රොහාන් වැලිවිට උමයංගනාට හා සඳනිට හරහට හිටි


ප‍්‍රවීන චිත‍්‍රපට සංස්කරණ ශිල්පියකු වන ඩෙන්සිල් ජයවීරගේ කළුදුල්චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය වූ ‘වස්සානයේ සෙනෙහස’ ප‍්‍රදර්ශනය ආරම්භකිරීමට දින නියමවී තිබුණේ මාර්තු 02 වැනිදා (ඊයේ) ටය.කෙසේ වුඩෙන්සිල්ට සිය චිත‍්‍රපටය ඊයේ තිරගත කිරීමට නොහැකි විය.


ඊට
 හේතුවූයේ එම චිත‍්‍රපටයේ පිටත් ඊයේ දිනය වන විටත් නොලැබීමනිසාය. මෙම පිටත් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ගැනීමේමූලිකයා ලෙස කටයුතු කළ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වනරොහාන් වැලිවිට ට එම පිටපත් ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසාමෙම අකරතැබ්බය සිදුවී තිබේ.

රොහාන්ගේ
 නොහැකියාවේ ප‍්‍රතිඵලය වූයේ ‘වස්සානයේ සෙනෙහස’ප‍්‍රදර්ශනය ලබන 09 වැනිදා දක්වා කල්යාම බව කලා ක්ෂේත‍්‍රයෙන්වාර්තා වේ.‘වස්සානයේ සෙනෙහස’ හි ප‍්‍රධාන නිළිය ලෙස උමයංගනාවික‍්‍රමසිංහත්ප‍්‍රධාන නළුවා ලෙස චන්දික නානායක්කාරත් චරිත මවන අතර මෙහිදී ළමා නිළි උදාර ලක්සිරණි ද සිනමාවට හඳුන්වාදීමටනියමිතය.

සඳලි
 සුලක්ඛනා හා උමයංගනා වික‍්‍රමසිංහ යන ටෙලි නිළියන් දෙදෙනාචිත‍්‍රපටයක ප‍්‍රධාන චරිත මවන ප‍්‍රථම අවස්ථාව ද මෙයවීම විශේෂසිද්ධියකි.කෙසේවුවද අදාළ සිද්ධියත් සමග සඳනි හා උමයංගනාගේරංගන ප‍්‍රදර්ශනය ප‍්‍රමාදවීම නිසා ඔවුන්ගේ සෙනසුරා රොහාන් වැලිවිටබවට ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර ඇතැයි ද පැවසේ.

මෙම 
චිත‍්‍රපටය මුලින් ‘දෑසේ දිස්නය’ ලෙස නම් කර තිබිණි.

විජේරත්න
 වරකාගොඩවීණා ජයකොඩිජනක් පේ‍්‍රමලාල්උදිත්අබේරත්නරොඞ්නි වර්ණකුලරාජසිංහ ලෝලූවාගොඩගාමිණී ජයලත්,මනෝහාරි විමලතුංගශ‍්‍රියානි මහවත්තගුණවර්ධන හෙට්ටිආරච්චිමිහිරසිරිතිලකචාමි සේනානායකආදීහු මෙහි රඟති.

සහාය
 අධ්‍යක්ෂණයෙන් රංජිත් ජයසිංහ ද, කැමරා අධ්‍යක්ෂණයෙන් එම්. ඒ. ගෆූර් ද, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් ද අල්විස් ද, අංග රචනයෙන්ගාමිණී කොස්තා ද, කලා අධ්‍යක්ෂණයෙන් ප‍්‍රසාද් උඩුගමසූරිය ද, ගී පදරචනයෙන් ආචාර්ය අජන්තා රණසිංහසමන් චන්ද්‍රනාත් වීරසිංහ ද,ගැයුමින් බුද්ධික උෂාන්නිලූපුලී දිල්හාරා සහ සේනානි පංචමධුරි දමෙයට එක්වෙති.

මෙහි
 කතාව, දෙබස්, තිර රචනය, සංස්කරණය ද අධ්‍යක්ෂවරයා වනඩෙන්සිල් ජයවීර විසින්ම සිදුකර තිබීම ද විශේෂිතය. සුදත් ධර්මප‍්‍රිය සහ උපුල් ප‍්‍රියන්ත මේ සඳහා නිෂ්පාදනයෙන් දායකවී සිටිති. කෙසේවුවද මෙරට සංස්කරණ ශිල්පින් අධ්‍යක්ෂක ගොන්නට එකතු වී ඇත්තේ අතලොස්සකි. ටයිටස් තොටවත්ත, සුමිත‍්‍රා පීරිස් ඒ අතර ප‍්‍රධාන වේ. 
අළුතින් එම අධ්‍යක්ෂක ගොන්නට එක්වූයේ ඩෙන්සිල්ය.
 


Source here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"