නීතිය ක්‍රියාත්මක නොවන ඇමති රෝහිතගේ "මාර පුත්‍රයා"



පසුගියදා පයාගලදී ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු වන ලෙෂාන් ද සිල්වාට එරෙහිව දේශපාලන බලපෑම් හමුවේ රටේ නීතිය ක්‍රියාත්මන නොවෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. 

ලෙෂාන් ද සිල්වා යනු කළුතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි වරාය සහ මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන හෙවත් "රත්තරන්" නමැති ඇමැතිවරයාගේ සොහොයුරියකගේ පුතෙකි.

වයස අවුරුදු 22 ක් පමණ වන, මෙම ඝාතන වලට වගකිව යුතු ඇමති පුත්‍රයා එම අවස්ථාවේදී හොඳටම බීමත්ව සිට ඇති අතර අනතුර සිදුවීමෙන් පසු ඔහු අල්ලාගත් විට ඇමැති රෝහිත අබේගුණවර්ධන පැමිණ ප‍්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බැන වැදී තිබෙනවා.

එම බලපෑම් හමුවේ ලීෂාන් ද සිල්වා නිදහස් කළ පයාගල පොලීසිය ඒ වෙනුවට වෙනත් අයෙක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙනවා.

අනතුර සිදුවූ දිනයේ ඇමති ඥාති පුත්‍රයා අධික වේගයෙන් එළවද්දී පයාගල ප‍්‍රදේශයේදී මුලින්ම පාපැදිය කරුවෙක් හප්පාගන ගොස් තිබෙනවා. එම පාපැදි කරු එතැනම මිය ගිය අතර නොනවත්වා රථය ධාවනය කල ඔහු තවත් එවැනිම පාපැදියක හප්පා තිබෙනවා. ඒ අවස්ථාවේ පාපැදියේ ගමන් කළ තරුණයා ද එතැනම මරුමුවට පත්ව තිබෙනවා. මියගිය දෙදෙනාම පයාගල ප‍්‍රදේශයේම වයස 28 හා 30 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

එම අනතුරෙනුත් පසු වාහනය දිගින් දිගටම ධාවනය කරගෙන යද්දී එය යතුරු පැදියක හැපී තිබෙන එම යතුරුපැදි කරු තුවාල ලබා තිබෙනවා.


වාහනය නතරවී තිබෙන්නේ අසළ බිත්තියක් කඩාගෙන ගිය පසුවයි. එම සිද්ධිය වන අවස්ථාවේ ඇමති ඥාති පුත්‍රයා අධිකව බීමත්ව සිට ඇති අතර අනතුර වූ අවස්ථාවේදීත් වාහනයේ මත්පැන් බෝතල් දෙකක් තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

මාරක අනතුරු 3ක් සිදු කළ WP KO-1214 දරන වාහනය ලියාපදිංචි කර ඇත්තේ කාන්තාවකගේ නමකට වන අතර මේ වනතුරුත් එම කාන්තාවගෙන් කට උත්තරයක් හෝ ලබාගැනීමට පොලීසිය ක්‍රියාකර නැති බවයි වාර්තා වෙන්නේ.

දේශපාලන බලපෑම් එල්ලවන බවට පවතින මතය නිමා කොට මේවන විට කිසිදු බලපෑමකින් තොරව සිය වගකීම ඉටුකිරීමට පොලීසියට අවස්ථාව සලසාදී තිබෙනවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය 15 වෙනිදා නාරාහේන්පිට පොලීසියේ නව ‍පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.

එසේ පවසා සති 2ක් ඉක්මයෑමටත් පෙර දේශපාලන බලපෑම් මත මිනීමරුවන් අත්අඩංගුවට නොගැනීමෙන් එම ප්‍රකාශයේ වලංගුතාවය පිලිබඳ ගැටළු මතු කිරීමට සමත්ව තිබෙනවා. එම වීඩියෝව පහතින්.



අනතුර සිදුවීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් නිතිය ක්‍රියාත්මක නොවූ බවට නගන චෝදනා සහ අනතුරටපත් රථය බලන්න පහතින් 



පහත දැක්වෙන්නේ මිනී මැරුම් දෙකක් සිදුකර දේශපාලන සබඳතා නිසා නීතියක් ක්‍රියාත්මක නොවන වරාය සහ මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ ඥාති පුත් ලෙෂාන් ද සිල්වා නැමැත්තාගේ ජායාරූප කීපයකි.












-සම්බන්ඳිත ලිපි-
රත්තරං ජන්දෙට බරටම වැඩ කරලා


Read more: http://www.gossip9.com/2012/02/blog-post.html#ixzz1lDmy5fNm
 

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"