ජිවිතයක් බේර ගන්න පුංචි උදව්වක් කරනවද?



ජීවිතය කියන්නේබොහොම සුන්දර දෙයක්.අපි ජීවිතේදී කොච්චර හීන දකිනවද.දැකපු හීන සැබෑ වෙද්දී කොච්චර සතුටක් දැනෙනවද.සමහර හීන බිදිලා යනකොට දැනෙන්නේ දුකක්.හැබයි ජිවිතේ කියන්නේ දුකෙත්,සතුටෙත් එකතුවක්.සතුට, දුක, ආදරය, විරහාව සියල්ල මැද්දේ  ජිවිතේ විදිද්දී හදිස්සියේම ඔබට‍ පිළිකාවක්!! හැදිලා කියලාදැනගන්න ලැබුනොත් ඔබට‍ මොනවා හිතේවිද?. ඔබට‍ දැනේවි  මුළු ජිවිතෙම කඩාවැටුණු බවක්.අහස උසට මවපු හීන බොදවෙලා යද්දී...  ඔබට‍ හිතේවි මුළු ලෝකයම පාළු මුසල හිස් අවකාශයක් විතරයි කියලා.

නමුත් කවුරු හරි කිව්වොත් ඔබව සුව කරන්න පුළුවන් කියලා.එතකොට ඔබ ආයිමත් හීන දකින්න පටන් ගනීවි.බලාපොරොත්තුවක එළියෙන් ඔබේ ඇස් දිලිසෙවී.උදෙට ඉර නගින හැටි බලන්න........ගලායන ගංගාවක වතුර ගලන සද්දේ අහන්න........පිනිබිඳු වලින් තෙත් වෙච්ච තණ පලසක දිව යන්න..... වාසනාව නැවතත් ඔබට ලැබෙන බව දැනගත්තම ඔබේ මුව මත සිනහා මල් පිපේවි.....  එහෙත්!! ඔබේ ජීවිතය බේරා ගැනීමට  රුපියල් 220,000.00 ක මිලක් නියමවෙලා කියලා දැනගන්න ලැබුනොත්... ඔබේ අසරණ දෙමව්පියන්ට ඒතරම් වත්කමක් නොමැතිබව  දැනගන්න ලැබුනොත්....ඔබ ඔබට‍ම සාප කරාවි.දරාගන්න බැරි අසරණකමක් ඔබට දැනේවි.





වාසනාවට මේ වගේ තත්වයක් ඔයාට උදාවෙලා නැතත් ගාල්ලේ අක්මීමන පදිංචි ලක්ෂිකා තිළිණි මධුෂානීට ඉහත අත්දැකිමට මුහුණ දෙන්න වෙලා.තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරු වෙලා ඉන්න මධුෂානිගේ ලෝකය එළිය කරන්න ඔයාට පුළුවන්. මධුෂානිගේත් ඇගේ දෙමව්පියන්ගේත් දෙතොලට සිනහවක් ගෙන්න   ඔයාට පුළුවන්.මධුෂානිගේ මුළු ලෝකයම ආයිමත් මධුෂානිට දෙන්න ඔයාට පුළුවන්.


මධුෂානිට බෙහෙත් කරන්න රුපියල් 220,000.00ක මුදලක් වැයවෙනවා. නමුත් ඇගේ දෙමව්පියන්ට එතරම් වත්කමක් නැහැ.ඉතින් අපි එකතුවුනොත්  මධුෂානිව බේරගන්න පුළුවන්. එක් කෙනෙක්ගෙන් රුපියල් 100ක් එක්තුවුනත් 2200 ක් අධාර කරාම මධුෂානිව බේරගන්න පුළුවන්.නමුත් බැංකුවකට ගිහින් රුපියල් 100ක් දාන්න ලැජ්ජ හිනදා ඔයාට පුළුවන් රුපියල් 500කින් වත් ආධාර කරන්න.කරුණාකරලා ඔබට‍ හැකි මුදලක් පරිත්‍යාග කරන්න. අපි එකතුවෙලා  මධුෂානිට එයාගේ ජීවිතය එයාටම අයිතිකාරලා දෙමු.




ඇය ගැන තොරතුරු ,
නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී
ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති
ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·         බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව 
o  ගිණූම් අංකය : 1-0121-80-0775-6

·         වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට) 
o   Receiver Name : P.K.L.THILINI MADUSHANI
o   Expected payout location : Karapitiya , Galle, Sri Lanka
o   Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය   (MTCN )  සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි  සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.


·         ඔබේ පරිත්‍යාගය පිළිබඳ සහ වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු අංකය මෙම ලිපිනය වෙත යොමු කරන්න . cooperative.nts@gmail.com

·         මේ දියණියගේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමටhttps://www.facebook.com/cooperative.nts ඔස්සේ ඔබටද සම්බන්ධ විය හැක . ඔබේ පරිත්‍යාගයන් හි අය වැය සටහන් ලබා දීම ද මෙමඟින් සිදු වනු ඇත


***ඔබට මේ පිළිබඳ  තවත් තොරතුරු දැන ගන්නට අපේක්ෂා කරන්නේ නම් ,මෙතැන ක්ලික් කරන්න  
නැතහොත් දුරකථන අංක +94778166929 ඔස්සේ සම්බන්ධිකරණ නිලධාරි  සුජීව ආරියනන්ද මහතා අමතන්න .

   ****ඉහත දුරකථන අංක සම්බන්ධ කරගත නොහැකි  අවස්ථාවක  අංක 94913907751 මඟින් මෙම දියණිගේ පුහුණූ පාසලේ විදුහල්පතිතුමිය හෝ කාර්ය භාර නිලධාරිනියගෙන් අවශ්‍ය තොරතුරු දැන ගත හැක 





බ්ලොග් මිතුරනි , මේ පණිවිඩය ඔබ බ්ලොග් පිටුවේ සටහන් තබමින් තව දුරටත් මේ පණිවිඩය පතුරවමින් ඇයගේ ජීවිතය සුවපත් කරන්නට ඔබටත් ආරාධනා කරමි . අප ලද මිනිසත් බවයේ නිරාමිස සතුටක් ලබන්නට එයත් හේතුවකැයි මම සිතමි.



|මේම ලිපිය සොදුරු සුව අසපුව නැමති අඩවියේ පලවූ ලිපියක් දැකීම නිසා පල කරමි.එම අඩවියේ ඇති තොරතුරුවලට අමතර කිසිදු තොරතුරක් මේ සම්බන්ධයෙන් නොදනිමි.මෙම දැරියව හෝ සොදුරු සුව අසපුව අඩවියේ කතුවරයාව හෝ පෞද්ගලිකව නොදනිමි.නමුත් ඔවුන් සියලු තොරතුරු ඉදිරිපත් කර ඇති නිසා අනවශ්‍යය සැකයක් ඇතිකරගත යුතු නොවේ.මිනිසත්කමේ නාමයෙන් මේ පිලිබදව සොයා බලා උපකාර කරනා මෙන් ඉල්ලා සිටිමි.|

Source : Here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"