සර්චි එන්ජින් තිරිහන් වෙයි.(New Search Engines)

තුන්වෙනි පරම්පරාවේ සර්ච් රන්ජිමක්
සර්ච් එන්ජින් ඕනෑතරම් තිබේ. එහෙත් ගූගල් යාහූ බීන්ග්යනාදිය ඉදිරියෙන් සිටී. ඒ කිසිවෙකුටත් තරගයක් දෙන්නට බැරිය කියා හිතෙන තරමය. ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වනසුටීවන් වෝල්‍ෆ්රැම් මෙසේ නොසිතයි. හේ අලුත් තාලයේ සර්ච් එන්ජිමක් 2009 මැයි මාසයේ ලෝකයාට ලබාදුන්නේය. එයස්වභාවික සර්ච් එනජිමකි. ස්වභාවික සෙවුමක් (natural search) කියන්නේ ස්වභාවික ලෝකයේ ක්‍රමයට වැඩ කරන්නකි.දැන් තිබෙන සර්ච් එන්ජින් එසේ නැත. සෙවුම් වචනයක් දැමූවිට ඊට ගැලපෙන දේ පෙන්වයි. එතැන නොගැලපෙන දේ වැඩිපුරතිබේ. අවශ්‍යදේ ඉන් තෝරාගත යුතුය. නමුත් සවභාවික සෙවුමකදී ප්‍රශ්ණ අසන්නට පුලුවන, එනම් ඒවා සර්ච් එනජින් වෙබ්අඩවියේ සෙවුම් තිරයේ ලියන්නට පුළුවන. එවිට ඊට උත්තර ලැබේ. දැන් උත්තරයෙන් පැන නගින තවත් ප්‍රශ්ණයක් අසන්නටපුලුවන, එතැනින් තවත් ප්‍රශ්ණයක් අසන්නට පුලුවන. එය හරියට ස්වභාවික ලෝකයේදී යමෙකු සමග සංවාදයේ යෙදෙන්නාමෙනි. අසන ප්‍රශ්ණවලට උත්තර දෙන්නේ සර්ච් එව්ජිමේ විශේෂ පරිගණක වැඩසටහන මගිනි. එය කෘතිම බුද්ධියකි (artificial interligent) . වොල්ෆරැම් (wolfram) යනු මේ සර්ච් එන්ජිමේ නමයි. එහි නිර්මාතෘ ස්ටීවන් වෝල්ෆ් රැම් සිය නිර්මාණයේපසුබිම කියා තිබුනි. " මීට අවුරුදු පනහකට කලින් තිබුනු කොම්පියුටරය සරල යන්ත්‍රයක්, දැන් එහි විදුල් මොලයක් , ඒතරමට දියුණුවෙලා , ඒත් දැන් සර්ච් එන්ජින් වල ස්වභාවය අවුරුදු පනහක්ම පරණයි. මේ කරන්නේ ඒක අළුත් කිරීමක් "
මේ අනුව ගූගල් සර්ච් එන්ජිම පළමු පරම් පරාවේ සර්ච් එන්ජිමකි. දෙවෙනි පරම් පරාවේ සර්ච් එන්ජින් පරිශීලකයා සමගගනුදෙනු කරන්නේ හරියට යහළුවෙක් මෙනි. අසන අසන ප්‍රශ්ණයට ගැලපෙන උත්තර දෙයි. අද තිබෙන නොයෙක් සර්ච්එන්ජින්වලට මෙය විකල්පයක් නොවේ. එහෙත් අළුත් මාවතක් ගත්තකි. සර්ච් එන්ජින් තාක්ෂණය මෙමගින් අළුත් මගකටගෙනවිත් තිබේ. දැන් මෙම අළුත් තාක්ෂණය වැඩිදියුනු කරමින් සිටී. ඒ අනුව අනාගතයේදී ඉතා දියුණු සර්ච් එන්ජින් බිහිවනුඇති.

Comments

Popular posts from this blog

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

Facebook Password Reset කරන්නේ කොහොමද?

ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය...