දියවඩන නිළමේ අධිකරණයේ තම වරද පිලිගනි



ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන වනිගසේකර මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නීලංග දෑල මහතා විසින් මහනුවර දිසා විනිසුරු ආර් ගුරුසිංහ මැතිතුමා ඉදිරියේ ජනවාරි 27 වන නඩු අංක ඩී.එස්.පි 00368/2012 ගොනු කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ වසර කිහිපයක වාර්ෂික අයවැය ඉදිරිපත් නොකිරීමේ වගකීම තමුන් අතින් අතපසු වී ඇති බවත් ගරු අධිකරණයෙන් ඒ පිළිබඳ සමාවක් අයදින බවය.

තවදුරටත් දියවඩන නිළමෙ වරයා ඉල්ලා සිටින්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා අධිකරණයට කැඳවා තමනට සහනයක් ඉල්ලා දෙන ලෙසයි.

මීට ප්‍රථම මාලිගාවේ අය වැය ඉදිරිපත් නොකිරීමට එරෙහිව විරෝධය පලකරමින් පසුගිය ජනවාරි 16 වන දින සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයේ සභාපති සුදන්ත සේනානායක මහතා විසින් මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මැතිතුමා හමුවේ පැමිණිල්ලක් ගොනු කරන ලදී.

බොහෝ මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරමින් දියවඩන නිළමෙවරයා තමන් වාර්ෂික අයවැය ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කල ද ඔහු විසින් මහ නුවර දිසා අධිකරණයේ 2012/01/27 දින ගොනු කල පෙත්සමින් කියා ඇත්තේ තමන් එකී වරද කල බව සහ එය තමන්ගේ ගණකාධිකාරී වරයාගේ අතපසු වීමක් බවයි. 

2007 වසරේ සිට සිදුවූ මෙම අතපසුවීම පිලිබඳව ඔහු දිසා අධිකරණයෙන් සහනයක් ඉල්ලා සිටින්නේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය තුලද එකී වරද සඳහාම නඩුවක් විභාග වෙමින් පවතින විටදීය. මාධ්‍යට කුමන ව්‍යාජ කරුණු ඉදිරිපත් කලද ගරු අධිකරණය තුලදී සත්‍ය සැඟවිය නොහැකි වන හෙයින් දැන් ඔහුගේ අරමුන වී ඇත්තේ වරද පිලිගෙන සහනයක් ලබාගැනීමයි.

ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ඉදිරිපත් නොකිරීමේ හේතු පිලිබඳව “සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය” ප්‍රකාශ කරන්නේ දියවඩන නිළමෙ වරයා විසින් කර ඇති අක්‍රමිකතා මෙයට හේතුව බවයි. මීට අමතරව ශ්‍රී දළදා මාලිගාවේ වත්කම් සමග කල දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී ඇති බව පවසන ඔවුන්, ඉන් පැමිණිලි දෙකක් (ගොනු අංක BC/728/2010/B88 සහ 1003/11) වර්තමාන දියවඩන නිළමේ නීලංග දෑලගේ පුද්ගලික සහකාර ලෙස සේවය කල නිහාල් ෆර්ඩිනැන්ඩො මහතා විසින් ඉදිරිපත් කර ඇති බවත් තවත් පැමිණිල්ලක් (ගොනු අංක BC/728/2010/B88) කොලොන්නේ ශාන්ත විජය හිමියන් විසින් ඉදිරිපත් කර ඇති බවත් මෙම පැමිණිලි පිලිබඳ විමර්ෂණ තවමත් අවසන් වී නැති බවත් ප්‍රකාශ කර සිටී.

මෙම පැමිණිලි සියල්ල අදාල වනුයේ දෑල මහතා ගිනුම් වාර්තා නොයැවූ පසුගිය වසර වලට වන අතර මෙනිසා දූෂිත ගනුදෙනු පිලිඹඳ සැකය වඩාත් තහවුරු වන බවද “සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය” ප්‍රකාශ කරයි. නිහාල් ෆෙර්ඩිනැන්ඩො මහතා විසින් සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයට ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේ කොටසක් මෙතනින් නැරඹිය හැකිය.

තවදුරත් ඔවුන් අප වෙත දන්වා සිටියේ අති විශාල ලෙස ශ්‍රී දළදා මාලිගාවේ නිශ්චල චංචල දේපල අව භාවිත කර ඇති නීලංග දෑල මහතා මෙම අවස්ථාවේ අධිකරණය තුල සහනයක් පතමින් තම දූෂණ වසා ගැනීමට මාන බලන බවයි, එසේ හෙයින් ඔවුන් තවදුරටත් පවසන්නේ රජයේ විගණකාධිපති මගින් කරන විගණනයක් තුලින් පමනක් මෙම ගැටළුව විසඳාගත හැකි බවයි,

මෙනිසා ඔවුන් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ලේකම්, ඇතුළු රාජ්‍ය නිළධාරින්ගෙන් සහ බුද්ධ ශාසන ගරු අමාත්‍ය වරයාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් අයැද සිටින්නේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ප්‍රකාරව රජයේ විගණකාධිපති මගින් ශ්‍රී දළදා මාලිගාවේ අයවැය විගණනය කරන ලෙසයි.


Read more: http://www.gossip9.com/2012/02/blog-post_5949.html#ixzz1lDlgofpU

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"