ඩයලොග් මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ්..!




ශ්‍රී ලංකාවේ වර්ථමානය වනවිට ජංගම දුරකථන සේවා ලබා දෙන ආයතන පහෙන් තුනක්ම අදි වේගී පුළුල් පරාස අන්තර්ජාල සේවා ලබා දෙනවා... මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් වල සුව පහසුව අත් විදින්නන් විදින පහසුව පිලිබදව සතුට ප්‍රකාශ කිරීමටයි. ශ්‍රී ලංකාවේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් අතරින් අපි ඉස්සෙල්ලාම බලමු ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් වල සුව පහසුව ගැන. ලංකාව පුරා 3G ආවරණය ලබාදෙමින් අදිවේගී ලෙස අන්තර්ජාලයට සම්බන්ද වීමේ අවස්තාව ලබා දී ඇත. ඒ අනුව මේ වනවිට අන්තර්ජාල වේගය පහත දැක්වේ.
ඩෝන්ගලයක් රු-5490 (ඩෝන්ගලේ විතරක් දෙන්නේ නැහැ, දෙකම ගන්නම ඕනළු, ඇඹිලිපිටියේ අපට ඉන්ටනෙට් මැජික් ඩයලොග්ලා පෙන්වන්නේ මෙහෙමයි.) කට ලබා දෙමින් පැකේජ රු-490 සිට ලබා දෙමින් අන්තර්ජාල සේවා ලබා දෙයි. මෙහිදී ඩෝන්ගලය ලොක් කොට ලබා දෙයි. මෙහිදී ඔබට ඉහත ප්‍රස්ථාරය මගින් එහි වේගය පෙනෙනවා ඇත. මෙහිදී අන්තර්ජාල වේගය මෙගා බයිට් එකක වේගයක් ලබා දෙයි. එය කියන ආකාරයෙන්ම සියළුදෙනාටම ලැබෙන බව නොරහසකි. එම වෙගය අපද අත් විදී. මම එයින් කුල්මත් වී ඇත. මා අන්තර්ජාලයට ගිය විට දවස යනවා මට නොදැනේ. අන්තර්ජාලය තුල මම දවස පුරාම සුන්දර අත්දැකීම් ලබා ගනී. ඒත් මම හවස බලන විට දවසේම අන්කර්ජාලයේ ගියත් එහි ඩවුන්ලෝඩ් ප්‍රමානය මෙගාබයිට් 35.43 කි. පැය අටක් අන්තර්ජාලයේ මම පීනුවත් මාගේ ඩවුන්ලෝඩ් ප්‍රමානය මෙගාබයිට් 35.43 කි. එයින් ඔබට තේරෙනවා ඇති අන්තර්ජාලයේ වෙගය, Download Speed 2kbps and Upload Speed 1kbps වේ. සමහර විට එය ඉහත පරිදි වන බව කරුණාවෙන් සලකන්න.
ඉහත වගුවට අනුව බින්දුවට වේගය ආවිට පැය දෙක තුනක් පමණ එසේමය. පාරි‍භෝගික සේවා අංශය පවසන්නේ අපගේ අන්තර්ජාල වේගය ඉතාමත් ඉහල බවතී. කිසිම ලෙඩක් නැත. මාසික ගාස්තුව නිසිලෙස අයකරමින් ගන්නා මුදලට ඉහලම සේවයක් ලබාදෙමින් ඩයලොග් ඉන්ටනෙට් ලබාදෙයි. ඒ වගේම රට පුරා විහිදී ඇති ශඛා ජාලය තුල එම එක් එක් ශාඛාවල අය බ්‍රෝඩ් බෑන්ඩ් සබදතා සහ ඩෝන්ගල් තමන්ගේ කොමිස් එකත් තියාගෙන විකුණයි. එවැනි ශාඛා කිහිපයක්ම ඇතත් ඇඹිලිපිටිය ශාඛාවට හොද තැනක් හිමි වේ. ඇඹිලිපිටිය ශාඛාවේ අන්තර්ජාල පැකේජ විකුණන්නේ තමන්ගේ අතේ ගාණක් තියාගෙනය. ඇඹිලිපිටිය වැනි දුශ්කර ප්‍රදේශයකට අන්තර්ජාලය අළුත් දෙයක් නිසා ඩයලොග්ලා හිතෙන හිතෙන විදියට බ්‍රෝඩ් බෑන්ඩ් දෙනවා. ඩෝන්ගල් එක පමණක් දෙන්නේ නැති එකම ආයතනය ඇඹිලිපිටිය ඩයලොග් ආයතනය විතරයි. ඒකනේ.. මම කිව්වේ ඇඹිලිපිටියේ බ්‍රෝඩ් බෑන්ඩ් දෙන්නේ හිතෙන හිතෙන විදියට කියලා... ඒ වගේම ලංකාවෙන්ම තියන හොදම ඩයලොග් ශාඛාව ඇඹිලිපිටියනේ... මොකද පාරි‍භෝගික පිලිගැනීම ඉතාමත් ඉහලයි..., එකපාරක් ගියොත් බිල ගෙවන්නවත් යන්න හිතෙන්නේනෑ... ඒකෙ ඉන්න මහත....වරු.. පිටසක්වලින් ආපු අයනේ... ඒක නිසා තමන්ට ඕනෑ විදියට තමයි සල්ලි ගන්නේ. සේවා ලබාදෙන්නෙත් එහෙමමයි. අපිට ඕනවට තමයි ඒ ශාඛාව පවත්වගෙන යන්නේ මොකද ඒක නැති වුනොත් අපිට ඉන්ටනෙට් ගන්න ‍මොබිටෙල් ටෙලිකොම් ඇඹිලිපිටියේ නැහැනේ. ඒක නිසා ද කොහෙද. ඒ වගේම රටටම සන්නිවේදන පහසුකම් දිදී දුරකථන පවා ලබාදුන්නත් තමන්ට දුරකථනයක් පාවිච්චි නොකරන ඩයලොග් ශඛාවක් තියෙනවා ඒක තමයි ඇඹිලිපිටිය ශාඛාව, එහි මේවනවිට දුරකථනයක් නැහැ ප‍ාරිභෝගිකයකුට විමසීමක් වත් කරන්න. මේවට කියන්නේ වඩුවගෙ ගෙදර පුටුව නැහැයි කියල‍ා. බොරු පම්පෝරි විතරයි.
ඩයලොග් ඉන්ටනෙට් විතරක්නෙමෙයි කොල් ගත්තත් එහෙමමයි. සල්ලි කපනවා හේතුනැහැ. හොට් සෙක්සි ලයින් ගත්තම අපට හොට් හොට් කතා කියලා අන්දන්න හදනවා. මේකයි මහත්මයා වෙලා තිබෙන්නේ ජාලයේ ප්‍රශ්ණයක් එක නිසයි මේ කැපිලා තියෙන්නේ, හැබැයි සල්ලිනම් ආපසු දාන්න බැහැ මොකද සිස්ටම් එකට අපි කියල නෙමෙයිනේ සල්ලි කපල තියෙන්නේ එහෙමයි හොට් ලයින් දමන ගර්ල්ස්ලා පානිය දමන්නේ... ඩයලොග්ලාගේ පානීය සල්ලි කඩා ගන්න විතරයි. සිස්ටම් දෝශනිසා සල්ලි කැපුනම ඒවට වගකියන්න ඕන අපිද? නැත්නම් කනු අටෝගෙන ඉන්න ඩයලොක්ලද?. ඉන්ටනෙට් ගාස්තු ලංකාවෙන්ම අඩුවෙන්ම අය කරන්නේ ඩයලොග්ලා විතරයි. මෙම හේතු නිසා ඔබට ඩයලොග් එපා වී හෝ වෙනයම් හේතුවක් නිසා ඔබගේ මෙම සේවාවන් වලින් ඉවත් වීමට අවශ්‍ය වුවත් ඔබට වෙනත් සිම් එකක් බාවිතා කල නොහැකි ලෙස ඩෝන්ගල් එක ලොක් කොට ලබා දේ, නමුත් ඔබට එම ඩෝන්ගලයම වෙනත් සිම් එකක් දමන්න පුළුවන් විදියට සකසා ගත හැක. ඒ සදහා මෙයින් ඩෝන්ගල් අන්ලොක් පිටුවට පිවිසෙන්න. පෙන්වන්නම් මුල සිට සරලව ලොක් එක කඩන හැටී.... සිම්පල් නේ....
ඔය යට තියෙන කොටුවෙ මේ ගැන හිතෙන යමක් තියනව නම් ලියා තියන්න....

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"