රතිචාර විදිහට අපි අතට අහුවෙන දෙයක් තදින් අල්ලගන්න එකත් තමයි මෙතනදි වෙන්නේ!
මේ ක්‍රියාවලියට කියන්නේ Hypnotic Jerk කියලා.

මේක බොහෝ දුරට තද නින්දකදි වෙන දෙයක් නෙවෙයි.
ගොඩක් මහන්සිවෙලා/තෙහෙට්ටු වෙලා නිදා ගන්නකොට,දවල් නිදා ගන්නකොට හෝ කලාතුරකින් රෑට නින්ද යාගෙන එනකොට තමයි මේ සිද්දිය සිදුවෙනවා කියලා කියන්නේ!

     අපිට නින්ද යාගෙන එනකොට අපේ මාංශපේෂීත් ටිකක් විවේක ගන්න සූදානම් වෙනවා..
ඉතින් එහෙම විවේක ගන්න හිතාගෙන මාංශපේෂි ඉහිල්(relax) වෙද්දි අපේ මොළය මේ සංඥා වරදවා වටහා ගන්නවා..මොළය මේ සංඥා වරදවා වටහාගන්නේ අපි උඩකින් වැටෙද්දි ලැබෙන සංඥාවන් විදිහට..
     මොළය මේවා ලැබුනු ගමන් හැරෙන තැපෑලෙන් අතේ හා කකුලේ මාංශ පේෂී වලට සංඥා යවනවා වැටෙන එකෙන් වැලකෙන්න මොනවා හරි තදින් අල්ලගන්න විදිහට!!!
ඒ සංඥා අනුව තමයි අපි ඇඳ බදාගෙන නැගිටින්නේ...
(මොළය වැරදි කරන්නේ බොහොම කලාතුරකින්..මේ වැරදි වටහා ගැනීමත් එහෙව් දුර්ලභ වැරැද්දක්!)


මේකෙ තව විද්‍යාත්මක පැහැදිලි කීරීමක් තියනවා...
     මිනිස්සුන්ගේ පරිණාමය වානරයන්ගෙන් පැවත ආපු එකක් කියලා විශ්වාස කරන උදවිය ඒ මතය තවුරු කරන්නත් මේ සංසිද්ධිය භාවිතා කරනවා..
ඔවුන් පවසන විදියට වානරයන් ගස් උඩ නිදා ගනිද්දි ඇතැම් අවස්ථාවල වැටෙන්න බලනවලු.එහෙම වැටෙන එකෙන් වැලකෙන්න එයාලගේ තියන යාන්ත්‍රනයක්ලු මේක! ඒක අපෙත් ක්ෂීන නොවී තාමත් පවතිනවලු!

එච්චර දුර යන්නේ මොකටද? මිනිස්සු වානරයන්ගෙන් පැවත එන බවට ගෝල්ඩ් ෆිෂ් ගේ ගෙවල් පැත්තෙන්  තියන මේ සාක්ෂිම මදැයි?--------------------------------> ඔබන්න!

Source : Here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"